News Category
From Date
To Date
Maximum Number of Result

2026 අයවැය කියන්නේ අපේ රටේ කෘෂිකර්මාන්තය බිමට සමතලා කිරීමට සකස් කළ “අයි. එම්. එෆ් වට්ටෝරුවක්” - ජාතික ගොවි ව්‍යාපාරය

Nov 13, 2025 at 07:01 AM
|

ජනාධිපතිවරයා විසින් මුදල් ඇමතිවරයා ලෙස පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2026 අයවැය ලේඛනය සමස්තයක් ලෙසම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපත්ති සහ වට්ටෝරු ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කරන ලද ලියවිල්ලක් බවත්, එමගින් රටේ මුළු මහත් කෘෂිකර්මාන්තයම බිමට සමතලා කර දමා ගොවියා පාරට ඇද දැමීමට  අවශ්‍ය කුමන්ත්‍රණයක් සූදානම් කර ඇති බවත් ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා ප්‍රකාශ කළේය. 

ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික ගොවි ව්‍යාපාරය එම ප්‍රකාශය කළේ අද (2025 නොවැම්බර් 12) බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. 

 ගොවියා රජ කරවන්නට ජනතාවට පොරොන්දු දෙමින් බලය ලබාගත් වත්මන් පුනරුද ආණ්ඩුව (IMF) වට්ටෝරුව මත  මේ වනවිට මෙරටේ නිපදවිය හැකි සෑම දෙයක්ම පිටරටින් ගෙන්වන තැනට ආර්ථිකය පත් කරමින් සිටින බවත්, එබැවින් පැය හතරහමාරක් පුරා ඉදිරිපත් කළ 2026 අයවැය “වචන මාරයි, විසඳුම් බිංදුවයි, ගොවියි හමාරයි” ලෙස කෙටියෙන් හැඳින්විය හැකි බවත් හේරත් මහතා පැවසීය.

නව අයවැය සකස් කර ඇත්තේ කිසිදු නිෂ්පාදන ක්ෂේත්‍රයක් ගැන අවධානය යොමු නොකර, සම්පූර්ණයෙන්ම බදු මත පමණක් දුවන තත්ත්වයට බවත්, ඇස්තමේන්තුගත ආදායම වන රුපියල් බිලියන 5305න් රුපියල් බිලියන 4850ක්ම බදු ආදායම ලෙස (91.42%) අන්තර්ගත වී ඇති බවත් හේරත් මහතා පෙන්වා දුන්නේය. 

මෙම බදු ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා අර්තාපල්, බී ලූණු, හාල් සහ බඩ ඉරිඟු ආනයනය කිරීම වැනි කාරණාවලට බලපා ඇති බවත්, අස්වනු නෙළන කාලයට පිටරටින් ද්‍රව්‍ය ගෙන්වීම නැවැත්වීමට හෝ බීජ මිල දරා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් අයවැයේ එකදු යෝජනාවක්වත් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය. ගොවි ජනතාවගේ මුදල් පසුම්බිය හිස් කරමින්, අල, වී, ලූණු ගොවියන්ගේ ආර්ථිකය නන්නත්තාර කරමින් ආණ්ඩුව “භාණ්ඩාගාරය පිරී ඉතිරී යන බවට පුරසාරම්” දොඩන බව ඔහු චෝදනා කළේය.

අයිඑම්එෆ් යෝජනාවල බලපෑම හේතුවෙන් වැලිමඩ, බණ්ඩාරවෙල, දඹුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව ආදී ප්‍රදේශවල ගොවීන් තමන්ගේ අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව පාරට බැසීමට සිදුවී ඇති බව හේරත් මහතා සිහිපත් කළේය. 

අර්තාපල්, බී ලූණු, බඩ ඉරිඟු සහ වී වගා කළ ගොවීන් පාඩු ලැබීම නිසා වගාවෙන් ඉවත් වෙමින් සිටින බවත්, ගොවීන් වගාවෙන් ඉවත් වීමෙන් පසු ඔවුන්ට ජීවත් වීමට බැරි වන විට, අයවැයේ 9 වන යෝජනාව යටතේ ඉඩම් මැනීමේ වාර්තා පද්ධතියක් (Land measuring report system) සෑදීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කර තිබීම “සැලසුම් සහගත ක්‍රියාවක්” බවට සැක පළ කළේය.

