
සෘතුව තේරුම් අරන් වැඩකරමු! බැරිම නම් වෙන් වෙමු!- ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්
LNG සැපයුම් ඒකාධිකාරිය ඇමරිකානු සමාගමකට පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන්ගේ මූලිකත්වයෙන් ඊයේ කැදවන ලද මහජන මන්ත්‍රණ සභාව පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් අදහස් දක්වා තිබේ.
මෙ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා , එකට වැඩ කළ නොහැකි නම් වෙන් විය යුතු යැයි සිය සමාජ ජාලා ගිනුමේ සටහනක් තබමින් පවසා සිටී.
එම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන ,
"මම හිතන්නේ අපි සමහරක් ජිවත් වෙන්නෙම අතිතයේ. අතීත ශ්‍රි විභූතියේ! .හැබැයි කථාවක් තියෙනවා හැමදාම එකම දේ කරලා වෙනස් ප්‍රථිපලයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා.
අපි හැමදාම එකම විදියට හිතලා, එකම විදිහට වැඩ කරලා,එකම දේ කරලා වෙනස් ප්‍රථිපලයක් හොයනවා. යන්ත්‍රයට හැමදාම දර දාලා කේජු බලාපොරොත්තු වෙනවා.අපිට රටේ ජනතාව බලය දුන්නේ මෙන්න මේ වෙනස කරන්න.
ගතානුගතික බවෙන් මිදුනෙ නැත්නම් අපේ කදවුර විනාශ වෙනවා.ආණ්ඩුවේ 150 ක් ඉන්නවා.අපි හැමෝටම මතයක්,අදහසක් තියෙනවා.හැබැයි අපිට ඕන දේම හැමදාම වෙන්නේ නෑ. එහෙම බලාපොරොත්තු වෙන්නත් බෑ.එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඒක සාධාරණත් නෑ.ගුණ-අගුණ,හොද-නරක, මේ සියල්ල අපට දරාගන්න සිද්ද වෙනවා. ආණ්ඩුව ගන්න උදව් කළා වගේම ආණ්ඩුව ගෙනියන්න උදව් කරන්න සිද්ද වෙනවා.
ආණ්ඩුව ගන්න උදව් කරා කියලා ආණ්ඩුව වට්ටන්න වැඩ කරන්න අයිතිවාසිකමක් ලැබෙන් නෑ.රෝපණය කළා නම් හැදෙන්න රූස්සව වැඩෙන්න උදව් කරන්න.සෘතුවට අනුව දළු දානකොට දළු වල පාටින් කොළ ගැන හිතලා මුල කැපුවොත් ගහ මැරෙනවා.අපි මේ ගෙවන්නෙ ඉතාම දරුණු,බිහිසුනු වගේම ව්‍යසනකාරි සෘඍතුවක්.
මේ අලුත් දළු ලියලන්නෙ ඒ ව්‍යසනකාරී සෘතුවට ඔරොත්තු දෙන්නමයි.
සෘතුව තේරුම් අරන් එක්ව වැඩකරමු.
එහෙම බැරිනම් වෙන්වෙමු!
මම
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
