News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුව පළවා හැරිය යුතුයි.. හැබැයි එය සිදුවිය යුත්තේ ඉතා දියුණු ප්‍රතිපත්තිමය උපාය මාර්ගික රාමුවක් පිළිබඳ එකඟතාවයක් ඇතුව - විමල් වීරවංශ

Nov 21, 2025 at 07:58 AM
|

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියේ ප්‍රතික්‍රියාව බරපතල නිසා ජනපති අනුරගේ හර්ද ස්පන්දනය වැඩි වී ආතතිය වැඩි වු නිසා පාර්ලිමේන්තුවට පැමිණ කතාවක් සිදුකළ බවත්, එහිදී බලලා මල්ලෙන් එළියට පැණ 'නීතිය ක්‍රියාත්මක කිරීමේ දී 'රණවිරු දඩයම' කියා නම් කියන්න එපා' යැයි පැවසූ බවත් ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මාධ්‍ය සාකච්ඡාවක දී ඒ මහතා පැවසුවේ ආණ්ඩුව පළවා හැරිය යුතු බවත්, එහෙත් එය සිදුවිය යුත්තේ ඉතා දියුණු ප්‍රතිපත්තිමය උපාය මාර්ගික රාමුවක් පිළිබඳ එකඟතාවයක් ඇතුව බවත්ය.

 මාධ්‍ය සාකච්ඡාව අවසානයේ විමල් වීරවංශ මහතා සහ පැමිණ සිටි මාධ්‍යවේදීන් අතර ඇති වූ සංවාදයේ ප්‍රශ්න හා පිළිතුරු පහළින්.

ප්‍රශ්නය - දැන් රණවිරුවන් පිළිබඳව ඔබ මතක් කරා. දැන් ඒක දිගින් දිගටම ආවා. නමුත් රණවිරුවන් සාමූහිකයෙක් කියලා මේ ආණ්ඩුව පිහිටුවන්න විශාල සේවාවක් කරානේ. ඇයි ඔවුන්ට එහෙම කරන්නේ?

උත්තරය -  රණවිරු සහෝදරයෝ කිහිප දෙනෙක්ට රස්සා හම්බ වුණා. පොලිස් සහෝදරයොත් කිහිප දෙනෙක්ට රස්සා හම්බ වුණා. අනිත් උන්දලා ඉතින් පව් අසරණයි, අතුරුදන්.

ප්‍රශ්නය - ඒගොල්ලෝ රස්සා බලාපොරොත්තු වෙලාද මේ ගියේ?

උත්තරය -  නැහැ, නැහැ. ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ අඩු ගානේ ඒගොල්ලෝ දීපු ක්‍රියාකාරීව සම්මාදම් වෙලා ගෙනාපු පාලනය ගැන ආඩම්බර වෙන්න පුළුවන් තත්ත්වයක් හැදෙයි කියලා. දැන් ඒක නැති හින්දා ඒගොල්ලෝ ගුම්වෙලා හදාසරණ වෙලා ඉන්නවා.

ප්‍රශ්නය - දැන් මෙතනින් එහාට රණවිරුවන් බලාපොරොත්තු අත්හරීවිද? එතකොට මේ උසාවි පොලීසි ආයෙත් ඇරෙයිද මේවට?

උත්තරය -  ඔව්, ඒකනේ ජනාධිපතිවරයා කියන්නේ. පාර්ලිමේන්තුවේ කිව්වේ ඒකනේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පැහැදිලිව කිව්වේ අපිට තියෙනවා මෙහෙම අපරාධ චෝදනා, ඒවට අපි ක්‍රියාත්මක වෙනවා, නීතිය ක්‍රියාත්මක කරනවා. 'රණවිරු දඩයම' කියලා කියන්න එපා. ඒක තමයි ඒ කිව්වේ. චිත්‍රපටියේ ට්‍රේලර් එක දැම්මේ.

ප්‍රශ්නය - දැන් ඒක ජනාධිපතිතුමා ඇත්තටම ආවේ බොහෝ විට එදා කතා කරන්න ආවේ අර මේ ත්‍රිකුණාමල ප්‍රශ්නය. ඒ අස්සේ නේ මේක කිව්වේ.?

