විමල්ගෙන් වෙසක් දින පණිවුඩයක්..
නිර්මල බුදු දහම, මත ගොඩනැගුන සභ්‍යත්වය කොතරම් සුවිශේෂී වටිනාකමකින් යුක්තදැයි අප වටහාගත යුතු බවත්, මේ දහම රැක ගත යුත්තේ අප වෙනුවෙන්ම පමණක් නොව අන්‍යයන් වෙනුවෙන් සහ උප නූපන් සියළු ජීවීන් වෙනුවෙන් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
වෙසක් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත්කරමින් ඒ මහතා මේ බව පවසයි.
එම පණිවුඩය පහළින්..
වෙසක් සඳ සිසිල...
"ආණ්ඩුව නුඹලා සතු වූ නමුත් මේ රට නුඹලාගේ නොව අපේය. නුඹලා මෙහි පැමිණ සිටින්නේ අපේ පොළොවෙන් යමක් සපයාගෙන සිය රටේ හෝ මේ රටේම හෝ පදිංචිව කා බී ප්රීේතිමත් වීමට ය. අප මේ රටේ ඉපද සිටින්නේ අවුරුදු 2000 කට වඩා ඉපැරණි ඉතිහාසයකට අයත් ධර්මයත්, ශාස්ත්රමයත්, ජනතාවත් සඳහා ය."
සුදු අධිරාජ්යරවාදී පාලනය පිළිබඳව එසේ වදාලේ ත්රිනපිටක වාගීශ්වරාචාර්ය හික්කඩුවේ ශ්රී සුමංගල නාහිමියෝය. උන්වහන්සේ සඳහන් කරනු ලබන ධර්මය අප ලද අමිල දායාදයයි. "සබ්බං වේ අමතා වාචා - ඒස සම්මෝ සනන්තනෝ" යනුවෙන් වදාළේ ගෞතම බුදුරජාණන් වහන්සේ ය. එහි අර්ථය වන්නේ, "සත්යයම අමුර්ත වචනයයි. එය සදාතනික ධර්මයයි" යන්නය. සත්යයම ධර්මය වූ කල එය අමිල වටිනාකමැති දායාදයක් නොවන්නේ කෙසේ ද?
මේ දහම යාගය තුරන් කළේය. දානය හුරු කළේය. මනුෂ්ය යන් කෙරෙහි පමණක් නොව සියළු සත්වයන් කෙරෙහි "නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා !" යැයි ප්රා ර්ථනා කරන්නට තරම් උසස් මනසක් නිර්මාණය කළේය. ජාතක කතා වස්තුවල බෞද්ධ රජවරුන් අනුගමනය කළ යුතු දසරාජධර්ම ලෙස හඳුන්වන ලද එක්තරා ව්ය්වස්ථානුකූල නීති මාලාවක් මේ දහම තුළ අන්තර්ගතව තිබේ. ඒවානම්,
1. දාන (දුප්පත් රට වැසියාගේ හිත සුව පිණිස රජු විසින් අනුගමනය කළ යුතු සුබසාධන ප්ර්තිපත්තිය මෙමගින් අදහස් කෙරේ.)
2. සීල (පස් පව් වෙතින් වැලකී නිවැරදි රාජකීය ජීවිතයක් ගත කිරීම)
3. පරිච්චාග (රටවැසියාගේ යහපත සඳහා පරිත්යාකගශීලීව කටයුතු කිරීම)
4. අජ්ජාව (සෘජුව සහ අවංකව ක්රිායා කිරීම)
5. මද්දව (මෘදු ගති ගුණයෙන් යුක්තව සහ කරුණාවන්තව රට වැසියාට සැලකීම)
6. තප (කෙලෙස් හැඟීම් යටපත් කර ගනිමින් සුඛෝපභෝගී බවින් තොර වූ චාම් ජීවිතයක් ගත කිරීම)
7. අක්කෝධ (නොකිපීම, එමඟින් සතුරන් සහ විරුද්ධකරුවන් රට තුළ ඇතිකර ගැනීමෙන් වැළකීම)
8. අවිහිංසා (අවිහිංසාවාදී ප්රඑතිපත්තියක් අනුගමනය කිරීම. සියලුම සත්ව ප්ර ජාවට තම විජිතය තුළ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම)
9. ඛන්ති (ඉවසීම)
10. අවිරෝධතා (හැකි තරම් මහජන මතයට එකඟව ක්රි්යා කිරීම සහ ඊට එරෙහි නොවීම)
මීට අමතරව, කූටදන්ත සූත්රැයේ රජ කෙනෙකු සතු විය යුතු ලක්ෂණ පිළිබඳව ද දක්වා තිබේ. බහුශ්රැදතභාවය (බහුස්සුතෝ), නුවණැතිභාවය (පණ්ඩිතෝ) සහ වියත්භාවය (වියත්තෝ) යනු එම ලක්ෂණ වේ. මහා සුදස්සන සූත්රුයේ දක්වා ඇත්තේ පියකු තම දරුවන්ට ප්රිවය උපදවන ආකාරයෙන් පවතින්නාක් සේම රජු ද තම රට වැසියාහට ප්රිණයව පැවැතිය යුතු බවය. සූත්ර පිටකයේ එන කරුණු අනුව, ආර්ථික වශයෙන් රට සංවර්ධනය කිරීම, සමාජයීය වශයෙන් දුගී බව තුරන් කිරීම, දේශපාලන වශයෙන් රටේ සාමය හා ස්ථාවරත්වය ඇති කිරීම, රටවැසි ජනතාවගේ සදාචාරාත්මක සහ අධ්යාමත්මික වර්ධනය ඇති කිරීම යන යුතුකම් රජ කෙනෙකු සතු වේ.
