News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුව පළවා හැරිය යුතුයි.. හැබැයි එය සිදුවිය යුත්තේ ඉතා දියුණු ප්‍රතිපත්තිමය උපාය මාර්ගික රාමුවක් පිළිබඳ එකඟතාවයක් ඇතුව - විමල් වීරවංශ

Nov 21, 2025 at 07:58 AM
|

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියේ ප්‍රතික්‍රියාව බරපතල නිසා ජනපති අනුරගේ හර්ද ස්පන්දනය වැඩි වී ආතතිය වැඩි වු නිසා පාර්ලිමේන්තුවට පැමිණ කතාවක් සිදුකළ බවත්, එහිදී බලලා මල්ලෙන් එළියට පැණ 'නීතිය ක්‍රියාත්මක කිරීමේ දී 'රණවිරු දඩයම' කියා නම් කියන්න එපා' යැයි පැවසූ බවත් ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මාධ්‍ය සාකච්ඡාවක දී ඒ මහතා පැවසුවේ ආණ්ඩුව පළවා හැරිය යුතු බවත්, එහෙත් එය සිදුවිය යුත්තේ ඉතා දියුණු ප්‍රතිපත්තිමය උපාය මාර්ගික රාමුවක් පිළිබඳ එකඟතාවයක් ඇතුව බවත්ය.

 මාධ්‍ය සාකච්ඡාව අවසානයේ විමල් වීරවංශ මහතා සහ පැමිණ සිටි මාධ්‍යවේදීන් අතර ඇති වූ සංවාදයේ ප්‍රශ්න හා පිළිතුරු පහළින්.

ප්‍රශ්නය - දැන් රණවිරුවන් පිළිබඳව ඔබ මතක් කරා. දැන් ඒක දිගින් දිගටම ආවා. නමුත් රණවිරුවන් සාමූහිකයෙක් කියලා මේ ආණ්ඩුව පිහිටුවන්න විශාල සේවාවක් කරානේ. ඇයි ඔවුන්ට එහෙම කරන්නේ?

උත්තරය -  රණවිරු සහෝදරයෝ කිහිප දෙනෙක්ට රස්සා හම්බ වුණා. පොලිස් සහෝදරයොත් කිහිප දෙනෙක්ට රස්සා හම්බ වුණා. අනිත් උන්දලා ඉතින් පව් අසරණයි, අතුරුදන්.

ප්‍රශ්නය - ඒගොල්ලෝ රස්සා බලාපොරොත්තු වෙලාද මේ ගියේ?

උත්තරය -  නැහැ, නැහැ. ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ අඩු ගානේ ඒගොල්ලෝ දීපු ක්‍රියාකාරීව සම්මාදම් වෙලා ගෙනාපු පාලනය ගැන ආඩම්බර වෙන්න පුළුවන් තත්ත්වයක් හැදෙයි කියලා. දැන් ඒක නැති හින්දා ඒගොල්ලෝ ගුම්වෙලා හදාසරණ වෙලා ඉන්නවා.

ප්‍රශ්නය - දැන් මෙතනින් එහාට රණවිරුවන් බලාපොරොත්තු අත්හරීවිද? එතකොට මේ උසාවි පොලීසි ආයෙත් ඇරෙයිද මේවට?

උත්තරය -  ඔව්, ඒකනේ ජනාධිපතිවරයා කියන්නේ. පාර්ලිමේන්තුවේ කිව්වේ ඒකනේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පැහැදිලිව කිව්වේ අපිට තියෙනවා මෙහෙම අපරාධ චෝදනා, ඒවට අපි ක්‍රියාත්මක වෙනවා, නීතිය ක්‍රියාත්මක කරනවා. 'රණවිරු දඩයම' කියලා කියන්න එපා. ඒක තමයි ඒ කිව්වේ. චිත්‍රපටියේ ට්‍රේලර් එක දැම්මේ.

ප්‍රශ්නය - දැන් ඒක ජනාධිපතිතුමා ඇත්තටම ආවේ බොහෝ විට එදා කතා කරන්න ආවේ අර මේ ත්‍රිකුණාමල ප්‍රශ්නය. ඒ අස්සේ නේ මේක කිව්වේ.?

