News Category
From Date
To Date
Maximum Number of Result

විමල්ගෙන් වෙසක් දින පණිවුඩයක්..

May 30, 2026 at 10:25 AM
|

නිර්මල බුදු දහම,  මත ගොඩනැගුන සභ්‍යත්වය කොතරම් සුවිශේෂී වටිනාකමකින් යුක්තදැයි අප වටහාගත යුතු බවත්, මේ දහම රැක ගත යුත්තේ අප වෙනුවෙන්ම පමණක් නොව අන්‍යයන් වෙනුවෙන් සහ උප නූපන් සියළු ජීවීන් වෙනුවෙන් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

වෙසක් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත්කරමින් ඒ මහතා මේ බව පවසයි.

එම පණිවුඩය පහළින්.. 

වෙසක් සඳ සිසිල...

"ආණ්ඩුව නුඹලා සතු වූ නමුත් මේ රට නුඹලාගේ නොව අපේය. නුඹලා මෙහි පැමිණ සිටින්නේ අපේ පොළොවෙන් යමක් සපයාගෙන සිය රටේ හෝ මේ රටේම හෝ පදිංචිව කා බී ප්රීේතිමත් වීමට ය. අප මේ රටේ ඉපද සිටින්නේ අවුරුදු 2000 කට වඩා ඉපැරණි ඉතිහාසයකට අයත් ධර්මයත්, ශාස්ත්රමයත්, ජනතාවත් සඳහා ය."

සුදු අධිරාජ්යරවාදී පාලනය පිළිබඳව එසේ වදාලේ ත්රිනපිටක වාගීශ්වරාචාර්ය හික්කඩුවේ ශ්රී  සුමංගල නාහිමියෝය. උන්වහන්සේ සඳහන් කරනු ලබන ධර්මය අප ලද අමිල දායාදයයි. "සබ්බං වේ අමතා වාචා - ඒස සම්මෝ සනන්තනෝ" යනුවෙන් වදාළේ ගෞතම බුදුරජාණන් වහන්සේ ය. එහි අර්ථය වන්නේ, "සත්යයම අමුර්ත වචනයයි. එය සදාතනික ධර්මයයි" යන්නය. සත්යයම ධර්මය වූ කල එය අමිල වටිනාකමැති දායාදයක් නොවන්නේ කෙසේ ද?

මේ දහම යාගය තුරන් කළේය. දානය හුරු කළේය. මනුෂ්ය යන් කෙරෙහි පමණක් නොව සියළු සත්වයන් කෙරෙහි "නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !" යැයි ප්රා ර්ථනා කරන්නට තරම් උසස් මනසක් නිර්මාණය කළේය. ජාතක කතා වස්තුවල බෞද්ධ රජවරුන් අනුගමනය කළ යුතු දසරාජධර්ම ලෙස හඳුන්වන ලද එක්තරා ව්ය්වස්ථානුකූල නීති මාලාවක් මේ දහම තුළ අන්තර්ගතව තිබේ. ඒවානම්,

1. දාන (දුප්පත් රට වැසියාගේ හිත සුව පිණිස රජු විසින් අනුගමනය කළ යුතු සුබසාධන ප්ර්තිපත්තිය මෙමගින් අදහස් කෙරේ.) 

2. සීල (පස් පව් වෙතින් වැලකී නිවැරදි රාජකීය ජීවිතයක් ගත කිරීම)

3. පරිච්චාග (රටවැසියාගේ යහපත සඳහා පරිත්යාකගශීලීව කටයුතු කිරීම)

4. අජ්ජාව (සෘජුව සහ අවංකව ක්රිායා කිරීම)

5. මද්දව (මෘදු ගති ගුණයෙන් යුක්තව සහ කරුණාවන්තව රට වැසියාට සැලකීම)

6. තප (කෙලෙස් හැඟීම් යටපත් කර ගනිමින් සුඛෝපභෝගී බවින් තොර වූ චාම් ජීවිතයක් ගත කිරීම)

7. අක්කෝධ (නොකිපීම, එමඟින් සතුරන් සහ විරුද්ධකරුවන් රට තුළ ඇතිකර ගැනීමෙන් වැළකීම)

8. අවිහිංසා (අවිහිංසාවාදී ප්රඑතිපත්තියක් අනුගමනය කිරීම. සියලුම සත්ව ප්ර ජාවට තම විජිතය තුළ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම)

9. ඛන්ති (ඉවසීම)

10. අවිරෝධතා (හැකි තරම් මහජන මතයට එකඟව ක්රි්යා කිරීම සහ ඊට එරෙහි නොවීම)

