News Category
From Date
To Date
Maximum Number of Result

එක රටක් එක නීතියක් කැරට් අලයක්ද?-යසස් ධර්මදාස,ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම්

Nov 2, 2021 at 06:00 AM
|

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද එක් රටක් එක් නීතියක් සඳහා වූ සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායේ නායකත්වය බොදු බල සේනා සංවිධානයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත පිරිනැමීම පිළිබඳව “ලංකා ලීඩ් නිව්ස්” හි විමර්ෂණ ඒකකය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් කරුණු විමසන ලදී. එතුමාගේ අදහස වූයේ එක් රටක් එක් නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය රටේ ප්‍රධාන ප්‍රශ්නයක් මගහැර වීමට දෙන ලද කැරට් අලයක් විය හැකි බවයි. ධර්මදාස මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඥාණසාර හාමුදුරුවන්ට එරෙහිවෙන පුද්ගලයින්ට උතුරේ ආණ්ඩුකාර තනතුර වැනි අති සංවේදී තනතුරක් එන්ජීඕ කාක්කෙකුට ලබාදීම පිළිබඳව කිසිදු විරෝධයක් නොමැතිවීමද ඔවුන්ගේ න්‍යාය පත්‍රය කුමක්ද කියා හෙලිදර්ව්වන බවයි. එතුමාගේ සම්පූර්ණ ප්‍රකාෂය පහත සඳහන්වේ.

“මෙම කාර්‍ය සාධක බලකායේ සංයුතියේම ප්‍රශ්නයක් තියෙනව. ඥාණසාර හාමුදුරුවො ඒ පිළිබඳව අවබෝධ කරගෙන ඇති බව පෙනෙනව. කලින් ආණ්ඩුව හිටියනම් මේකට සමහරවිට පත්කරන්නෙ අර හිවල් සමාජයේ අය වෙන්න පුළුවන්. එයාල තමයි ඔවැනි කරුණු වලට ඔස්තාර් වරුන් කියල හිතන් ඉන්නෙ. ඒ ගැන සලකන විට යම්කිසි ප්‍රගතියක් මෙම පත්කිරීම් තුල තියෙනව. නමුත් මෙම කාර්‍ය සාධක බලකාවල නිර්දේශ බාරගැනීම හෝ ක්‍රියාත්මක කිරීම කොපමණ දුරට සිදුවේදැයි සැක සහිතයි. ඒ පිළිබඳව පසුගිය කොමිෂන් සභාවල් වලින් දෙන ලද නිර්දේශ වලට සිදු වුන දේ වලින්ද සනාථ වෙනව.

මෙහි ඇති බැරෑරුම් තත්ත්වය ඔය පත්කිරීම නොවෙයි. ඔය පත්කිරීම පිළිබඳව වාද විවාද ඇති කිරීමෙන් එන් ජී ඕ කප්පිත්තන්ව සංවේදී තනතුරු වලට පත්කිරීම පිළිබඳව මාතෘකාව දියකර හැරී යෑමක් සිදුව තිබෙනව. සැබෑවටම ප්‍රශ්ණ කළයුතු පත්කිරීම ඥාණසාර හාමුදුරුවන්ගෙ පත්කිරීම කියල මම හිතන්නෙ නෑ. නමුත් සමහර මැති ඇමතිවරු පවා ඒ පිළිබඳව නිවැරදිව ග්‍රහණය කරගෙන තිබෙන බවක් පෙනෙන්න නෑ. එහෙම පෙනෙන බවක් තියෙනවනම් මිනීමැරුම් චෝදනා ලැබ මරණීය දණ්ඩනයට නියමවූවන්ට හා අනෙකුත් දණ්ඩන වලට නියමව හිරගතව සිටින අයට පාර්ලිමේන්‍තුවට සහභාගී වීමට කෙසේවත් ඉඩ නොදියයුතුයි. හේතුව ඔවුන් ඳඬුවම් විඳින සහ ඳඬුවම් අපේක්ෂාවෙන් පසුවෙන අය. ඥාණසාර හාමුදුරුවො මිනී මැරුමකටවත් වෙනත් දූෂණයකටවත් නොවෙයි හිරේට ගියේ. ඒ වගේම අධිකරණයට අනිසි බලපෑම් කරලත් නොවෙයි හිරේට ගියේ. එබැවින් සම්පාදනය කරන නීති වල අඩු ලුහුඬුකම් තියෙනවද කියල බලන්න ඥාණසාර හිමියන්ව පත්කිරීම ඥාණසාර හිමියන් හිරේ හිටිය නිසා වැරදියි කියන කාරණය කියමන අනුමත කරන්න බැහැ.
දැන් අලිසබ්‍රි ඇමතිතුමාත් කියනව ඥාණසාර හාමුදුරුවො සාධක බලකායට එනවනම් එතුමාත් ඇමතිකමෙන් අස්වෙනව කියල . ඒකනම් කියලවත් කරගන්න බැරි වැඩක්. එහෙම දෙයක් සිදුවෙනවනම් හොඳයි කියල කියන්න පුළුවන්. අපි දැක්කනෙ පහුගිය දිනවල තිස්ස අත්තනායක මංත්‍රීතුමා පුද්ගලික යෝජනාවක් විදිහට මැති ඇමතිවරුන්ගෙ කනෙන් රිංගල ගෙන එන්න හදපු යෝජනාව. ඒකට ඔය අධිකරණ ඇමතිතුමාගෙ අනුමැතිය අනුග්‍රහය නොමැතිය සිදුවෙන්න බැහැකියල විද්වතුන් කියල තිබුනනෙ. ඒ කොහොම වෙතත් ඔය සංසිද්දියෙනුත් පෙනෙනව ඔය කියන සාධක බලකායත් හරියට කෝඳුරු තෙල් හත් පට්ටයක් හා ටිකක් වෙන්න හැකියාව තියෙනව කියල. හේතුව ජනාධිපතිතුමා අලිසබ්‍රි ඇමතිතුමාගෙ ඉවත්වීමේ තර්ජනය හමුවේ සංවේදී වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනව.