උත්තරය -  අර ඒ සිද්ධිය සිද්ධ වුණාම ඒකට ආපු ප්‍රතික්‍රියාව බරපතල නිසා හර්ද ස්පන්දනය වැඩි වුණා, ආතතිය වැඩි වුණා. ආතතිය පිට කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණියා. එතකොට දන්නවා න්‍යාය පත්‍රයේ තියෙනවා ඉදිරි කාලයේ තව “ආතතිය වැඩි වෙන වැඩ ටිකක්” කරන්න වෙනවා. ඇයි? මේ පොරොන්දු වෙලා ඉවරයි. එතකොට ඒකට ඒකත් බලලා මල්ලෙන් එළියට පනිනවා. ආතතිය වැඩි වුණා මෙහෙම වෙනවා. බලලා මල්ලෙන් එළියට පනිනවා අපි මෙහෙම එකක් කරන්න යනවා 'රණවිරු දඩයම' කියලා නම් කියන්න එපා. අපි ඉතින් කියනවා 'හරි සර්' කියලා.

ප්‍රශ්නය - දැන් ත්‍රිකුණාමල සිද්ධියට ඇත්තටම මේ කවුරුත් බය වුණේ මොකද, තවත් දෙතුන් පාර්ශ්වයක් ඇවිල්ලා ඉවරලා මේකට ඇතුල් වෙලා ඊට පස්සේ මේක ප්‍රශ්නයක් ඇති වෙයි, ජාතිවාදය ඇති වෙයි කියලා. නමුත් එහෙම වුණේ නැහැ, නේද?

උත්තරය -  නැහැ, නැහැ, දැන් නැහැ, දැන් නැහැ. මෙතන සාමාන්‍යයෙන් දැන් පොලීසිය භාර කවුද ඇමති? මොකක්ද එයාගේ නම?

ප්‍රශ්නය - ආනන්ද විජයපාල?

උත්තරය -  නෑ, මම කිව්වේ ඇත්ත නම... එයා ව්‍යාජ කූටලේඛනකාරයෙක්නේ.

ප්‍රශ්නය - තව නමක් තියෙනවද? 

උත්තරය -  ඔව්, එයා 'නැහැ' කියලා නැහැ. පාර්ලිමේන්තුවේත් ඒ නම කියවුණා. එයා නැහැ කියලා නැහැ. එයාගේ ඒ නම, ඒක නම නෙවෙයි කියලා නැහැ. ඉතින් එයා කූටලේඛනකාරයෙක්. බලන්නකෝ පොලීසියේ භාර ඇමති කූටලේඛනකාරයෙක්. ඒක වෙන කතාවක්. දැන් මේ කූට ලේඛනකාරයා මොකක්ද කිව්වේ? බුදු පිළිමයේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ආවා. ඒ නිසා බුදු පිළිමය වැඩම කෙරෙව්වා පොලීසියට. ආයේ ආරක්ෂාව සලසලා පහුවදා පොලීසියම වැඩම කෙරෙව්වා තිබුණු ස්ථානයට. ඉතින් මේවට අපි 'සාදු සාදු' කියන්නද, 'නොදකින්' කියන්නද? දැන් මේවා කවුද පිළිගන්නේ?

ඒ බුදු පිළිමයට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බා නම්, දැන් ඔයිට කලින් ත්‍රිකුණාමලයේ ඔය යුද්ධේ ඉවර වෙන ආසන්න කාලය වගේ නගරේ තිබුණා බුදු පිළිමයක්. ඒකටත් ඔය යම් යම් ප්‍රහාර එනවයි කියලා තොරතුරු ආවා. ඉතින් ඒකට ආරක්ෂක හමුදා දාලා ඒ සිද්ධියක් වෙන්න බැරි වෙන විදියට ක්‍රියා කළා. දැන් යම්කිසි ආගමික සංකේතයකට, මම කියන්නේ බුදු පිළිමෙකට හරි, කුරුසෙකට හරි, වෙනත් හින්දු ආගමික සංකේතයකට හරි මොකට හරි එහෙම ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒක අරන් ගිහිල්ලා පොලීසියේ තියාගන්න එක නෙවෙයි කරන්න ඕනේ. ඒ ස්ථානයට ආරක්ෂාව දෙන එක. මේ මාර රටක්නේ. දැන්, මට ආරක්ෂාව ගැන තර්ජනයක් තියෙනවයි කියලා පොලීසියේ භාර ඇමතිතුමා ඊළඟට කරයි මාව අරන් ගිහිල්ලා පොලීසියේ තියාගනියි. “නල්ලමලේ ආරක්ෂාව සැපයීමක්”. මේගොල්ලන්ගේ ආරක්ෂාව සැපයීමෙන් බේරිලා ඉන්න ඕනේ ඔක්කොටම වඩා.