දඹුල්ලේ සහ වැලිමඩ අල ගොවියා, අනුරාධපුරේ සහ කුරුණෑගල වී ගොවියා පාරට බැස සටන් පාඨ නගන්නේ “පිටරට අල එපා, පිටරට හාල් එපා” කියමිනි. මෙම සටන් පාඨවල අන්තර්ගතව ඇත්තේ අයිඑම්එෆ් ප්‍රතිපත්තියට එරෙහි වීම බව පැහැදිලි වුවත්, පාර්ලිමේන්තුවේ හෝ බොහෝ දේශපාලන වේදිකාවල එම ප්‍රතිපත්ති විවේචනය කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම පුදුම සහගත බව හේරත් මහතා සඳහන් කළේය. ඔහු අවසාන වශයෙන් සමස්ත ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේ, ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට එරෙහි වනවා සේම, “අයිඑම්එෆ්  විනාශකාරී ප්‍රතිපත්තිවලටත්, එහි වට්ටෝරු වලටත් එරෙහිව පෙනී සිටිය යුතු බවයි”. 

එසේ නොකළහොත්, 2026 වර්ෂය ද ගොවියාට නිරන්තරයෙන් පාරේ සිටීමට සිදුවන වර්ෂයක් වනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.

ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් විසින් මෙහිදී සිදුකළ අදහස් දැක්වීම පහළින්..

"මම ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත්. අපි අද මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ, විශේෂයෙන්ම 2026 වර්ෂය සඳහා ඉදිරිපත් වී ඇති අයවැය පිළිබඳවත්, ඊළඟට මේ දිනවල රටපුරා ඇවිලෙමින් පවතින ගොවි සටන් පිළිබඳවත්, ඉදිරි 2026 වර්ෂය සඳහා ඒක අපේ රටේ ගොවි ජනතාවට බලපාන ආකාරය සම්බන්ධයෙනුත් වැදගත් කරුණු රාශියක් මේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම සඳහායි. 

දැන් අපි කවුරුත් දන්නවා 2026 වර්ෂය සඳහා අයවය ලේඛනය අපේ රටේ මුදල් ඇමතිවරයා විදිහට ජනාධිපතිවරයා පහුගිය හත්වෙනිදා පාර්ලිමේන්තු ඉදිරිපත් කලා. අපි ගත්තට පස්සේ අයවය කතාව පරිශීලනය කරාට පස්සේ, ඇහුවට පස්සේ ඒ අයවය මුළු මනින්ම අයිඑම්එෆ් එකේ ප්‍රතිපත්ති මත සැකසි, අයිඑම්එෆ් එකේ වට්ටෝරුවක්, ජාතයන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන ලියවිල්ලක් විදිහට තමයි අපි මේ සමස්ත අයවැය ලේඛනයම දකින්නේ.

අපි දැක්කා මේ පහුගිය අවුරුද්දෙත් මේ අවුරුද්දේ මුළුල්ලෙත් අයිඑම්එෆ් එකේ යෝජනා නිසා, ඒ යෝජනාවල බලපෑමට ලක්වෙච්ච ගොවි ජනතාව තමයි වැලිමඩ, බණ්ඩාරවෙල, ඌව පරණගම, දඹුල්ල අනුරාධපුර පොළොන්නරුව ආදි ප්‍රදේශ වලින් පහුගිය කාලයේ විවිධ තමන්ගේ මිලට අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව පාරට ඇවිල්ලා තමන්ගේ දුක, තමන්ගේ පීඩාව මුදා හැරියා. මේ ඉදිරිපත් කරලා මෙවර 2026 ඉදිරිපත් කරලා තියෙන අයවැය ලේඛනයත් අපිට පේන දේ තමයි රටේ මුළු මහත් කෘෂි කර්මාන්තයම, රටේ සමස්ත කෘෂි කර්මාන්තයම බිමට සමතලා කර දැමීම සඳහා තමයි මේ අයවැය ලේඛනයේ යෝජනා ඉදිරිපත් වෙලා තියෙන්නේ කියන කාරණ තමයි අපිට පෙනියන්නේ. 

දැන් අපි දැක්කා එක පැත්තකින් මතුපිට තලයේ අපිට සමාජයට පෙන්නනවා රිලව් ගණන් කරන නාටකයක්. ඊළඟට උඩින් පෙන්නනවා අපිට බී ලූණුවල “වට මනින” නාටකයකුත් පෙන්නනවා ඒ අස්සේ. අනිත් පැත්තෙන් ලාල් කාන්තලා නාමල්, කරුණත්නලාගේ විගඩන් කතා තමයි අපිට ගොවි ජනතාවට දැනගන්න තිබ්බේ පහුගිය කාලේ. මෙන්න මේක මතුපිට තලයේ මෙහෙම පෙනුනට මේ රටේ කෘෂි කර්මාන්තය සමතලා කර දැමීම සඳහා උවමනාව අයි එම් එෆ් එකට තියෙනවා.