උත්තරය -  අර ඒ සිද්ධිය සිද්ධ වුණාම ඒකට ආපු ප්‍රතික්‍රියාව බරපතල නිසා හර්ද ස්පන්දනය වැඩි වුණා, ආතතිය වැඩි වුණා. ආතතිය පිට කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණියා. එතකොට දන්නවා න්‍යාය පත්‍රයේ තියෙනවා ඉදිරි කාලයේ තව “ආතතිය වැඩි වෙන වැඩ ටිකක්” කරන්න වෙනවා. ඇයි? මේ පොරොන්දු වෙලා ඉවරයි. එතකොට ඒකට ඒකත් බලලා මල්ලෙන් එළියට පනිනවා. ආතතිය වැඩි වුණා මෙහෙම වෙනවා. බලලා මල්ලෙන් එළියට පනිනවා අපි මෙහෙම එකක් කරන්න යනවා 'රණවිරු දඩයම' කියලා නම් කියන්න එපා. අපි ඉතින් කියනවා 'හරි සර්' කියලා.

ප්‍රශ්නය - දැන් ත්‍රිකුණාමල සිද්ධියට ඇත්තටම මේ කවුරුත් බය වුණේ මොකද, තවත් දෙතුන් පාර්ශ්වයක් ඇවිල්ලා ඉවරලා මේකට ඇතුල් වෙලා ඊට පස්සේ මේක ප්‍රශ්නයක් ඇති වෙයි, ජාතිවාදය ඇති වෙයි කියලා. නමුත් එහෙම වුණේ නැහැ, නේද?

උත්තරය -  නැහැ, නැහැ, දැන් නැහැ, දැන් නැහැ. මෙතන සාමාන්‍යයෙන් දැන් පොලීසිය භාර කවුද ඇමති? මොකක්ද එයාගේ නම?

ප්‍රශ්නය - ආනන්ද විජයපාල?

උත්තරය -  නෑ, මම කිව්වේ ඇත්ත නම... එයා ව්‍යාජ කූටලේඛනකාරයෙක්නේ.

ප්‍රශ්නය - තව නමක් තියෙනවද? 

උත්තරය -  ඔව්, එයා 'නැහැ' කියලා නැහැ. පාර්ලිමේන්තුවේත් ඒ නම කියවුණා. එයා නැහැ කියලා නැහැ. එයාගේ ඒ නම, ඒක නම නෙවෙයි කියලා නැහැ. ඉතින් එයා කූටලේඛනකාරයෙක්. බලන්නකෝ පොලීසියේ භාර ඇමති කූටලේඛනකාරයෙක්. ඒක වෙන කතාවක්. දැන් මේ කූට ලේඛනකාරයා මොකක්ද කිව්වේ? බුදු පිළිමයේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ආවා. ඒ නිසා බුදු පිළිමය වැඩම කෙරෙව්වා පොලීසියට. ආයේ ආරක්ෂාව සලසලා පහුවදා පොලීසියම වැඩම කෙරෙව්වා තිබුණු ස්ථානයට. ඉතින් මේවට අපි 'සාදු සාදු' කියන්නද, 'නොදකින්' කියන්නද? දැන් මේවා කවුද පිළිගන්නේ?

ඒ බුදු පිළිමයට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බා නම්, දැන් ඔයිට කලින් ත්‍රිකුණාමලයේ ඔය යුද්ධේ ඉවර වෙන ආසන්න කාලය වගේ නගරේ තිබුණා බුදු පිළිමයක්. ඒකටත් ඔය යම් යම් ප්‍රහාර එනවයි කියලා තොරතුරු ආවා. ඉතින් ඒකට ආරක්ෂක හමුදා දාලා ඒ සිද්ධියක් වෙන්න බැරි වෙන විදියට ක්‍රියා කළා. දැන් යම්කිසි ආගමික සංකේතයකට, මම කියන්නේ බුදු පිළිමෙකට හරි, කුරුසෙකට හරි, වෙනත් හින්දු ආගමික සංකේතයකට හරි මොකට හරි එහෙම ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒක අරන් ගිහිල්ලා පොලීසියේ තියාගන්න එක නෙවෙයි කරන්න ඕනේ. ඒ ස්ථානයට ආරක්ෂාව දෙන එක. මේ මාර රටක්නේ. දැන්, මට ආරක්ෂාව ගැන තර්ජනයක් තියෙනවයි කියලා පොලීසියේ භාර ඇමතිතුමා ඊළඟට කරයි මාව අරන් ගිහිල්ලා පොලීසියේ තියාගනියි. “නල්ලමලේ ආරක්ෂාව සැපයීමක්”. මේගොල්ලන්ගේ ආරක්ෂාව සැපයීමෙන් බේරිලා ඉන්න ඕනේ ඔක්කොටම වඩා.