ප්‍රශ්නය - කූටලේඛන කිව්ව හින්දා දැන් ඊයේ තවත් ලේඛනයක් ගැන ආවා මේ නාමල් රාජපක්ෂ මහත්තයාගෙත් මේ නීතිඥ උපාධිය පිළිබඳව ප්‍රශ්නයක් කියලා. දිගින් දිගට ඔය චෝදනාආවා. ඔබතුමාට එහෙම ප්‍රශ්න නැද්ද...

උත්තරය -  නැහැ. දැන් ඒ මොකද? ඉතින් ඔය චෝදනා මෙහෙමයි, දැන් මේ විපක්ෂයේ ඉන්න අයට ඔය බයිලා ගහලා වැඩක් නැහැ පාර්ලිමේන්තුවට ඇවිල්ලා. දැන් මේක හරි පුදුම වැඩක්නේ. මේගොල්ලන්ට පුරුදු කතාව පවත්වන එක විතරනේ. “වැඩ කරලා පුරුදු නැහැනේ”. දැන් මොනවා හරි වෙච්ච ගමන් පාර්ලිමේන්තුවේ ඇවිල්ලා අර පරණ කතාවක් අලුත් කරලා කියනවා. දැන් අවුරුද්දකට වැඩියි බලයට ඇවිල්ලා. දැන් මොනවද මේ පරණ ඇඳුම් ආයේ හෝද හෝද ඉන්නේ? එක්කෝ එහෙම නැත්නම් මොකක් හරි ඒකේ තියෙනවා නම් නීතියට අනුව වරදක්, නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. නැත්නම් අඩු ගානේ ලැජ්ජාවක් කියලා එකක් ගෑවිලාවත් තියෙනවා නම් ආයෙමත් ඔය ගොබ්බ කතා නොකියා ඉන්න ඕනා. ඒ දෙකම වෙන්නේ නැහැනේ. මේගොල්ලෝ හිතන් ඉන්නේ තාම බලය තියෙන්නේ වෙන කාටවත්, ඒගොල්ලෝ ඉන්නේ විපක්ෂේ කියලා. ඉතින් ජනාධිපතිතුමා හිතන් ඉන්නවා අර වෙනදා වගේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා “ලොරි ටෝක්” එකක් දුන්නම ඔක්කොම හරි කියලා. දැන් එහෙම නැහැ. බලයේ ඉන්නකොට කතාවලින් විතරක් දුවන්න බැහැ. “වැඩ ඕනේ”. ප්‍රාග්ධන වියදම් 22%ක් වියදම් කරලා තියෙන්නේ. කෝ වැඩ? නිදහසෙන් පස්සේ මොන ආණ්ඩුවක් යටතේද ප්‍රාග්ධන වියදම් 22%ක් තරම් සුළු ප්‍රමාණයක් අවුරුද්දකට වියදම් කළේ? අන්න පුනරුදේ. ඒක තමයි වැඩ.

ප්‍රශ්නය - දැන් ඔබතුමා පාර්ලිමේන්තුවේ නැහැ. පාර්ලිමේන්තුවේ හිටියා නම් කෑබ් එකක් ගන්න තිබුණා.

උත්තරය -  අනේ අම්මේ... වස් වදිනවා ඔය කැබ් අරන්. “පස්සේ ගෙඩි දාන”. ඔය කෑබ්වල ගියොත් මොකද දන්නවද? ඔය වාහන ගැන මොන තරම් ඉරිසියාකාර කතා කිව්වද. ගෝල්ෆේස් එකේ ප්‍රදර්ශනය කර කර මොන ගොන් ආතල් ගත්තද? ඉතින් ඒ නිසා ඒ කටවහ ඇස්වහ ඔක්කොම වැදිලා තියෙන වාහන. බුදු අම්මෝ, ඕකේ පස්ස තිබ්බොත් තියෙන එව්වත් එක්කම ඉවරයි. හැඳි ගෑවිලම යනවා.

ප්‍රශ්නය - දැන් හෙට (21) තමා දවස. යන්නේ නැහැනේ. තව ඉඩක් නැත්ද යන්න හිතක් පහළ වෙන්න?