මීට අමතරව, කූටදන්ත සූත්රැයේ රජ කෙනෙකු සතු විය යුතු ලක්ෂණ පිළිබඳව ද දක්වා තිබේ. බහුශ්රැදතභාවය (බහුස්සුතෝ), නුවණැතිභාවය (පණ්ඩිතෝ) සහ වියත්භාවය (වියත්තෝ) යනු එම ලක්ෂණ වේ. මහා සුදස්සන සූත්රුයේ දක්වා ඇත්තේ පියකු තම දරුවන්ට ප්රිවය උපදවන ආකාරයෙන් පවතින්නාක් සේම රජු ද තම රට වැසියාහට ප්රිණයව පැවැතිය යුතු බවය. සූත්ර  පිටකයේ එන කරුණු අනුව, ආර්ථික වශයෙන් රට සංවර්ධනය කිරීම, සමාජයීය වශයෙන් දුගී බව තුරන් කිරීම, දේශපාලන වශයෙන් රටේ සාමය හා ස්ථාවරත්වය ඇති කිරීම, රටවැසි ජනතාවගේ සදාචාරාත්මක සහ ‍අධ්යාමත්මික වර්ධනය ඇති කිරීම යන යුතුකම් රජ කෙනෙකු සතු වේ. 

මේ උරුමය මත බිහි වූ මහරජගැමුණු ක්‍රි.පූ. 137 දී මරණාසන්නව සිටිය දී සිය සත් ක්රිරයාවන් සිහිපත් කළ අන්දම මහාවංශයේ සඳහන්ව ඇත්තේ මෙසේය.

"මා විසින් විවිධ ස්ථාන 18 ක පිහිටු වූ රෝහල් මගින් රෝගීන්ට ප්රධතිකාර කිරීමට වෛද්යාවරු, ඖෂධ හා සුදුසු ආහාර පිරිනැමීමට කටයුතු කළා"

එම දියුණු මගම ගත් බුද්ධදාස රජු පිළිබඳව මහාවංශයේ සඳහන්ව ඇත්තේ මෙසේය.

"දරුවන්ට දෙමාපියන් දක්වන සැලකිල්ල සේම සිය යටත්වැසි මිනිසුන්ට සැලකීමට රජු උත්සාහ ගත්තේය. ධනය ඔවුන් වෙත බෙදා දීමෙන් ද ජීවිතයේ සතුට හිමිකර දීමෙන් ද යහපත් දිවි පෙවෙතකට මග පෙන්වීමෙන් ද ඔහු ජනයාට සේවය කළේය. එපමණක් ද නොව ඔහු රෝග පීඩාවට පත් වූවන්ට ප්රහතිකාර කිරීම ද කළේය."

මේ මග මහා පරාක්රීමබාහු රජු ද අනුගමනය කළේය. ඒ ක්රිු.ව. 1150 වන විට ය. ඒ ගැන "මහාවංශය" පවසන්නේ මෙසේය.

"මෙම නරපතියා විසින් රෝගී ස්ත්රීස පුරුෂ සිය ගණනකට නැවතී ප්ර‍තිකාර කරගත හැකි විශාල ශාලාවක් ගොඩනංවන ලදී. එහි තිබීමට අවශ්යැ දෑ පහත පරිදි සපයන ලදී. සෑම රෝගියකුටම ගැහැණු හා පිරිමි සේවකයකු බැගින් සපයන ලද අතර ඔවුන් විසින් රෝගියාට ආහාර සැපයීම ඇතුළුව දිවා රාත්රීක සත්කාර කිරීම අපේක්ෂා  කරන ලදී. ඒ අසළ පිහිටුවන ලද ගබඩාවල ආහාර සඳහා ධාන්යා ඇතුළු ද්රසව්යඅ රැස්කර තිබිණි. ඒ අතරම ඖෂධ ගබඩා ද පවත්වාගෙන යන ලදී. රෝග පිළිබඳ මනා අවබෝධයක් ඇති වෛද්ය වරුන්ගේ සේවය එම රෝගීන් වෙත ලබාදෙන ලදී. එම වෛද්යනවරු නඩත්තු කිරීමට ද ප්රනතිපාදන වෙන් කරන ලදී. රෝගීන්ගේ අවශ්යදතා සැපයීමට අවශ්යද දේ දිවා, රාත්රී් සැපයීමට වෛද්ය  උපදෙස් ලැබිණි. සිව් පොහොය දිනවල දී රජු සිය රාජාභරණ හා ඇඳුම් ඉවත්කොට පිරිසිදු ඇදුමින් සැරසී ශීලය සමාදන් වී සිය ඇමතිවරුන් සමඟ මේ ගිලන් රෝහලට පැමිණ සුව දුක් විමසීමේ නිරත විය."