මේ උරුමය මත බිහි වූ මහරජගැමුණු ක්‍රි.පූ. 137 දී මරණාසන්නව සිටිය දී සිය සත් ක්රිරයාවන් සිහිපත් කළ අන්දම මහාවංශයේ සඳහන්ව ඇත්තේ මෙසේය.
"මා විසින් විවිධ ස්ථාන 18 ක පිහිටු වූ රෝහල් මගින් රෝගීන්ට ප්රධතිකාර කිරීමට වෛද්යාවරු, ඖෂධ හා සුදුසු ආහාර පිරිනැමීමට කටයුතු කළා"
එම දියුණු මගම ගත් බුද්ධදාස රජු පිළිබඳව මහාවංශයේ සඳහන්ව ඇත්තේ මෙසේය.
"දරුවන්ට දෙමාපියන් දක්වන සැලකිල්ල සේම සිය යටත්වැසි මිනිසුන්ට සැලකීමට රජු උත්සාහ ගත්තේය. ධනය ඔවුන් වෙත බෙදා දීමෙන් ද ජීවිතයේ සතුට හිමිකර දීමෙන් ද යහපත් දිවි පෙවෙතකට මග පෙන්වීමෙන් ද ඔහු ජනයාට සේවය කළේය. එපමණක් ද නොව ඔහු රෝග පීඩාවට පත් වූවන්ට ප්රහතිකාර කිරීම ද කළේය."
මේ මග මහා පරාක්රීමබාහු රජු ද අනුගමනය කළේය. ඒ ක්රිු.ව. 1150 වන විට ය. ඒ ගැන "මහාවංශය" පවසන්නේ මෙසේය.
"මෙම නරපතියා විසින් රෝගී ස්ත්රීස පුරුෂ සිය ගණනකට නැවතී ප්රතිකාර කරගත හැකි විශාල ශාලාවක් ගොඩනංවන ලදී. එහි තිබීමට අවශ්යැ දෑ පහත පරිදි සපයන ලදී. සෑම රෝගියකුටම ගැහැණු හා පිරිමි සේවකයකු බැගින් සපයන ලද අතර ඔවුන් විසින් රෝගියාට ආහාර සැපයීම ඇතුළුව දිවා රාත්රීක සත්කාර කිරීම අපේක්ෂා කරන ලදී. ඒ අසළ පිහිටුවන ලද ගබඩාවල ආහාර සඳහා ධාන්යා ඇතුළු ද්රසව්යඅ රැස්කර තිබිණි. ඒ අතරම ඖෂධ ගබඩා ද පවත්වාගෙන යන ලදී. රෝග පිළිබඳ මනා අවබෝධයක් ඇති වෛද්ය වරුන්ගේ සේවය එම රෝගීන් වෙත ලබාදෙන ලදී. එම වෛද්යනවරු නඩත්තු කිරීමට ද ප්රනතිපාදන වෙන් කරන ලදී. රෝගීන්ගේ අවශ්යදතා සැපයීමට අවශ්යද දේ දිවා, රාත්රී් සැපයීමට වෛද්ය උපදෙස් ලැබිණි. සිව් පොහොය දිනවල දී රජු සිය රාජාභරණ හා ඇඳුම් ඉවත්කොට පිරිසිදු ඇදුමින් සැරසී ශීලය සමාදන් වී සිය ඇමතිවරුන් සමඟ මේ ගිලන් රෝහලට පැමිණ සුව දුක් විමසීමේ නිරත විය."
