
ෂි යෑන් සික්ස් චීන පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවේ වාණිජ මුහුදු කලාපයට ඇතුළු වෙයි
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ චීන පර්යේෂණ නෞකාවක් වන ෂි යෑන් සික්ස් නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවේ වාණිජ මුහුදු කලාපයට ඇතුළු වී ඇති අතර, එම නෞකාවට මෙරටට පැමිණීමට ආරක්ෂක අමාත්‍යාංශය අවසර ලබා දී ඇති බවයි.
කෙසේවෙතත්, මෙම පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර ලබා නොදෙන ලෙසට ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සලකා බලමින් පවතින බව ද හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරයි.
ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, මේ වනවිට එම නෞකාව ඉන්දියාවේ චෙන්නායි නුවරට කිලෝමීටර 500 ක් නැගෙනහිරින් බෙංගාල බොක්ක මුහුදු සීමාවේ ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් පවතින බවයි.
කෙසේවෙතත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් පසුගිය 11 වැනිදා කොළඹදී කළ සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් හිමි නොවූ බව ද එම මාධ්‍ය වාර්තා පවසයි.
එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ, “ෂි යෑන් 06“ චීන පර්යේෂණ නෞකාවට කොළඹ වරායට ඇතුළු වීමට අවසර ලබා දුන් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පසුගිය 09 වැනිදා පුවත්පත් වෙත ප්‍රකාශකර ඇති බවයි.
චීනය, ඉන්දියාව සහ අමෙරිකාව අතර පවතින විශාල බල එදිරිවාදීකම්වලට පැටලීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි එහිදී පවසා තිබූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.
මේ අතර, අමෙරිකානු නාවික හමුදාවට අයත් USNS බ්‍රන්ස්වික් නෞකාව පසුගිය බදාදා කොළඹ වරායේ නැංගුරම් ලා ඇති බවත්, “ෂි යෑන් 06“ නෞකාව ශ්‍රී ලංකාවට ළඟාවන දිනය පිළිබඳව මෙතෙක් නිශ්චිත දින වකවානුවක් ප්‍රකාශ වී නැති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අදාළ චීන නෞකාව පසුගිය සති 02 පුරා චීන මෙහෙයුම් යටතේ පවතින හම්බන්තොට වරායට කිලෝමීටර 1000ක් නැගෙනහිරින් ස්ථානගතව පැවති බවයි.
කෙසේවෙතත්, පසුගිය ජූලි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරය අතරතුරදී එකිනෙකාගේ ආරක්ෂක අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් දෙරට එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දුන් බවත් ඉන්දීය මාධ්‍ය සිය වාර්තා මගින් සිහිපත්කර තිබේ.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, චින ජනාධිපතිවරයාගේ ආරාධනය මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිරතව සිටින චීන සංචාරය අතරතුර අදාළ නෞකාව සම්බන්ධ අවසන් තීරණය ගනු ඇති බවයි.
පසුගිය 05 වසර තුළ චීන නෞකා ඉන්දීය සාගර කලාපය තුළ ක්‍රියාකාරී වී, නිල් ජල නාවික හමුදාවක් ලෙස වර්ධනය වී ඇති බවත්, යුද නෞකා, බැලැස්ටික් මිසයිල ලුහුබැඳීම්, සමීක්ෂණ හා පර්යේෂණ යාත්‍රා ඇතුළුව 2019 වසරේදී වාර්තාගත චීන නෞකා 29, ක් වන අතර 2020 වනවිට නෞකා 39ක් දක්වා වර්ධනය වී ඇතැයි ද ඉන්දීය වාර්තා පෙන්වා දෙනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