උත්තරය -  නැහැ, අපි ඒක ප්‍රතිපත්තිමය වශයෙන් අපේ තීරණය තියෙන්නේ. අපි හිතනවා ආණ්ඩුව පළවා හැරිය යුතුයි. හැබැයි ඒක ඉතා දියුණු ප්‍රතිපත්තිමය උපාය මාර්ගයක රාමුවක් පිළිබඳ එකඟතාවයක් ඇතුව. එහෙම නැතුව මිනිස්සුන්ව ආයෙමත් කතාබහක් ඇති කරලා, ආණ්ඩුවක් හදලා ටික කාලෙකින් මිනිස්සුන්ට එපා කරවලා, ඒ මිනිස්සු ලව්වම ආයේ ආණ්ඩුව පන්නන විදියේ තත්ත්වයකට මේ රට ගෙනියන්න අපි කැමති නැහැ.

අපේ ඒ සහෝදර පක්ෂවලට අපි සුබ පතනවා, ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අපි කියන්නේ, ආණ්ඩුවක් පෙරලලා ආණ්ඩුවක් හදන්න පුළුවන්. “ආණ්ඩුවක් පවත්වාගෙන යන්න අමාරුයි”. රටේ මිනිස්සු ඉවසන්නේ නැහැ. දැන් මේ ආණ්ඩුවටත් තව ටික දවසකින් ඒක පිළිගන්න වෙනවා. ඒ නිසා අපි ආණ්ඩුව පරද්දමු. ආණ්ඩුවක් හදමු. හැබැයි “තියාගන්න හිතෙන” ආණ්ඩුවක්. “එළවන්න හිතෙන” ආණ්ඩුවක් නෙවෙයි. මිනිස්සුන්ට ගත්තු තීරණය ගැන සතුටු වෙන්න පුළුවන් ආණ්ඩුවක්. ඇත්ත කියලා ගන්න බලයක්. 

එහෙම නැතුව අපේ පක්ෂය සූදානම් නැහැ. ඒ කියන්නේ බලය ගත්තත් කෙටි කාලෙකින් ගත්තු බලය අතහරින්න සිදුවෙන විදියේ “ගමනකට” පාර කපන්න. ඒක අපේ වගකීම නෙවෙයි. අපේ භූමිකාව නෙවෙයි. ඉතින් ඒ නිසා අපි ඒක ඒ අයට සුබ පතනවා. නමුත් අපි අර බැරෑරුම් අදහසේ ඉන්න නිසා, ඒ බැරෑරුම් අදහස මත පදනම්ව යන ක්‍රියාදාමයකට අපි පූර්ණව එකඟ නිසා තමයි අපි ඒ වෙනුවෙන් මේ මතය දරන්නේ.

ප්‍රශ්නය - දැන් ඔබ 2015 දී ඔහොම නෙමෙයිනේ හිතුවේ. අවුරුද්දක් යන්න කලින්...?

උත්තරය - අතීතය කියන්නේ “පාඩම්නේ” සහෝදරයා. “අතීතය කියන්නේ පාඩම්”. සමහර වෙලාවල් තියෙනවා අපි “වලකට වැටිච්ච. හැබැයි මොළයට ලාභයක් කරගන්න ඕනේ. මොළයට ලාභයක් කර නොගන්න අතීතයේ වෙච්ච සමහර දේවල් වලින් අපි කැමති නැහැ. ඒක අතීතය කියන්නේ ගුරුවරයෙක්. ඒ ගුරුවරයාගේ ලබා දෙන මාර්ගෝපදේශකත්වයට අපි ඇහුම්කම් දෙන්න ඕන. ඒක පිළිගන්න ඕන. ඒ නිසා අපේ අතින් අතීතයේ යම්කිසි අඩුවක් වෙලා තියෙනවා නම්, ඒක නැවත නැවතත් කිරීම නෙවෙයි අපේ වගකීම. ඒ සේවය සුදුසු නැහැ. ඒ බැරෑරුම් අදහසින් තමයි අපි මේ සමස්තය දිහා බලන්නේ. ඒක මම හිතනවා නිවැරදියි කියලා.

ප්‍රශ්නය - ඒ කියන්නේ 'මහින්ද සුළඟ'ට පටන් ගැනීම වරදක් හැටියට?

උත්තරය - නෑ, නෑ. මම එහෙම නිශ්චිතව අහවල් එක අහවල් එක කියලා කිව්වේ නැහැ. ගොඩාක් නිවැරදි තීරණ අතරේ අඩුපාඩු වෙච්ච තීරණ තියෙන්න පුළුවන්. ඒවයින් ඉගෙන ගන්න ඕන.