බුද්ධදාස රජු (ක්රිර.ව. 340 - 369) සෑම ගම්මාන දහයකටම එක් වෛද්යනවරයකු බැගින් පත්කරන ලද බව සඳහන් වන්නේ ද මහාවංශයේමය.
දොරබාවිල ටැම් ලිපියේ, "ව්යමවස්ථා නොරක්නා රජවරුන්, ඈදපා, මාපාදින් කවුඩු බලු වන" වග සඳහන්ව තිබේ. ඒ මේ ධර්මයේ උරුමය අනුව යමිණි. මැදිරිගිරිය ශිලා ලිපියෙන්ද තහවුරු වන්නේ එකල පැවති රෝහල් හි විධිමත් පරිපාලනයක් සේම, උසස් සේවා තත්වයක් ප්ර ජාව වෙත ලබාදීමට රාජ්යම මට්ටමේ පැවති උනන්දුව ය.
3 වන විජයබාහු රජු පිළිබඳව "රාජ රත්නාකාරය" නම් වූ ඓතිහාසික ලේඛණයේ සඳහන් වන්නේ සෑම ගමකම පාසැල් ආරම්භකර භික්ෂූන් එහි ප්රයධානත්වයට පත්කරන ලද බවයි. බොහෝ විට, ඒ අපගේ පාඨශාලා අධ්යාපනයේ ආරම්භය විය හැක. නොඑසේනම්, එය ඊටත් එපිටට ගලා යා හැකිය. එම පාසල්වල ඉගෙනුම ලබාගන්නවුන්ගෙන් කිසිවක් අයකර නොගැනුන බවත්, පිරිවැය රජු විසින්ම දරන ලද බවත් එහි තවදුරටත් සඳහන්ව තිබේ. රජු විසින් කලින් කලට අධ්යාසපනය ලබන ශිෂ්ය පිරිසගේ අධ්යාකපන ප්රවගතිය විමසා බලා ඇති බවත්, හොඳම ප්ර ගතිය පෙන්වන ලද ශිෂ්ය් පිරිස භික්ෂු ජීවිතයට ඇතුලත් කරගනු ලැබූ බවත් "රාජ රත්නාකාරය" හි සඳහන්ව ඇත.
සිඟාලෝවාද සූත්රතයේ බුදුන් වහන්සේ අවධාරණය කරනු ලැබ ඇත්තේ පුද්ගලයා සතු අයිතිවාසිකම්වල පැවැත්ම, යුතුකම් මත සාපේක්ෂව ආරක්ෂා වන අන්දම ගැනය. වේළුද්වාර සූත්රපයේ දී මිනිසාගේ ජීවත්වීමේ අයිතිය පිළිබඳව ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබේ.
බදුලු ටැම් ලිපියේ සඳහන් වන "සම්වතා" යන පදය මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් හඳුන්වා දී තිබෙනුයේ "අයිතිවාසිකම් ප්රහඥාප්තිය" ලෙසිනි. එහි "සම්" යන්න ස්වාධිපත්යිය, ආධිපත්යම, අයිතිය ආදියට සමාන කල හැකි බවත්, සංස්කෘතික ව්යමවස්ථා යන්නෙත් බිඳී ව්යහවහාරයට පැමිණි "වත" යන්න නියම කල, තීරණය කල, පිහිටුවන ලද යන අර්ථ ගැබ් වී ඇති බවත්, ඒ අනුව සමාස පදයක් ලෙස සැලකිය හැකි සමස්ත ශබ්දය සඳහා "අයිතිවාසිකම් ප්ර්ඥාප්තිය" ලෙස අර්ථකථනය කල හැකි බවත් ඔහුගේ අදහස විය. එමගින් කියැවෙන්නේ බෞද්ධ සභ්යුත්වය සමඟ බැඳුණු රාජ්ය් පාලනය, ඓතිහාසිකව පැවති දේශපාලන, සමාජ හා ආර්ථික තත්වයන්ට සාපේක්ෂව පුද්ගල හා වෙනත් අයිතිවාසිකම් පිළිබඳ පිළිවෙතක් ඈත අතීතයේ සිට අප සතුව පැවැති බවයි.
