
අතුරුදන්ව සිටි කාන්තාවකගේ කවන්ධ මළසිරුරක් හමුවේ
ටී.ජී.ප්‍රදීපා නමැති 51 හැවිරිදි කාන්තාවක් පසුගිය 27 වැනිදා උදෑසන සිට අතුරුදන් ව ඇති බව පවසමින් ඇය ගේ දියණිය විසින් මුල්ලේරියාව පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබිණි.
ඒ අනුව මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අදාළ දිනයේ දී සීසීටීවී දත්ත පරීක්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවනු ලැබු අතර, එහිදී අනාවරණ වී ඇත්තේ, අදාළ කාන්තාව අංගොඩ සිට කඩුවෙල දක්වා නිල් පැහැති ත්‍රිරෝද රථයකින් ගොස් ඇති බවයි.
කඩුවෙල නගර මධ්‍යයේ පිහිටි ආපණ ශාලවක් ඉදිරිපිටට පැමිණෙන ඇය, එහි රථ ගාලේ නවතා තිබූ මෝටර් රථයක රියදුරු අසුනේ සිටි පුද්ගලයකු සමඟින් එම ආපණ ශාලවට යන ආකාරය ද සීසීටීවී කැමරාවේ පටිගත වී තිබිණි.
එහි දී එම කාන්තාව විසින් ආහාර මිල දී ගෙන දෙදෙනාම විනාඩි 10ක් පමණ ආහාර ලබා ගැනීමෙන් පසු එම ස්ථානයෙන් පිට ව යන අයුරු ද එහි වූ සීසීටීවී කැමරාවක සටහන් ව ඇත.
ඔවුන් පිට ව යන්නේ, KI 3030 දරන අලු පැහැති මෝටර් රථයකින් වන අතර, එතැන් සිට අදාළ කාන්තව අතුරුදන් ව ඇති බව පොලීසිය පවසයි.
පසු ව මුල්ලේරියාව පොලීසිය විසින් අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් සිදු කළ සොයාබැලීමේ දී අනාවරණ වී ඇත්තේ, එය සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන සුධීර වසන්ත නම් පුද්ගලයෙකුට අයත් වූවක් බවයි.
ඔහු සම්බන්ධයෙන් සිදු කළ සොයාබැලීමේ දී අනාවරණ වී ඇත්තේ, අදාළ කාන්තාව ඔහු සමඟ වසර 20ක පමණ සිට සමීප සබඳතාවක් පවත්වා ඇති බවයි.
ඔවුන් දෙදෙනා අතර කලක පටන් මුදල් ආරවුලක් හේතුවෙන් බහින් බස්වීම් සිදු ව ඇති අතර, දෙදෙනාම විවාහකයන් බව පොලීසිය සඳහන් කර ඇත.
අනතුරු ව ඔහු ගේ සියඹලාපේ ප්‍රදේශයේ පිහිටි අත්හැර දමා ඇති නිවසක් පොලීසිය විසින් පරීක්ෂා කිරීමේ දී එහි කාමරයක් තුළ තිබී දිගු කෙස් සහ ලේ පැල්ලම් මෙන්ම එම නිවසින් පිටත අර්ධ වශයෙන් පිලිස්සී තිබූ ලේ පැල්ලම් සහිත කාන්තා ඇඳුම් කොටස් ද සොයාගෙන තිබේ.
ඒ පිළිබඳ සපුගස්කන්ද පොලීසියට දැනුම්දීමෙන් අනතුරු ව ඔවුන් විමර්ශන සිදු කරන අතරතුර දී ඊයේ දහවල් අදාළ නිවසට කිලෝ මීටරයක් පමණ දුරින් වූ කැලණි ගඟේ ඉවුරක තිබී හිස හා අත් පා නොමැති කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ, අදාළ සිරුර දින දිකක සිට අතුරුදන් ටී.ජී ප්‍රදීපා නම් 51 හැවිරිදි කාන්තාව ගේ බවට ඇය ගේ ඥාතීන් විසින් ඊයේ පස්වරුවේ හඳුනාගත් බවයි.
එමෙන්ම ඇය සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතන බව ද ඔහු සඳහන් කළේය.
මේ වනවිට සුධීර වසන්ත නම් 55 හැවිරිදි අදාළ පුද්ගලයාට විදෙස්ගමන් තහනමක් ද පනවා තිබේ.
- අද දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