ප්‍රශ්නය - කූටලේඛන කිව්ව හින්දා දැන් ඊයේ තවත් ලේඛනයක් ගැන ආවා මේ නාමල් රාජපක්ෂ මහත්තයාගෙත් මේ නීතිඥ උපාධිය පිළිබඳව ප්‍රශ්නයක් කියලා. දිගින් දිගට ඔය චෝදනාආවා. ඔබතුමාට එහෙම ප්‍රශ්න නැද්ද...

උත්තරය -  නැහැ. දැන් ඒ මොකද? ඉතින් ඔය චෝදනා මෙහෙමයි, දැන් මේ විපක්ෂයේ ඉන්න අයට ඔය බයිලා ගහලා වැඩක් නැහැ පාර්ලිමේන්තුවට ඇවිල්ලා. දැන් මේක හරි පුදුම වැඩක්නේ. මේගොල්ලන්ට පුරුදු කතාව පවත්වන එක විතරනේ. “වැඩ කරලා පුරුදු නැහැනේ”. දැන් මොනවා හරි වෙච්ච ගමන් පාර්ලිමේන්තුවේ ඇවිල්ලා අර පරණ කතාවක් අලුත් කරලා කියනවා. දැන් අවුරුද්දකට වැඩියි බලයට ඇවිල්ලා. දැන් මොනවද මේ පරණ ඇඳුම් ආයේ හෝද හෝද ඉන්නේ? එක්කෝ එහෙම නැත්නම් මොකක් හරි ඒකේ තියෙනවා නම් නීතියට අනුව වරදක්, නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. නැත්නම් අඩු ගානේ ලැජ්ජාවක් කියලා එකක් ගෑවිලාවත් තියෙනවා නම් ආයෙමත් ඔය ගොබ්බ කතා නොකියා ඉන්න ඕනා. ඒ දෙකම වෙන්නේ නැහැනේ. මේගොල්ලෝ හිතන් ඉන්නේ තාම බලය තියෙන්නේ වෙන කාටවත්, ඒගොල්ලෝ ඉන්නේ විපක්ෂේ කියලා. ඉතින් ජනාධිපතිතුමා හිතන් ඉන්නවා අර වෙනදා වගේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා “ලොරි ටෝක්” එකක් දුන්නම ඔක්කොම හරි කියලා. දැන් එහෙම නැහැ. බලයේ ඉන්නකොට කතාවලින් විතරක් දුවන්න බැහැ. “වැඩ ඕනේ”. ප්‍රාග්ධන වියදම් 22%ක් වියදම් කරලා තියෙන්නේ. කෝ වැඩ? නිදහසෙන් පස්සේ මොන ආණ්ඩුවක් යටතේද ප්‍රාග්ධන වියදම් 22%ක් තරම් සුළු ප්‍රමාණයක් අවුරුද්දකට වියදම් කළේ? අන්න පුනරුදේ. ඒක තමයි වැඩ.

ප්‍රශ්නය - දැන් ඔබතුමා පාර්ලිමේන්තුවේ නැහැ. පාර්ලිමේන්තුවේ හිටියා නම් කෑබ් එකක් ගන්න තිබුණා.

උත්තරය -  අනේ අම්මේ... වස් වදිනවා ඔය කැබ් අරන්. “පස්සේ ගෙඩි දාන”. ඔය කෑබ්වල ගියොත් මොකද දන්නවද? ඔය වාහන ගැන මොන තරම් ඉරිසියාකාර කතා කිව්වද. ගෝල්ෆේස් එකේ ප්‍රදර්ශනය කර කර මොන ගොන් ආතල් ගත්තද? ඉතින් ඒ නිසා ඒ කටවහ ඇස්වහ ඔක්කොම වැදිලා තියෙන වාහන. බුදු අම්මෝ, ඕකේ පස්ස තිබ්බොත් තියෙන එව්වත් එක්කම ඉවරයි. හැඳි ගෑවිලම යනවා.

ප්‍රශ්නය - දැන් හෙට (21) තමා දවස. යන්නේ නැහැනේ. තව ඉඩක් නැත්ද යන්න හිතක් පහළ වෙන්න?