උන්ගේ ප්‍රතිපත්තිය තමයි මේකේ හදන්න පුළුවන් සෑම දෙයක්ම පිට රටින් ගෙන්නන තැනට අපේ ආර්ථිකය පත් කර ගැනීම තමයි ඔවුන්ගේ උමනාව. දැන් අපි දැක්කා ගරු ජනාධිපතිතුමා පැය හතර හමාරක් මුලුල්ලේ තෙපර බාලා තෙපර බාලා ඉදිරිපත් කරපු අය වැය. ඒකේ අපි අහනවා කෘෂි කර්මාන්තයට වැදගත් වන, ගොවියාගේ ප්‍රධාන ප්‍රශ්නය වන, බීජ මිල සම්බන්ධයෙන්, බීජ මිල දරා ගැනීමට බැරවීම සම්බන්ධයෙන් එක හරි යෝජනාවක් තියෙනවද? අනිත් පැත්තෙන් අස්වනු නෙළන කාලයට පිටරටින් ඒවම, එම ද්‍රව්‍ය ගෙන්වීමට අදාළ එකදු යෝජනාවක් තියෙනවද..? ඒ ගැටලුවට අදාල. අනිත් පැත්තෙන් මේ මේ රටේ ගොවි ජනතාව මුහුණ දෙන අනෙකුත් කිසිම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කිසිදු අවධානයක් ඒ අයවැය ලේඛනයේ අපිට පේන්න දකින්න නැහැ. 

දැන් අපි මේ සියලු කරුණු සලකා බැලුවට පස්සේ මේ අයවැය ගැන කෙටියෙන් අපිට කියන්න තියෙන්නේ එක දෙයයි. ඒක තමයි මේ ඉදිරිපත් කරලා තියෙන 2026 අයවැයේ “වචන මාරයි - විසඳුම් බිංදුවයි - ගොවියා හමාරයි” කියන කතාව. මම ආයෙත් කියනවා පැය හතර හමාරක් පුරා ඉදිරිපත් කරපු එකේ වෙන මොනවත් නෑ “වචන මාරයි, විසඳුම් බිංදුවයි, ගොවි හමාරයි” ඒ කාරණාව තමයි අපිට ඉදිරිපත් කරන්න තියෙන්නේ. දැන් ඇයි අපි එහෙම කියන්නේ? 

දැන් අපි දැක්කා එක පැත්තකින් 2026 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත ආදායම වෙච්ච රුපියල් බිලියන 5305ක ආධායම. ඒකේ බදු ආදායම විදිහට තියෙනවා රුපියල් බිලියන 4850ක්. එ්කට ආසන්න ප්‍රමාණයක්. ඉතිරි ඉතිරි ටික තමයි බදු නොවන ආදායම තියෙන්නේ. එතකොට මේ බදු ආදායම සම්බන්ධ ප්‍රශ්නය තමයි “අර්ථාපල් ආනායනය කිරීම” කියන කාරණාවට බලපෑවේ. “බීලණු ආනායනය කිරීම” කියන කාරණාවට බලපෑවේ. හාල් ආනායනය කිරීම කියන කාරණාවට බලපෑවේ. බඩ ඉරිඟු ආනායනය කිරීම කියන කාරණාවට බලපෑවේ. එතකොට මේ අවුරුද්දේ ඉදිරිපත් කරලා තියෙන අයවැයෙනුත් විශාල අයවැය ආදායමෙන් 91.4% අන්තර්ගත වෙලා තියෙන්නේ බදු ආදායමට. මේ මෙවර විශේෂ වෙළඳ බද්ධ සහ අනෙකුත් තීරු බදු, වෙළඳ ගිවිසුම් යාවත්කාලීන කරන ඒ වගේ නැවත සලකා බැලීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. එතකොට මේ පාර අයවැයේත් තියෙන්නේ සම්පූර්ණ බදු මත දුවන අයවැයක්. 