අපි වාද කළ යුතු මාතෘකාව වන්නේ උතුරේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතුකල චාල්ස් මහත්මියව තනතුරෙන් අයින්කිරීම සහ ඒ තනතුරට එන්ජීඕ කප්පිත්තෙක් පත්කිරීම. අපිට මතකයි චාල්ස් මහත්මියව එම තනතුරට පත්කරණ අවස්ථාවේදී වත්මන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මැතිතුමා ඉතා විශිෂ්ඨ ඇගයීමකට ඇයව ලක්කලා. ඒ ඇගයීම එක්තරා නාලිකාවකින් විකෘතිකොට දක්වා මඩ ව්‍යාපාරයකුත් රැගෙන ගියා. එයින් සිදුවුනේ නොදන්නා අයත් ඉන් පසුව ඒ පිළිබඳව දැනගැනීමයි. (දිගුව සඳහා මෙතනින් පිවිසෙන්න). එවන් සේවයක් සිදුකරන ලද චාල්ස් මහත්මිය ඉන් ඉවත්කර, ඉන්දියන් ඒජන්තයින් රටට පැමිණ ගිය වහාම, එන්ජීඕ සංවිධානවල කපිත්තෙක් එම තනතුරට පත්කළ සිදුවීම අහඹු සිදුවීමක් විය නොහැකියි.

පළාත් සභාවේ ආණ්ඩුකාර තනතුර යනු ජනාධිපතිවරයාට වගකියනු ලබන, ජනාධිපතිවරයාට පාක්ෂිකව පත්කරනු ලබන තනතුරක්. එය ලංකාවේ පමණක් නොව අපට පළාත් සභා බලයෙන් පටවන ලද ඉන්දියාවේ තත්ත්වයත් එලෙසමයි. මධ්‍යම රජයේ බලතල අයිතිවාසිකම් සියල්ල රකින්නෙ ආරක්ෂා කරන්නෙ ආණ්ඩුකාරයා විසින්. ඔහුට ඒ සඳහා බලය පවරා තියෙන්නෙ. එම පවරා ඇති බලතල යමෙක් අත්තනෝමතික ලෙස පාවිච්චි කළහොත් සිදුවන්නේ කුමක්ද? එන්ජීඕ කප්පිත්තෙක් එවැනි සංවේදී තනතුරේ ඉන්දවීම ඥාණසාර හාමුදුරුවන්ව අර කාර්‍ය සාධක බළකායේ මුල් පුටුවේ ඉන්දවීම වැරදියි කියන අයට පෙනුනේ නැතිද? මේවා සිදුවන්නේ කාගේ න්‍යායපත්‍ර වලටද? ජනාධිපතිතුමා දන්නෙ නැතිද ආණ්ඩුකාරධූරයේ ඇති සංවේදිකම? ජනාධිපතිතුමා දන්නේ නැතිද ඔය කියන කාර්‍ය සාධක බළකායට දෙමළ නියෝජනයක් අවශ්‍යබව? සැබෑවටම ජනාධිපතිතුමා මේ ඉටුකරන්නේ කාගේ උවමනාවක්ද? වරක් එක්තරා සමුළුවකදි කොටි හිතවාදියෙක් පවසා තිබුන ඊලම ගැනීම රනිල්ගෙන් නොව රාජපක්ෂ කෙනෙක්ගෙන් කරගත හැකියි කියා. ඔහු එයට හේතුව ලෙස දක්වා තිබුණේ ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව එවැන්නක් සිදුවේවි යැයි නොසිතන නිසා බවයි. මේ සිදුවන්නේ එයද? ”

සම්බන්ධිත පුවත් | Related News

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.
කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීම සඳහා පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු නොවන අතර ස්වාධීන කණ්ඩායම්වල සහය අවශ්‍ය වුවහොත් ලබාගන්නා බව ජාතික ජන බලවේගය පවසයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කළේය.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.
ලෝක බැංකුවේ සභාපති අජේ බංගා මහතා අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතින අතර, දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරයි.
ඉන්දීය හමුදා විසින් පාකිස්ථානයේ සහ ජම්මු කාශ්මීර ප‍්‍රදේශයේ ස්ථාන 9ක් වෙත මිසයිල ප‍්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.