උත්තරය -  නැහැ, අපි ඒක ප්‍රතිපත්තිමය වශයෙන් අපේ තීරණය තියෙන්නේ. අපි හිතනවා ආණ්ඩුව පළවා හැරිය යුතුයි. හැබැයි ඒක ඉතා දියුණු ප්‍රතිපත්තිමය උපාය මාර්ගයක රාමුවක් පිළිබඳ එකඟතාවයක් ඇතුව. එහෙම නැතුව මිනිස්සුන්ව ආයෙමත් කතාබහක් ඇති කරලා, ආණ්ඩුවක් හදලා ටික කාලෙකින් මිනිස්සුන්ට එපා කරවලා, ඒ මිනිස්සු ලව්වම ආයේ ආණ්ඩුව පන්නන විදියේ තත්ත්වයකට මේ රට ගෙනියන්න අපි කැමති නැහැ.

අපේ ඒ සහෝදර පක්ෂවලට අපි සුබ පතනවා, ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අපි කියන්නේ, ආණ්ඩුවක් පෙරලලා ආණ්ඩුවක් හදන්න පුළුවන්. “ආණ්ඩුවක් පවත්වාගෙන යන්න අමාරුයි”. රටේ මිනිස්සු ඉවසන්නේ නැහැ. දැන් මේ ආණ්ඩුවටත් තව ටික දවසකින් ඒක පිළිගන්න වෙනවා. ඒ නිසා අපි ආණ්ඩුව පරද්දමු. ආණ්ඩුවක් හදමු. හැබැයි “තියාගන්න හිතෙන” ආණ්ඩුවක්. “එළවන්න හිතෙන” ආණ්ඩුවක් නෙවෙයි. මිනිස්සුන්ට ගත්තු තීරණය ගැන සතුටු වෙන්න පුළුවන් ආණ්ඩුවක්. ඇත්ත කියලා ගන්න බලයක්. 

එහෙම නැතුව අපේ පක්ෂය සූදානම් නැහැ. ඒ කියන්නේ බලය ගත්තත් කෙටි කාලෙකින් ගත්තු බලය අතහරින්න සිදුවෙන විදියේ “ගමනකට” පාර කපන්න. ඒක අපේ වගකීම නෙවෙයි. අපේ භූමිකාව නෙවෙයි. ඉතින් ඒ නිසා අපි ඒක ඒ අයට සුබ පතනවා. නමුත් අපි අර බැරෑරුම් අදහසේ ඉන්න නිසා, ඒ බැරෑරුම් අදහස මත පදනම්ව යන ක්‍රියාදාමයකට අපි පූර්ණව එකඟ නිසා තමයි අපි ඒ වෙනුවෙන් මේ මතය දරන්නේ.

ප්‍රශ්නය - දැන් ඔබ 2015 දී ඔහොම නෙමෙයිනේ හිතුවේ. අවුරුද්දක් යන්න කලින්...?

උත්තරය - අතීතය කියන්නේ “පාඩම්නේ” සහෝදරයා. “අතීතය කියන්නේ පාඩම්”. සමහර වෙලාවල් තියෙනවා අපි “වලකට වැටිච්ච. හැබැයි මොළයට ලාභයක් කරගන්න ඕනේ. මොළයට ලාභයක් කර නොගන්න අතීතයේ වෙච්ච සමහර දේවල් වලින් අපි කැමති නැහැ. ඒක අතීතය කියන්නේ ගුරුවරයෙක්. ඒ ගුරුවරයාගේ ලබා දෙන මාර්ගෝපදේශකත්වයට අපි ඇහුම්කම් දෙන්න ඕන. ඒක පිළිගන්න ඕන. ඒ නිසා අපේ අතින් අතීතයේ යම්කිසි අඩුවක් වෙලා තියෙනවා නම්, ඒක නැවත නැවතත් කිරීම නෙවෙයි අපේ වගකීම. ඒ සේවය සුදුසු නැහැ. ඒ බැරෑරුම් අදහසින් තමයි අපි මේ සමස්තය දිහා බලන්නේ. ඒක මම හිතනවා නිවැරදියි කියලා.

ප්‍රශ්නය - ඒ කියන්නේ 'මහින්ද සුළඟ'ට පටන් ගැනීම වරදක් හැටියට?

උත්තරය - නෑ, නෑ. මම එහෙම නිශ්චිතව අහවල් එක අහවල් එක කියලා කිව්වේ නැහැ. ගොඩාක් නිවැරදි තීරණ අතරේ අඩුපාඩු වෙච්ච තීරණ තියෙන්න පුළුවන්. ඒවයින් ඉගෙන ගන්න ඕන.