මේ අයවැයේ කිසිම නිෂ්පාදන ක්ෂේත්‍රයන් ගැන අවධානයක් යොමු කරන්නේ නැතුව බදුමත දුවන තත්වයට තමයි මේවර ඉදිරිපත් කළ 2026 අයවැය ළෙඛනයත් සකස් කරලා තියෙන්නේ. දැන් අපි දැක්කා අයි එම් එෆ් එක පහුගිය කාලයේ තකහනියක් ඇවිල්ලා අපේ ආණ්ඩුවට යෝජනා කරා. “විශේෂ දේපල බද්ද” හඳුන්වා දෙන්න කියලා.

දැන් ඒ දේපල බද්ද හඳුන්වා දීමේදී වැදගත් වෙනවා මෙන්න මේ කෘෂිකාර්මික ප්‍රශ්නය. ගොවියෙන්ගේ ප්‍රශ්නය. මොකද ගොවියා තමන්ගේ අස්වන්න විකුණගන්න බැරුව පාරට එන්න සිද්ධ කරලා තියෙන්නේ. පාට බහින්න බල කරලා තියෙන්නේ. දැන් එතකොට ඔවුන් ගොවි තැනින් ඉවත් වෙන්න පටන් ගන්නවා. අර්තාපල් වගා කරපු ගොවියා අර්තාපල් වගා කිරීමෙන් ඉවත් වෙනවා. අනිත් පැත්තෙන් බී ලුණු වගා කරපු ගොවියා තමන්ට දිගින් දිගට පාඩු ලැබෙන ලූණු වගාවෙන් ඉවත් වෙනවා. බඩ ඉරඟු වගා කරපු ගොවියත් එහෙමයි. වී වගා කරපු ගොවියත් එහෙමයි. එහෙම වුනාට පස්සේ අන්න එනවා අයවැයේ යෝජනාවක්. අයවැයේ නවවෙනි යෝජනාව. රුපියල් මිලියන 100ක් වෙන් කරලා තියෙනවා. මොකටද... ගූගල් ඉඩම් මැනීමේ වාර්තා සිස්ටම් එකක් හදන්න. රුපියල් මිලියන 100ක්. 

දැන් එතකොට මේ මොකක්ද වෙන්නේ? අන්න අර ගොවියා තමන් වගාවෙන් ඉවත් වුනාට පස්සේ ඔහුට ජීවත් වෙන්න බැරි වෙනවා. ඔහුට ජීවත් වෙන්න බැරි කරනවා. දැන් මේ ආණ්ඩුව කියනවා භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා යනවා කියලා. අපි අහනවා ආණ්ඩුවෙන්. ගොවියගේ තියෙන... ගොවියගේ තියෙන මුදල් පසුම්බිය, ඒ පෙට්ටගම හිස් කරලා තියෙන්නේ.

එහෙම හිස් කරලා අලගොවියගේ ආර්ථිකය නන්නත්තාර කරලා, වී ගොවියගේ ආර්ථිකය නන්නත්තාර කරලා, ලූණු ගොවියගේ ආර්ථිකය නන්නත්තාර කරලා.... මෙහෙම කරලා භාණ්ඩාගාරයක් පිරනවා කියලා අද පුරසාරම් දොඩවනවා. දැන් අපි දන්නවා... දැන් මොකක්ද මේ තත්ත්වය තුළ දැන් මේ අයවැය සම්බන්ධයෙන් මේ දිනවල යනවා විවාදය. ඉතින් අපි අහනවා මේ පාර්ලිමේන්තුවේදී... මේක තමයි ආණ්ඩුවේ අයිඑම්එෆ් එකේ වට්ටෝරු මත ක්‍රියාත්මක වෙන ප්‍රතිපත්තිය මත වෙන ක්‍රියාමාර්ගය. මේ ක්‍රියාමාර්ගට එරෙහිව දඹුල්ලේ ගොවියා, වැලිමඩ ඌවපරණගම අලගොවියා, ඊළඟට අනුරාධපුරේ කුරුණෑගල වී ගොවියා පාරට බැහැලා ඉන්නේ. හැබැයි ඒ සටන් පාට ඇතුලේ තියෙන්නේ අපිට පිට රටඅල එපා, පිට රට හාල් එපා, පිටරට බඩඉරිගු එපා. ඒ කියන ඇතුලේ තියෙන්නේ ඒ ඒ සටන් පාඨය ඇතුලේ තියෙන්නේ අයිඑම්එෆ් එකේ ප්‍රතිපත්තියට එරෙහි වීම. හැබැයි මේ පාර්ලිමේන්තුවේ එක කටක් ඇරුණේ නෑ අයි එම් එෆ් ප්‍රතිපත්ති විවේචනය කරන්න. ඒ ප්‍රතිපත්ති ගැන කතා කරන්න. මේ ආණ්ඩුවේ ක්‍රියා මාර්ගවලට ආණ්ඩුවේ ක්‍රියා මාර්ගයට විරුද්ධව කතා කරනවා අද ඉදිරිපත් කරනවා. හැබැයි ආණ්ඩුවේ ප්‍රතිපත්තියට විරුද්ධව ඔය ඉන්න කිසිම ආර්ථික ඔස්තාර් කෙනෙක් කතා කරන්නේ නැහ. අද ඒ ඒ සටන නැත්නම් මේක ඉස්සරහට යන්න බැහැ.