බොදු දහම විසින් ගොඩනගන ලද සභ්ය ත්වය අප සතු පෞඩ උරුමය වේ. ආමන්ඩගාමිණී අභය රජු (ක්රි.ව. 22-31) "ලක්දිව මුළුල්ලෙහි මාඝාතය හෝ සතුන් නොමරවයි !" නියෝග කළේ ඒ උරුමය හේතුකොට ගෙන ය. සිලාකාල රජ දවස (ක්රිල.ව. 522-535) "ලක්දිව තුල කිසිදු සතකු නොමැරිය යුතුය" යනුවෙන් නීති පැනවූයේ සතා සීපාවුන් කෙරෙහි ද සානුකම්පිතව බලන්නට බුදු දහම සිත පුරුදු කළ නිසාය.
එකොළොස්වන සියවසට අයත් පාලමොටෛ දෙමළ පුවරු ලිපිය, පළමුවන විජයබාහු රජු (ක්රි .ව. 1051-1106) හින්දු ආගම කෙරෙහි දක්වන ලද අනුග්ර හය දක්වා තිබේ. සංඝ කර්මයක් ඉටු කිරීමේදී බෞද්ධ සංඝ සමාජය තුල අනුගමනය කරන ලද දියුණු හා ප්ර ජාතාන්ත්රිීක ක්රසමවේදය ගැන බෙහෙවින් පැහැදුනු ඉංග්රී සි ජාතික ස්ටෙලන්ඩ් සාමිවරයා "ඉන්දියාවේ දායාදය " නැමැති ග්රුන්ථයට ලියූ ප්ර ස්ථාවනාවේ සඳහන් කර ඇත්තේ "නියෝජන ස්වයං පාලන ආයතනයන් හි මුල්ම මූලාශ්රව සඳහා අප නැඹුරු විය යුත්තේ මෙම බෞද්ධ ග්රනන්ථයන්වලට ය. අද පවතින පාර්ලිමේන්තු ක්රුමයේ බීජයන් දැනට දෙදහස් වසරකට වඩා පැරණි ඉන්දියාවේ පැවති බෞද්ධයන්ගේ මන්ත්රනණ සභාවල දක්නට තිබීම සමහරවිට බොහෝ දෙනාට පුදුමයක් විය හැක" යනුවෙනි. ෆෙඩ්රිකක් එංගල්ස් තම "Diulectics of Nature" කෘතියේ VII වෙළුමේ 203 හා 204 පිටුවල මෙසේ සඳහන් කර තිබේ.
"න්‍යාය භෞතික චින්තනය පහළ විය හැක්කේ සංඥා විඥාන ආදියෙහි තතු සොයන්නට වීමෙන් පසුවය. එහෙයින් ඒ චින්තන විධිය පහළ වූයේ මනුෂ්ය යා, බෞද්ධයන් හා ග්රී කයන් සේ උසස් තැන තෙක් දියුණු වුනු අවධියකය. අනතුරුව චින්තනයේ අනූන විකාශනය සිදුවන්නේ නවීන දර්ශනය ආශ්ර්යෙනි."
මේ සියලු අදහස් පෙන්වා දෙන්නේ බුදු දහම පිළිබඳ වටිනාකමය. එය අමිල වටිනාකමැති අප සතු උසස්ම සම්පත බව ය.
බුදු දහම, එය මත ගොඩනැගුන සභ්යිත්වය කොතරම් සුවිශේෂී වටිනාකමකින් යුක්තදැයි අප වටහාගත යුත්තේ එබැවින්ය. අප පණ සේ මේ දහම රැක ගත යුත්තේ අප වෙනුවෙන්ම නොවේ. අනන්ය්යන් ද වෙනුවෙනි. උප නූපන් සියළු ජීවීන් වෙනුවෙනි. සහ කම්පනයෙන් යුතු මිනිසකු රහිත ලොව හිස්බවින් පිරුණු මුඩු බිමක් වන බැවිණි.
"ධර්ම ශ්ර වණයෙහි අනුසස් පසෙකි. නොඇසූදෙය අසන්නේය. ඇසූදෙය පිවිතුරු කරන්නේය. සැක දුරු කරන්නේය. දෘෂ්ටිය ඍජු කරන්නේය. සිත පහදන්නේය."
- ධම්මසවණ සූත්රැය, අංගුත්තර නිකාය.
මේ වෙසක් පොහොය, සැවොම තථාගතයන්වහන්සේ දෙසූ මග වෙත තව තවත් සමීප කරත්වා! සියලු සිත් සැනසීම ලබත්වා!
විමල් වීරවංශ,
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2026.05.30
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