
විමල් වාසු උදය සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා-ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින්, කැබිනට් සාමූහික වගකීම කඩ කරමින් කටයුතු කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නැයි පක්ෂයක් හැටියට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට කටයුතු කරගෙන යන බව පැවසුවේය. මෙලෙස ඉල්ලීමක් කිරීමට තීරණය කිරීමට හේතුවූයේ එම පිරිසේ ක්‍රියා කලාපය සහ හැසිරීම ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට බරපතළ තර්ජනයක් හා ගැටලුවක් නිසා බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය. “යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් නිශ්චිත ගිවිසුමක් තවමත් අත්සන් කර නැති හෙයින් ඒ පිළිබඳව කිසිසේත්ම කලබල නොවන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පක්ෂ නායක රැස්වීමේදී පැහැදිලිවම දැනුම් දී තිබියදී මෙම පිරිස මේ ආකාරයට ආණ්ඩුව පදනම් විරහිතව විවේචනය කරමින් කටයුතු කිරීම ඉතා පහත් කැත වැඩක්. මේ පිරිස මෙලෙස හැසිරෙනේ කිසියම් බාහිර කුමන්ත්‍රණයක් අනුව බවට බොහෝ දෙනෙකුට සැක මතුවී තිබෙනවා” යනුවෙන් සාගර කාරියවසම් මහතා පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මේ සම්බන්ධයෙන් තවම ඇත්තේ මූලික එකඟතාවක් පමණක් හෙයින් ගිවිසුම සකස් කිරීමට පෙර සියලු පක්ෂවල නිර්දේශ ඉදිරිපත් කරන්නැයිද මුදල් ඇමැතිවරයා එම රැස්වීමේදී පැහැදිලිවම ප්‍රකාශ කළ බව පැවසූ සාගර කාරියවසම් මහතා ඒ ආකාරයට සද්භාවයෙන් සහ නම්‍යශීලීව කටයුතු කරන අවස්ථාවක මේ පිරිසේ හැසිරීම පිළිගත නොහැකි බවද අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