ප්‍රශ්නය - දැන් මේකේ ඒකේ වෙනසක් දකිනවද ඔබ? දැන් එදා කරපු රැස්වීමයි, මෙදා කරපු රැස්...

උත්තරය - මම කැමති නැහැ ඒ ගැන වැඩිපුර විස්තර කරන්න. මොකද ඒ උත්සාහයට අනවශ්‍ය අගතියක් කරන්න මම එකඟ නැහැ. මොකද ඒ අර්ථයෙන් නෙවෙයි මම අපි මේකේ පාර්ශවකරුවෙක් නොවන්නේ. මම අර කියපු බැරෑරුම් අර්ථයෙන්. ඉතින් ඔය සරලව ඔය එක එක ඒවත් එක්ක සංසන්දනය කරලා උත්තර දෙන්න ගියාම මගේ ඒ සීමාව ඉක්මවා යනවා.

ප්‍රශ්නය - ඉදිරියේදී...

උත්තරය - ඔබට අවශ්‍යයි මාව සීමාවෙන් එළියට ගන්න, නමුත් මම පරිස්සම් වෙනවා ඒ සීමාව ඇතුළේ ඉන්න.

ප්‍රශ්නය - ඉදිරියේදී ඉතින් ඔබ වෙනම ගමනක් තියන්න, එතකොට වෙනම රැස්වීම් මාලාවක් තියන්න, වෙනම ජනතාව එකතු කරනවද?

උත්තරය - අපි මේ මෙන්න මේ කියන බැරෑරුම් අදහස සමාජගත කරන්න වෙනම ක්‍රියාත්මක වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඒ බැරෑරුම් අදහසට අනුකූල එකඟතාවයක් අනාගතයේ ගොඩනැගෙනවා නම්, ඒ දිහා සාධනීයව බලන්න අපි සූදානම්.

ප්‍රශ්නය - දැන් ඉදිරියේදී පළාත් සභා මැතිවරණ එයි කියලා හිතනවා. දැන් මේ එකතුවක් හදන්නේ සමහර වෙලාවට ඔතනට එන්න, ඔබ එතන නැති වෙයිද එතකොට?

උත්තරය - ඔව්, පළාත් සභා මැතිවරණය කියන්නේ ඉදිරියේදී එන්න තියෙන තීරණාත්මකම මැතිවරණය නෙවෙයිනේ. තව ඊට එහා තියෙනවනේ තීරණාත්මකම මැතිවරණ. ඉතින් ඒ අවස්ථාවන් වලදී අපි බලමු අපිට එන තත්ත්වයන් අභියෝග අනුව. අපි හිතන විදියේ බැරෑරුම් බවකින් යුක්ත පරිවර්තනයකට සූදානම් මිත්‍ර බලවේගවල එකතුවක් සිදු වෙනවා නම්, ඒක පිළිබඳව ධනාත්මකව හිතන්න සහ ක්‍රියාත්මක වෙන්න අපිට පුළුවන්.

ප්‍රශ්නය - ප්‍රවෘත්තියක් ආවා, ඉතිහාසයේ වැඩිම බදු ආදායම වාර්තා කරලා තියෙනවා කියලා. ඔබ කිව්වා ආදායම නැහැ ලංකාවේ කියලා මීට ඉස්සෙල්ලා.

උත්තරය - ආදායම නැහැ කිව්වේ නැහැ. මම කිව්වේ ප්‍රාග්ධන වියදම් 78%ක් හරවලා යවලා කියලා.

ප්‍රශ්නය - මේකේ ඇත්තටම කියන්නේ...

උත්තරය - නැහැ, වැඩිම බදු.

ප්‍රශ්නය - ඔව්.

උත්තරය - දැන් ඔබ දුරකථනයෙන් 'හලෝ' කියපු ගමන් ආසන්න වශයෙන් රුපියල් 40ක් විතර බදු. රුපියල් 100ක කාඩ් එකක් දාලා ඔබ කතා කළොත් ආසන්න වශයෙන් රුපියල් 40ක් විතර බදු. අන්තර්ජාල සේවා සඳහා දත්ත (ඩේටා) පාවිච්චි කරනවට 20.3%ක බද්දක් තියෙනවා. හඬ සේවා (කෝල්) ගත්තම තියෙනවා 38.4%ක බද්දක්. එතකොට රුපියල් 100ක් මුදලක් රීලෝඩ් කරලා කෝල් ගන්නේ නැතුව දත්ත භාවිතා කළොත්, රුපියල් 100න් ආසන්න වශයෙන් රුපියල් 79.30ක විතර කතා කරන්න පුළුවන්. රුපියල් 100න් 61ශත 60 ක කතා කරන්න පුළුවන්. එතකොට රුපියල් 100ක් දාලා කතා කරනකොට ආණ්ඩුව කතාව අස්සේ ගහනවා රුපියල් 39ක් විතර කොල්ල කනවා.

