
විධායක අධ්‍යක්‍ෂවරයාගේ නිල මුද්‍රාව හොරට ගසා ගෙන්වූ කෝටි 650ක එන්නත් ඉවතට
රාජ්‍ය ඖෂධ සංස්ථාවේ විධායක අධ්‍යක්‍ෂවරයාගේ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස භාවිත කර මෙරටට ගෙන් වූ රුපියල් කෝටි හයසිය පනහකට අධික වටිනා (ඩොලර් මිලියන 20) immunog lobulin නමැති ප්‍රතිදේහ එන්නත් කුප්පි 22,500 ක් භාවිතයෙන් ඉවත්කර දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රතිදේහ එන්නත භාවිත කළ මහනුවර, කොළඹ ජාතික රෝහල, මාතලේ සහ මාතර රෝහල් හතරේ වෛද්‍යවරුන් එන්නතේ අහිතකර ප්‍රතික්‍රියා පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිලි කර ඇත.
මෙම එන්නත් කුප්පි මෙරටට ගෙන ඒමේදී ඖෂධ සංස්ථා විධායක අධ්‍යක්‍ෂවරයාගේ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස භාවිත කිරීමෙන් නොනැවතී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ද මුලා කොට එම තොගය මෙරටට ගෙනැවිත් ඇති බවද වාර්තා වේ.
ඉන්දීය සමාගමක් මගින් මිලදී ගෙන ඇති මෙම එන්නත් කුප්පි තොගය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය අත්හැරීම යටතේ ආනයනය කර ඇතැයි ද හෙළි වී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසන්නේ නිසි ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමකින් තොරව මෙවැනි ඖෂධ ගෙන්වීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවන බවත්, එනිසා වගකීම් භාර නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