ප්‍රශ්නය - දැන් මේකේ ඒකේ වෙනසක් දකිනවද ඔබ? දැන් එදා කරපු රැස්වීමයි, මෙදා කරපු රැස්...

උත්තරය - මම කැමති නැහැ ඒ ගැන වැඩිපුර විස්තර කරන්න. මොකද ඒ උත්සාහයට අනවශ්‍ය අගතියක් කරන්න මම එකඟ නැහැ. මොකද ඒ අර්ථයෙන් නෙවෙයි මම අපි මේකේ පාර්ශවකරුවෙක් නොවන්නේ. මම අර කියපු බැරෑරුම් අර්ථයෙන්. ඉතින් ඔය සරලව ඔය එක එක ඒවත් එක්ක සංසන්දනය කරලා උත්තර දෙන්න ගියාම මගේ ඒ සීමාව ඉක්මවා යනවා.

ප්‍රශ්නය - ඉදිරියේදී...

උත්තරය - ඔබට අවශ්‍යයි මාව සීමාවෙන් එළියට ගන්න, නමුත් මම පරිස්සම් වෙනවා ඒ සීමාව ඇතුළේ ඉන්න.

ප්‍රශ්නය - ඉදිරියේදී ඉතින් ඔබ වෙනම ගමනක් තියන්න, එතකොට වෙනම රැස්වීම් මාලාවක් තියන්න, වෙනම ජනතාව එකතු කරනවද?

උත්තරය - අපි මේ මෙන්න මේ කියන බැරෑරුම් අදහස සමාජගත කරන්න වෙනම ක්‍රියාත්මක වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඒ බැරෑරුම් අදහසට අනුකූල එකඟතාවයක් අනාගතයේ ගොඩනැගෙනවා නම්, ඒ දිහා සාධනීයව බලන්න අපි සූදානම්.

ප්‍රශ්නය - දැන් ඉදිරියේදී පළාත් සභා මැතිවරණ එයි කියලා හිතනවා. දැන් මේ එකතුවක් හදන්නේ සමහර වෙලාවට ඔතනට එන්න, ඔබ එතන නැති වෙයිද එතකොට?

උත්තරය - ඔව්, පළාත් සභා මැතිවරණය කියන්නේ ඉදිරියේදී එන්න තියෙන තීරණාත්මකම මැතිවරණය නෙවෙයිනේ. තව ඊට එහා තියෙනවනේ තීරණාත්මකම මැතිවරණ. ඉතින් ඒ අවස්ථාවන් වලදී අපි බලමු අපිට එන තත්ත්වයන් අභියෝග අනුව. අපි හිතන විදියේ බැරෑරුම් බවකින් යුක්ත පරිවර්තනයකට සූදානම් මිත්‍ර බලවේගවල එකතුවක් සිදු වෙනවා නම්, ඒක පිළිබඳව ධනාත්මකව හිතන්න සහ ක්‍රියාත්මක වෙන්න අපිට පුළුවන්.

ප්‍රශ්නය - ප්‍රවෘත්තියක් ආවා, ඉතිහාසයේ වැඩිම බදු ආදායම වාර්තා කරලා තියෙනවා කියලා. ඔබ කිව්වා ආදායම නැහැ ලංකාවේ කියලා මීට ඉස්සෙල්ලා.

උත්තරය - ආදායම නැහැ කිව්වේ නැහැ. මම කිව්වේ ප්‍රාග්ධන වියදම් 78%ක් හරවලා යවලා කියලා.

ප්‍රශ්නය - මේකේ ඇත්තටම කියන්නේ...

උත්තරය - නැහැ, වැඩිම බදු.

ප්‍රශ්නය - ඔව්.

උත්තරය - දැන් ඔබ දුරකථනයෙන් 'හලෝ' කියපු ගමන් ආසන්න වශයෙන් රුපියල් 40ක් විතර බදු. රුපියල් 100ක කාඩ් එකක් දාලා ඔබ කතා කළොත් ආසන්න වශයෙන් රුපියල් 40ක් විතර බදු. අන්තර්ජාල සේවා සඳහා දත්ත (ඩේටා) පාවිච්චි කරනවට 20.3%ක බද්දක් තියෙනවා. හඬ සේවා (කෝල්) ගත්තම තියෙනවා 38.4%ක බද්දක්. එතකොට රුපියල් 100ක් මුදලක් රීලෝඩ් කරලා කෝල් ගන්නේ නැතුව දත්ත භාවිතා කළොත්, රුපියල් 100න් ආසන්න වශයෙන් රුපියල් 79.30ක විතර කතා කරන්න පුළුවන්. රුපියල් 100න් 61ශත 60 ක කතා කරන්න පුළුවන්. එතකොට රුපියල් 100ක් දාලා කතා කරනකොට ආණ්ඩුව කතාව අස්සේ ගහනවා රුපියල් 39ක් විතර කොල්ල කනවා.