දැන් අපි දන්නවා එක පැත්තකින් එක පැත්තකින් ආණ්ඩුව තමන්ගේ ආර්ථික මූලෝපාය ප්‍රතිපත්ති විදිහට අයිඑම්එෆ් එකේ ප්‍රතිපත්ති ගෙඩිය පිටින් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. බදු බදු පිට බඳු ගහලා ගොවියගේ ආර්ථිකය වට්ටනවා. ඒ වගේම ආනායන ආපනායන වලින් විශාල බදු පංගුවක් බදු දායකත්වයක් ලබා ගැනීම සඳහා කටයුතු සූදානම් කරලා තියෙන්නේ. හැබැයි බොහෝ දේශපාලන වේදිකාවල මේ අයි එම් එෆ් එකේ ප්‍රතිපත්තිය ගැන විවේචනයක් නැහැ. 

මේ අයි එම් එෆ් එකේ ආණ්ඩුවට දීලා ආණ්ඩුව ලව්වම ක්‍රියාත්මක කරන ඒ ක්‍රියා මාර්ගය ගැන විවේචනයක් නැහැ. ආණ්ඩුවේ සමහර ක්‍රියාමාර්ගැන විවේචනය කරාට ඔවුන් ප්‍රවේසම් වෙනවා අයිඑම්එප එකේ ප්‍රතිපත්තිය ගැන කතා කරන්න නැතුව ඉන්න. එතකොට දැන් එතකොට අපිට සැකයක් තියෙනවා. අපිට සැකයක් තියෙනවා අයිඑම්එෆ් එකේ වැටුප්ලබන සමහර අයත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවද කියන සැකය අද ගොවි ජනතාව මතු කරලා තියෙනවා. මේ විදියට තමයි.

මේ විදිහට ආණ්ඩුවේ ක්‍රියා මාර්ගයට විරුද්ධ වෙනවා වගේම ආණ්ඩුවේ ක්‍රියා මාර්ගයට විරුද්ධ වෙනවා වගේම අයිඑම්එෆ් ප්‍රතිපත්ති අයිඑම්එෆ් වට්ටවරු මත මේ සැකැසන ඒ ්‍රතිපත්තියට විරෝධය දක්වන්න ඕන. ඒ ක්‍රියා මාර්ගයට එරෙහිව සටන් වදින්න ඕන. හෙට දවසේ අපි කියනවා ගොවියට හැමදාම හේනෙන්, කුඹුරෙන් එළියට ඇවිල්ලා ගොවිපලෙන් එළියට ඇවිල්ලා උද්ගෝෂණය කර ඉන්න බැහැ. කන්නෙන් කන්නට මේ උද්ගෝෂණය කරන්න නෙමෙයි. එහෙම වුනොත් හැමදාම පාරේ ඉන්න සිද්ධ වෙයි. එහෙමඋනොත් අපි කියනවා මේ ප්‍රතිපත්ති පරාජය කරන්න ඕන. 

මේ අස්වැන්න නෙළන කාලයට පිට රටින් ගෙන්නලා ගොඩගහන ඒ අපේ රටේ හදන්න පුළුවන් අල ටික ලූණු ටික හාල් ටික බඩ ඉරඟු ටික සහ වෙනත් එලවුළු වර්ග ටික නිෂ්පාදනය කරනවා නම් ඒ නිෂ්පාදනයට අදාල මිලක් දෙන්න ඕන. ඔවුන්ට පහසුකම් ටික සැපයන්න ඕන. ඔවුන්ට අවශ්‍ය බීජ ටික දෙන්න ඕන. අවශ්‍ය අනෙකුත් පොහොර ආදී පහසුකම් ටික දෙන්න ඕන. එහෙම දෙන්න නැත්නම් අපේ රටේ කෘෂි කර්මාන්තය හදන්න බැහැ. ගොඩනගන්න බැහැ. ඉතින් අපි කියන්නේ අපි අපේ රටේ සමස්ත ගොවිජනාවට කියන්නේ මේ ආණ්ඩුවේ ක්‍රියා මාර්ගයට එරෙහි වෙන්න. “අයි එම්එෆ් එකේ ප්‍රතිපත්ති වලට එරෙහි වෙන්න ඕන”. අයිඑම්එෆ් එකගේ වට්ටෝරුවට එරෙහි වෙන්න ඕන.