බුද්ධදාස රජු (ක්රිර.ව. 340 - 369) සෑම ගම්මාන දහයකටම එක් වෛද්යනවරයකු බැගින් පත්කරන ලද බව සඳහන් වන්නේ ද මහාවංශයේමය.

දොරබාවිල ටැම් ලිපියේ, "ව්යමවස්ථා නොරක්නා රජවරුන්, ඈදපා, මාපාදින් කවුඩු බලු වන" වග සඳහන්ව තිබේ. ඒ මේ ධර්මයේ උරුමය අනුව යමිණි. මැදිරිගිරිය ශිලා ලිපියෙන්ද තහවුරු වන්නේ එකල පැවති රෝහල් හි විධිමත් පරිපාලනයක් සේම, උසස් සේවා තත්වයක් ප්ර ජාව වෙත ලබාදීමට රාජ්යම මට්ටමේ පැවති උනන්දුව ය.

3 වන විජයබාහු රජු පිළිබඳව "රාජ රත්නාකාරය" නම් වූ ඓතිහාසික ලේඛණයේ සඳහන් වන්නේ සෑම ගමකම පාසැල් ආරම්භකර භික්ෂූන් එහි ප්රයධානත්වයට පත්කරන ලද බවයි. බොහෝ විට, ඒ අපගේ පාඨශාලා අධ්යා‍පනයේ ආරම්භය විය හැක. නොඑසේනම්, එය ඊටත් එපිටට ගලා යා හැකිය. එම පාසල්වල ඉගෙනුම ලබාගන්නවුන්ගෙන් කිසිවක් අයකර නොගැනුන බවත්, පිරිවැය රජු විසින්ම දරන ලද බවත් එහි තවදුරටත් සඳහන්ව තිබේ. රජු විසින් කලින් කලට අධ්යාසපනය ලබන ශිෂ්ය  පිරිසගේ අධ්යාකපන ප්රවගතිය විමසා බලා ඇති බවත්, හොඳම ප්ර ගතිය පෙන්වන ලද ශිෂ්ය් පිරිස භික්ෂු ජීවිතයට ඇතුලත් කරගනු ලැබූ බවත් "රාජ රත්නාකාරය" හි සඳහන්ව ඇත.

සිඟාලෝවාද සූත්රතයේ බුදුන් වහන්සේ අවධාරණය කරනු ලැබ ඇත්තේ පුද්ගලයා සතු අයිතිවාසිකම්වල පැවැත්ම, යුතුකම් මත සාපේක්ෂව ආරක්ෂා වන අන්දම ගැනය. වේළුද්වාර සූත්රපයේ දී මිනිසාගේ ජීවත්වීමේ අයිතිය පිළිබඳව ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබේ.

බදුලු ටැම් ලිපියේ සඳහන් වන "සම්වතා" යන පදය මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් හඳුන්වා දී තිබෙනුයේ "අයිතිවාසිකම් ප්රහඥාප්තිය" ලෙසිනි. එහි "සම්" යන්න ස්වාධිපත්යිය, ආධිපත්යම, අයිතිය ආදියට සමාන කල හැකි බවත්, සංස්කෘතික ව්යමවස්ථා යන්නෙත් බිඳී ව්යහවහාරයට පැමිණි "වත" යන්න නියම කල, තීරණය කල, පිහිටුවන ලද යන අර්ථ ගැබ් වී ඇති බවත්, ඒ අනුව සමාස පදයක් ලෙස සැලකිය හැකි සමස්ත ශබ්දය සඳහා "අයිතිවාසිකම් ප්ර්ඥාප්තිය" ලෙස අර්ථකථනය කල හැකි බවත් ඔහුගේ අදහස විය. එමගින් කියැවෙන්නේ බෞද්ධ සභ්යුත්වය සමඟ බැඳුණු රාජ්ය් පාලනය, ඓතිහාසිකව පැවති දේශපාලන, සමාජ හා ආර්ථික තත්වයන්ට සාපේක්ෂව පුද්ගල හා වෙනත් අයිතිවාසිකම් පිළිබඳ පිළිවෙතක් ඈත අතීතයේ සිට අප සතුව පැවැති බවයි.

බොදු දහම විසින් ගොඩනගන ලද සභ්ය ත්වය අප සතු පෞඩ උරුමය වේ. ආමන්ඩගාමිණී අභය රජු (ක්රි‍.ව. 22-31) "ලක්දිව මුළුල්ලෙහි මාඝාතය හෝ සතුන් නොමරවයි !" නියෝග කළේ ඒ උරුමය හේතුකොට ගෙන ය. සිලාකාල රජ දවස (ක්රිල.ව. 522-535) "ලක්දිව තුල කිසිදු සතකු නොමැරිය යුතුය" යනුවෙන් නීති පැනවූයේ සතා සීපාවුන් කෙරෙහි ද සානුකම්පිතව බලන්නට බුදු දහම සිත පුරුදු කළ නිසාය.