ඉතින් අපි කරන කතාවෙන් එහෙම ගහනවා නම්, ආණ්ඩුව බදු කන ඒවයෙන්, බොන ඒවයෙන්, දුවන පනින ඒවයෙන්, බෙහෙත් බොන ඒවයෙන්, මේ ඔක්කොගෙම ඉස්කෝලේ ගෙනියන ඒවයෙන්, සපත්තුවෙන්, සෙරෙප්පුවෙන්. පිටරට ඉඳන් ගෙනාපු මනුස්සයෙක් මොනවා හරි පරණ ෆ්‍රිජ් එකක් උපකරණ ටිකක් එවනවා. එහේ හිතින් පරණ කොට මෙහෙට ඒක අලුත් හින්දා. දැන් එහේ පරණ වාහන අපි ගෙනල්ලා මෙහේ පදින්නේ. ඉතින් ඒවා හොඳයි. දැන් අර මිනිස්සු ගෙදරට එවන බඩු ටිකත් ඒ වගේ ඉන්නත් බැහැ. එතකොට එහෙමත් ඒ පැත්ත පීඩනයට ලක් කරනවා. පහළට දෙන්න තියෙන පීඩනය නැත්තට නැති වෙන්න දෙනවා.

“පස් දෙනා තමයි ආර්ථිකයේ ගමන් මග තීරණය කරන්නේ”. පස් දෙනා තමයි; මලික් සමරවික්‍රම, ධම්මික පෙරේරා, ක්‍රිශාන් බාලේන්ද්‍ර, හනීෆ් යූසුෆ්, ඉෂාර නානාක්කාර. ඒ පස් දෙනාට ප්‍රශ්නයක් නැහැ. අපිට 'හලෝ' කිව්වම රුපියල් 40ක් ආණ්ඩුව ගහලා ගත්තට. ඒක ප්‍රශ්නයක් නැහැ. 

ප්‍රශ්නය - දැන් මේක සතුටෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතිහාසය කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ අපි බොහොම “සක්සස්” කියන...

උත්තරය - ඔව් ඉතින්. ඉතින් ඔබ කන ටිකෙන්, ඔබ අඳින එකෙන්, ඔබේ තියෙන පෑනෙන්, ඔබේ තියෙන දුරකථනයෙන්, ඔබ කරන දුරකථන ඇමතුමෙන්, ඔබ කරන අන්තර්ජාල පහසුකම ලබා ගැනීමෙන්, ඔබේ බෙල්ට් එකෙන්, ඔබේ යට ඇඳුමෙන්, ඔබේ කලිසමෙන්, ඔබේ සපත්තුවෙන්, ඔබේ මේස් එකෙන්, ඔබේ කොණ්ඩ කපන එකෙන්, ගැටුමක් ගැහුවොත් ඒකෙන්. ඔය ඔක්කොගෙන්ම ගන්නකොට බදු ආදායම සරුයි තමයි. අර පස් දෙනා පෙන්නන්නේ නැහැ උඩින් බදු ගන්න විදිය. උඩට බදු වැඩිපුර දෙන විදිය ඒගොල්ලෝ කියන්නේ නැහැ. රුපියල් ලක්ෂයක මාසික පිරිවැටුමක් තියෙන කඩේට තමයි දවසක පිරිවැටුමක් තියෙන කඩේට තමයි වැට් එක ගහන්න කියලා කියන්නේ. අන වැඩි කරන්නේත් වැට් නේ. ඒක එන්නේ කෙලින්ම පාරිභෝගිකයාටනේ. හැබැයි දැන් ඉතින් ගන්න තියෙන උපරිමයට ගිහිල්ලා ඉවරයි. තව ගන්න ගියොත් මම හිතන්නේ නැහැ මිනිස්සු දරා ගැනීමේ සීමාව ඉක්මවයි.

සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.