
ශ්‍රී ලංකාව ඉටුකළ යුතු කරුණු 16ක් ගැන IMF වාර්තාවක් එළියට
ඉදිරි මාස 03ක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ප්‍රමුඛත්වය ලබාදී ඉටුකළ යුතු කරුණු 16ක් ඇතුළත් විශ්ලේෂණාත්මක ඇගයීම් වාර්තාවක් ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් ඉකුත්දා මෙරට තුළ සිදුකළ සංචාරයෙන් පසු නිකුත් කර ඇති මෙම වාර්තාවේ මෙරට මුල්‍ය පාලනයේ සහ කළමනාකරණයේ දුර්වලතා රැසක් ද පෙන්වා දී තිබීම විශේෂත්වයකි.
එහි දක්වා ඇති ප්‍රධාන දුර්වලතාව වන්නේ අයවැය මඟින් ඇස්තමේන්තු කර ඇති ආදායම් එක්රැස් කිරීමට නොහැකිවීමය.
එමෙන්ම වියදම් සීමාවන්ද ඉක්මවා යාම හේතුවෙන් අයවැය පිළිබඳ විශ්වාසනීයත්වය බිඳවැටෙන බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.
2014 වසරේ සිට සෑම වසරකම මෙරට ආදායම් ඉලක්ක සැබෑ ආදායම් එක්රැස්කීරිමට වඩා 16.9%ක ඉහළ සාමාන්‍යයකින් යුක්තවන බව මෙම වාර්තාවේ සඳහන් වේ.
එසේම 2019,2020 සහ 2022 වර්ෂවල අයවැයෙන් ඇස්තමේන්තුගත වියදම 6.3%ක සාමාන්‍යයකින් ඉක්මවා ඇති බවද මුල්‍ය අරමුදල පෙන්වා දී ඇත.
මෙලෙස අයවැය පරතරයේ ඉලක්ක සපුරාගත නොහැකිවීම දැවැන්ත ණය හිඟයකට හේතු වී ඇති බව මුල්‍ය අරමුදලේ වාර්තාවේ දැක්වේ.
අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ අයවැය විශ්වාසනීයත්වයකින් තොරවීම දූෂණ අවදානම ඉහළ නංවා ඇති අතර එම විශ්වාසනීයත්වය ඉහළ නැංවීම සඳහා නිසි ආදායම් පුරෝකතනයක් සිදුකළ හැකි මධ්‍යකාලීන මුල්‍ය යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවය.
තිරසාර ආදායම් ජනනයක් සඳහා බදු ප්‍රතිපත්තියේ මුලික වෙනස්කම් රැසක් සිදුකළ යුතුව ඇතිබවත්, සියලු බදුවලට අදාළව බදු පරිපාලන පනතක් ක්‍රියාවට නැංවීමටත් එමඟින් බදු ගෙවීම් පැහැර හරින්නන් සහ අල්ලස් ලබාගන්නා බදු නිලධාරීන්ට අපරාධ චෝදනා ගොනුකිරීම ඇතුළු දැඩි දඬුවම් පමුණුවීමට හැකි ආකාරයේ වගන්ති ඊට ඇතුළත්විය යුතු බවත් ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල පවසා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
