ෂි යෑන් සික්ස් චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවේ වාණිජ මුහුදු කලාපයට ඇතුළු වෙයි
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ චීන පර්යේෂණ නෞකාවක් වන ෂි යෑන් සික්ස් නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවේ වාණිජ මුහුදු කලාපයට ඇතුළු වී ඇති අතර, එම නෞකාවට මෙරටට පැමිණීමට ආරක්ෂක අමාත්‍යාංශය අවසර ලබා දී ඇති බවයි.
කෙසේවෙතත්, මෙම පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර ලබා නොදෙන ලෙසට ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සලකා බලමින් පවතින බව ද හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරයි.
ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, මේ වනවිට එම නෞකාව ඉන්දියාවේ චෙන්නායි නුවරට කිලෝමීටර 500 ක් නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු සීමාවේ ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් පවතින බවයි.
කෙසේවෙතත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් පසුගිය 11 වැනිදා කොළඹදී කළ සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් හිමි නොවූ බව ද එම මාධ්‍ය වාර්තා පවසයි.
එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ, “ෂි යෑන් 06“ චීන පර්යේෂණ නෞකාවට කොළඹ වරායට ඇතුළු වීමට අවසර ලබා දුන් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පසුගිය 09 වැනිදා පුවත්පත් වෙත ප්‍රකාශකර ඇති බවයි.
චීනය, ඉන්දියාව සහ අමෙරිකාව අතර පවතින විශාල බල එදිරිවාදීකම්වලට පැටලීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි එහිදී පවසා තිබූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.
මේ අතර, අමෙරිකානු නාවික හමුදාවට අයත් USNS බ්‍රන්ස්වික් නෞකාව පසුගිය බදාදා කොළඹ වරායේ නැංගුරම් ලා ඇති බවත්, “ෂි යෑන් 06“ නෞකාව ශ්‍රී ලංකාවට ළඟාවන දිනය පිළිබඳව මෙතෙක් නිශ්චිත දින වකවානුවක් ප්‍රකාශ වී නැති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අදාළ චීන නෞකාව පසුගිය සති 02 පුරා චීන මෙහෙයුම් යටතේ පවතින හම්බන්තොට වරායට කිලෝමීටර 1000ක් නැගෙනහිරින් ස්ථානගතව පැවති බවයි.
කෙසේවෙතත්, පසුගිය ජූලි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරය අතරතුරදී එකිනෙකාගේ ආරක්ෂක අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් දෙරට එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දුන් බවත් ඉන්දීය මාධ්‍ය සිය වාර්තා මගින් සිහිපත්කර තිබේ.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, චින ජනාධිපතිවරයාගේ ආරාධනය මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිරතව සිටින චීන සංචාරය අතරතුර අදාළ නෞකාව සම්බන්ධ අවසන් තීරණය ගනු ඇති බවයි.
පසුගිය 05 වසර තුළ චීන නෞකා ඉන්දීය සාගර කලාපය තුළ ක්‍රියාකාරී වී, නිල් ජල නාවික හමුදාවක් ලෙස වර්ධනය වී ඇති බවත්, යුද නෞකා, බැලැස්ටික් මිසයිල ලුහුබැඳීම්, සමීක්ෂණ හා පර්යේෂණ යාත්‍රා ඇතුළුව 2019 වසරේදී වාර්තාගත චීන නෞකා 29, ක් වන අතර 2020 වනවිට නෞකා 39ක් දක්වා වර්ධනය වී ඇතැයි ද ඉන්දීය වාර්තා පෙන්වා දෙනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..