ඉතින් අපි කරන කතාවෙන් එහෙම ගහනවා නම්, ආණ්ඩුව බදු කන ඒවයෙන්, බොන ඒවයෙන්, දුවන පනින ඒවයෙන්, බෙහෙත් බොන ඒවයෙන්, මේ ඔක්කොගෙම ඉස්කෝලේ ගෙනියන ඒවයෙන්, සපත්තුවෙන්, සෙරෙප්පුවෙන්. පිටරට ඉඳන් ගෙනාපු මනුස්සයෙක් මොනවා හරි පරණ ෆ්‍රිජ් එකක් උපකරණ ටිකක් එවනවා. එහේ හිතින් පරණ කොට මෙහෙට ඒක අලුත් හින්දා. දැන් එහේ පරණ වාහන අපි ගෙනල්ලා මෙහේ පදින්නේ. ඉතින් ඒවා හොඳයි. දැන් අර මිනිස්සු ගෙදරට එවන බඩු ටිකත් ඒ වගේ ඉන්නත් බැහැ. එතකොට එහෙමත් ඒ පැත්ත පීඩනයට ලක් කරනවා. පහළට දෙන්න තියෙන පීඩනය නැත්තට නැති වෙන්න දෙනවා.

“පස් දෙනා තමයි ආර්ථිකයේ ගමන් මග තීරණය කරන්නේ”. පස් දෙනා තමයි; මලික් සමරවික්‍රම, ධම්මික පෙරේරා, ක්‍රිශාන් බාලේන්ද්‍ර, හනීෆ් යූසුෆ්, ඉෂාර නානාක්කාර. ඒ පස් දෙනාට ප්‍රශ්නයක් නැහැ. අපිට 'හලෝ' කිව්වම රුපියල් 40ක් ආණ්ඩුව ගහලා ගත්තට. ඒක ප්‍රශ්නයක් නැහැ. 

ප්‍රශ්නය - දැන් මේක සතුටෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතිහාසය කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ අපි බොහොම “සක්සස්” කියන...

උත්තරය - ඔව් ඉතින්. ඉතින් ඔබ කන ටිකෙන්, ඔබ අඳින එකෙන්, ඔබේ තියෙන පෑනෙන්, ඔබේ තියෙන දුරකථනයෙන්, ඔබ කරන දුරකථන ඇමතුමෙන්, ඔබ කරන අන්තර්ජාල පහසුකම ලබා ගැනීමෙන්, ඔබේ බෙල්ට් එකෙන්, ඔබේ යට ඇඳුමෙන්, ඔබේ කලිසමෙන්, ඔබේ සපත්තුවෙන්, ඔබේ මේස් එකෙන්, ඔබේ කොණ්ඩ කපන එකෙන්, ගැටුමක් ගැහුවොත් ඒකෙන්. ඔය ඔක්කොගෙන්ම ගන්නකොට බදු ආදායම සරුයි තමයි. අර පස් දෙනා පෙන්නන්නේ නැහැ උඩින් බදු ගන්න විදිය. උඩට බදු වැඩිපුර දෙන විදිය ඒගොල්ලෝ කියන්නේ නැහැ. රුපියල් ලක්ෂයක මාසික පිරිවැටුමක් තියෙන කඩේට තමයි දවසක පිරිවැටුමක් තියෙන කඩේට තමයි වැට් එක ගහන්න කියලා කියන්නේ. අන වැඩි කරන්නේත් වැට් නේ. ඒක එන්නේ කෙලින්ම පාරිභෝගිකයාටනේ. හැබැයි දැන් ඉතින් ගන්න තියෙන උපරිමයට ගිහිල්ලා ඉවරයි. තව ගන්න ගියොත් මම හිතන්නේ නැහැ මිනිස්සු දරා ගැනීමේ සීමාව ඉක්මවයි.

සම්බන්ධිත පුවත් | Related News

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.
කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.
ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.
විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.
ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ප්‍රධාන පුවත්

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..

ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..

පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.