ආපදාව උච්චතම අවස්ථාවට කළින් හදිසි අවස්ථා රෙගුලාසි ගැසට් කළේ ආණ්ඩුව ආපදාව කළින් දැන සිටි නිසාද?.. ආපදාව යොදාගනිමින් මර්ධනකාරී පොලිස් රාජ්‍යයක් සෑදීම සඳහා අවශ්‍ය රෙගුලාසි සම්මත කළ හැටි මෙන්න.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්
ගැසට් නිවේදනයක් ලෙස හදිසි අවස්ථා රෙගුලාසි සහ රනිල් වික්‍රමසිංහ මහතාට සම්මත කරගැනීමට නොහැකි වූ ප්‍රතිත්‍රස්ත පනත වෙනත් නමකින් මහජන සාකච්ඡාව සඳහා යොමුකළ ලේඛනයක් ලෙස ලේඛණ දෙකක් මේ වන විට ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති බවත්, මෙම ලේඛණ අධ්‍යයනය කිරීමෙන් සිනාසිය යුතුද, නැතිනම් හැඬිය යුතුද, එසේත් නැතිනම් හිසට වෙඩිතබාගත යුතුදැයි සිතාගත නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
අද(23) දින ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ මෙම හදිසි අවස්ථා රෙගුලාසි පනවන්නේ නොවැම්බර් 28 දා බවත්, එනම් ආපදාව උච්චතම අවස්ථාවට පත්වීමට පෙර බවත් ය.
28 වැනිදා නිකුත් කිරීමට නම් මෙය ආපදාව උච්චතම අවස්ථාවට පෙර සකස් කළ යුතු බවත්, එසේනම් ආපදාවක් ඇතිවන බව කළින් දැන සිටියා ද යන්න විමසීමට සිදුවන බවත් ඒ මහතා පවසයි.
ආපදාවට පෙර ආපදාවෙන් පසුව ගතයුතු ක්‍රියාමාර්ග ගැසට් කිරීම බරපතළ ප්‍රශ්නයක් බවත් පෙන්වා දෙන ඒ මහතා ආපදාව කළමනාකරණය කිරීමට ආපදා කලමණාකරණ පනත යටතේ ප්‍රතිපාදන ඇති බවත්, මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුරා ගනිමින්, මහජනයා පීඩාවට පත් කිරීමට බිය වැද්දීමට මීට පෙර මෙලෙස නීති නොසෑදූ බවත් පෙන්වා දෙයි.
ආපදාවට පෙරම මෙවැනි ලේඛණයක් සකස් කිරීම සැකකටයුතු දෙයක් බවත්, ආපදාව වෙන්නත් පෙර ආපදාව යොදාගනිමින් මර්ධනකාරී පොලිස් රාජ්‍යයක් සෑදීම සඳහා අවශ්‍ය රෙගුලාසි සම්මත කළ බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී චෝදනා කළේය.
මෙයට අත්සන් තැබූ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මෙය සෑදූ නිලධාරීන් සියලුදෙනා ලැජ්ජා විය යුතු බවත් මෙහිදී ඒ මහතා පැවසීය.
දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 ආ වගන්ති නැතහොත් සමලිංගික ක්‍රියා සහ ළමා අපචාර වැළැක්වීම සඳහා වන වගන්ති හදිසි අවස්ථා රෙගුලාසිවල යොදා තිබීම හාස්‍යජනක ක්‍රියාවක් බවත්, මේ දෙක අතර ඇති සම්බන්ධය කුමක්දැයි වටහාගත නොහැකි බවත් ඒ මහතා මෙහිදී පෙන්වාදෙන ලදී.
අපදා අවස්ථාවේදී කළ යුත්තේ මහජනයා බිය ගැන්වීම නොවන බවත්, මෙය ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමක් බවත් පෙන්වා දෙන වසන්ත බණ්ඩාර මහතා, ආපදාවෙන් සිදුවූ විපතින් රට ගලවා ගැනීමටද නැති නම් ආණ්ඩුව ආපදාව නිසිලෙස කලමණාකරණය නොකිරීම නිසා ආණ්ඩුව ආපදාවට ලක්වීමෙන් ගැලවීමට මෙම නියෝග ගෙනආවේ දැයි ප්‍රශ්නයක් ඇති බවත් මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඒමට උත්සාහ දැරූ ප්‍රතිත්‍රස්ත පනත "ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීමේ පනත" නමින් වෙනත් නමකින් ගෙන ඒමට කටයුතු කරමින් ඇති බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසී්‍ය.
මෙහිදී හදිසි නීතිය යටතේ පනවා සිදුකිරීමට යන සියලුදේ සාමාන්‍ය නීතිය යටතේ කිරීමට වරදවල් ලෙස දක්වා ඇති බවත් ඒ මහතා හෙළිකරයි.
රනිල් වික්‍රමසිංහ සෑදූ පනතේ වගන්ති එහාට මෙහාට වෙනස්කර, අමතරව බරපතළ කරුණු ඇතුළුකර ජනාධිපතිවරයාට ඕනෑම සංවිධානයක් තහනම් කළ හැකි වන පරිදි මෙය සකස් කර ඇති බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්