එකොළොස්වන සියවසට අයත් පාලමොටෛ දෙමළ පුවරු ලිපිය, පළමුවන විජයබාහු රජු (ක්රි .ව. 1051-1106) හින්දු ආගම කෙරෙහි දක්වන ලද අනුග්ර හය දක්වා තිබේ. සංඝ කර්මයක් ඉටු කිරීමේදී බෞද්ධ සංඝ සමාජය තුල අනුගමනය කරන ලද දියුණු හා ප්ර ජාතාන්ත්රිීක ක්රසමවේදය ගැන බෙහෙවින් පැහැදුනු ඉංග්රී සි ජාතික ස්ටෙලන්ඩ් සාමිවරයා "ඉන්දියාවේ දායාදය " නැමැති ග්රුන්ථයට ලියූ ප්ර ස්ථාවනාවේ සඳහන් කර ඇත්තේ  "නියෝජන ස්වයං පාලන ආයතනයන් හි මුල්ම මූලාශ්රව සඳහා අප නැඹුරු විය යුත්තේ මෙම බෞද්ධ ග්රනන්ථයන්වලට ය. අද පවතින පාර්ලිමේන්තු ක්රුමයේ බීජයන් දැනට දෙදහස් වසරකට වඩා පැරණි ඉන්දියාවේ පැවති බෞද්ධයන්ගේ මන්ත්රනණ සභාවල දක්නට තිබීම සමහරවිට බොහෝ දෙනාට පුදුමයක් විය හැක" යනුවෙනි. ෆෙඩ්රිකක් එංගල්ස් තම "Diulectics of Nature" කෘතියේ VII වෙළුමේ 203 හා 204 පිටුවල මෙසේ සඳහන් කර තිබේ.

"න්‍යාය භෞතික චින්තනය පහළ විය හැක්කේ සංඥා විඥාන ආදියෙහි තතු සොයන්නට වීමෙන් පසුවය. එහෙයින් ඒ චින්තන විධිය පහළ වූයේ මනුෂ්ය යා, බෞද්ධයන් හා ග්රී කයන් සේ උසස් තැන තෙක් දියුණු වුනු අවධියකය. අනතුරුව චින්තනයේ අනූන විකාශනය සිදුවන්නේ නවීන දර්ශනය ආශ්ර්යෙනි."

මේ සියලු අදහස් පෙන්වා දෙන්නේ බුදු දහම පිළිබඳ වටිනාකමය. එය අමිල වටිනාකමැති අප සතු උසස්ම සම්පත බව ය.

බුදු දහම, එය මත ගොඩනැගුන සභ්යිත්වය කොතරම් සුවිශේෂී වටිනාකමකින් යුක්තදැයි අප වටහාගත යුත්තේ එබැවින්ය. අප පණ සේ මේ දහම රැක ගත යුත්තේ අප වෙනුවෙන්ම නොවේ. අනන්ය්යන් ද වෙනුවෙනි. උප නූපන් සියළු ජීවීන් වෙනුවෙනි. සහ කම්පනයෙන් යුතු මිනිසකු රහිත ලොව හිස්බවින් පිරුණු මුඩු බිමක් වන බැවිණි.

"ධර්ම ශ්ර වණයෙහි අනුසස් පසෙකි. නොඇසූදෙය අසන්නේය. ඇසූදෙය පිවිතුරු කරන්නේය. සැක දුරු කරන්නේය. දෘෂ්ටිය ඍජු කරන්නේය. සිත පහදන්නේය."

- ධම්මසවණ සූත්රැය, අංගුත්තර නිකාය.

මේ වෙසක් පොහොය, සැවොම තථාගතයන්වහන්සේ දෙසූ මග වෙත තව තවත් සමීප කරත්වා! සියලු සිත් සැනසීම ලබත්වා! 

විමල් වීරවංශ,

නායක, 

ජාතික නිදහස් පෙරමුණ 

2026.05.30

සම්බන්ධිත පුවත් | Related News

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දීප්කේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් යැවූ ලිපියට ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වද්දී, 22 සංශෝධනයට විරෝධය කළ කරමින් උන්වහන්සේලා යැවූ ලිපියට ජනාධිපති උපාසක මහතාගේ ප්‍රතිචාරයක් නොතිබූ බවත්, ජනාධිපති උපාසක මහතා බොරුවක් කළ බව දැන් රටම දන්නා කරුණක් බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.
වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.