එහෙම නැත්නම් අපිට පේනවා මේ ියාමාර්ග දිගට ගියොත් 2026 වර්සේ කියලා කියන්නෙත් හැමදාම ගොවිට පාරේ ඉන්න වසරයක්. මොකද මේ අර්ථාපල් ගෙන්නන එක නවත්තන්න පරිභෝජනය සඳහා ඊළඟට හාල් ටික ගන්න එක නවත්තන්න. ඊළඟට කෘෂී නිෂ්පාදනය හාල් නිෂ්පාදනය වැඩි කරන්න අදාල කිසිදු ප්‍රියවරක් ඇරගෙන නෑ මේ අයවැයෙන්.

ඒක නිසා අපි කියනවා මේ අයවය කියලා කියන්නේ “කුණු කෝඩයට දාන්න ඕනේ අයවයක්”. මේ අයවය කියලා කියන්නේ ඉස්සරහට ගෙනියන්න ඕන අයවක් නෙවෙයි. මේ ක්‍රියාමාර්ග පරද්දන්න නම් ආණ්ඩුවේ ආණ්ඩුවේ ක්‍රියා මාර්ගට විරුද්ධ වෙනවා වගේම මේ අයිඑම්එෆ් එක හරහා එන ප්‍රතිපත්ති වලටත් විරුද්ධව කටයුතු කරන්න ඕන. 

එහෙම කරොත් විතරයි ගොයි ජනතාවගේ නිෂ්පාදන ඉස්සරහට යන්නේ. එහෙම වුනොත් විතරයි ගොයි ජනතාගේ ප්‍රශ්න විසඳෙන්නේ. අපි කියනවා හෙට දවසේ හෙට දවසේ කැප්පැටිපල ‍ෙවන්න පුළුවන්, වැලිමඩ වෙන්න පුළුවන්, බණ්ඩාරල වෙන්න පුළුවන්, දඹුල්ගේ වෙන්න පුළුවන්. වෙනත් ඕනෑම ප්‍රදේශයක ගොවිජන අරගලයක් පටන් ගන්නවා නම් ආණ්ඩුවේ ක්‍රියා මාර්ග වලට විරුද්ධ වෙනවා වගේම ඒ බරින් අනිවාර්යයෙන්ම “අයිඑම්එෆ් ප්‍රතිපත්ති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ විනාශකාරී ප්‍රතිපත්තිවලට එරෙහිව පෙනී සිටින්න ඕන”.

ඒ සඳහා තමයි ජාතික ගොවි ව්‍යාපාරයේ අපේ රටේ සමස්ත ගොවි පරපුරට ආයචනය කරන්නේ මේ සටනට, මේ සටනේ හරි අවශ්‍යම තැනට හරි නිලයට ගෙනියන විදිහට කටයුතු කරන්න මැදිහත් වෙන්න කියන ඉල්ලීම තමයි ජාතික ගෝවි ව්‍යාපාරය විදිහට අපි මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්නේ."


සම්බන්ධිත පුවත් | Related News

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.
කතෝලික සභා ධර්මෝපදේශයේ 2267 වන ඡේදයට අනුව මරණීය දණ්ඩනය පිළිගත නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
කොළඹ මාලිගාවත්ත, සංඝරාජ මාවත ප්‍රදේශයේදී අද සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් අද (10) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලිණි.
ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.
ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේලා විසින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද බව කියන ලිපිය වහාම මාධ්‍ය වෙත නිකුත් කර ප්‍රසිද්ධියට පත් කරන ලෙස "දිනන දකුණ සාමූහිකය" ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට අභියෝග කරයි.
විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි කිරීමෙන් ජනතාවගේ බඩකට පිරීමක්, ආදායම් මාර්ග වැඩිවීමක් හෝ දුප්පත්කම තුරන් වීමක් සිදු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රධාන පුවත්

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..

ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..

පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.