රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියේ වෛද්‍යවරුන් රැඳී සිටීම දිරිගැන්වීම සඳහා කාලරාමුවක් සහිත විශ්වාසනීය වැඩපිළිවෙලක් නෑ - GMOA
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
සෞඛ්‍ය පද්ධතිය තුළ මූලික පහසුකම් නොමැතිවීමෙන් ප්‍රතිකාර සේවා අඛණ්ඩව සැපයීමේ ගැටලු උද්ගත වී ඇති රෝහල් පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සමීක්ෂණයක් සහ රෝහල් වර්ගීකරණයක්.
පහළ මැදි ආදායම් ලබන රටක් වුවත්, ලෝකයේ ඉහළ සංවර්ධිත රාජ්‍යයන්ට නොදෙවෙනි සුවිශිෂ්ට සෞඛ්‍ය සේවාවන් ජනතාවට ලබාදීම සම්බන්ධයෙන්, ශ්‍රී ලාංකික නිදහස් සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද ප්‍රශංසාවට ලක් වී ඇත.
එහෙත් මෙවන් සේවාවක් වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ජනතාවට ලබා දෙන්නේ ගැටළු සහ අභියෝග ගණනාවක් මධ්‍යයේ බව නොරහසකි.
රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය තුළ වෛද්‍යවරුන් රැඳී සිටීම දිරිගැන්වීම සඳහා කාලරාමුවක් සහිත විශ්වාසනීය වැඩපිළිවෙලක් නොමැති වීම හේතුවෙන්, මෙරට වෛද්‍යවරුන් රට හැර යෑමේ ප්‍රවණතාවය තවමත් වෙනස් වී නොමැත.
වෛද්‍යවරුන්ගේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීම සහ යහපත් වෘත්තීය පරිසරයක් බිහිකිරීම අරමුණු කරගත් වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බවට පත් වී ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් විසින්ම සිදුකරන ස්ථාන මාරු ක්‍රමවේදයේ අක්‍රමිකතා හේතුවෙන්, රට තුළ රැඳී සිටින වෛද්‍යවරුන් සේවා අවශ්‍යතාවයන්ට අනුව ස්ථානගත කිරීමද තවමත් පවතින්නේ ගැටලුකාරී තත්ත්වයකය. ක්‍රියාත්මක නොවූ වෛද්‍යවරුන්ගෙ වාර්ෂික ස්ථාන මාරු 10,000 ක් පැවතීම ඊට හොඳම නිදසුනකි.
රෝගී සත්කාර සේවාවන් සැපයීම සඳහා රෝහල් පද්ධතිය තුළ අවශ්‍ය අවම පහසුකම්වත් නොමැති වීම තවමත් නොවිසඳුණු ගැටලුවකි. ප්‍රවාහන පහසුකම්, නේවාසික පහසුකම් සහ මූලික යටිතල පහසුකම් සැපයීම වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙලක් තවමත් නැත.
රෝහල් පද්ධතිය තුල වෛද්‍යවරුන්ගේ නිල නිවාස පහසුකම් ගැටලුව, දීර්ඝ කාලීනව නොවිසඳුනු අර්බුදයකි. පර්යන්ත රෝහල් පද්ධතිය තුළ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ මෙම ගැටලුව අතිශයින් උග්‍රය. රෝහල් පද්ධතිය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් තවමත් විශ්වාසනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වී නැත.
මෙවන් සිදුවීමකට මුහුණ දුන් පසු, වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට, සෞඛ්‍ය අමාත්‍යංශ මට්ටමින් කිසිදු නීතිමය සහයක් පවා නොමැති වීමද ඛේදනීය තත්ත්වයකි.
දිගින් දිගටම සිදුවන තර්ජන සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හමුවේ, ඇතැම් රෝහල්වල රෝගී සත්කාර සේවා සැපයීම පිළිබඳ දැඩි තීරණ ගැනීමටද සිදුවී ඇත.
එපමණක් නොව රෝහල් පද්ධතිය තුළ රෝගී ජනතාවට ලැබෙන පහසුකම් පිළිබඳවද සෑහීමකට පත්විය නොහැක. රෝගීන්ට ලැබෙන මූලික යටිතල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් සහ ආහාර වේල් වල ප්‍රමිතිය පිළිබඳ ගැටලු ගණනාවකි.
ඖෂධ සහ උපකරණ හිඟය රෝගී සත්කාර සේවාවන් සැපයීමේදි රෝගී ජනතාවට පමණක් නොව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටද ගැටලු රාශියක් ඇති කරමින් පවති.
රෝහල් පද්ධතියේ සහ සෞඛ්‍ය සේවාවන්ගේ පුළුල් වීමට ගැලපෙන පරිදි වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අනුමත සංඛ්‍යාවන් කාලානුරූපිව යාවත්කාලීන නොවීම තුල මානව සම්පත් හිඟය විසඳිමට තිබෙන සීමිත අවස්ථාවන් පවා අවහිර වී ඇත.
දීර්ඝ කාලයක් තිස්සේ මෙම ගැටලු සඳහා තිරසාර විසඳුම් ලබාදීමට පාලකයන් අසමත් වීම හේතුවෙන්, අද වන විට රෝහල් පද්ධතියේ ඉදිරි ගමන පිළිබඳ දැඩි අවිනිශ්චිතතාවයක් මතු වෙමින් පවතී.
සාමාජිකත්වයෙන් නිරන්තරයෙන් ලැබෙන තොරතුරු සහ පැමිණිලි මත, රෝහල් පද්ධතියේ මූලික පහසුකම් වල ගැටළු සහ අඩුපාඩු සම්බන්ධයෙන් දීපව්‍යාප්ත සමීක්ෂණයක් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් තීරණය කරන ලදී.
මෙරට සියලුම රෝහල ආවරණය වන පරිදි, මෙම සමීක්ෂණය සිදු කරන අතර, එම තොරතුරු මත පදනම්ව රෝහල් පද්ධතිය වර්ගීකරණය කිරීමටද සැලසුම් කර ඇත.
එහිදී රෝගී සත්කාර සේවාවන් සැපයීමට අවශ්‍ය යහපත් වෘත්තීය පරිසරය පැවතීම ප්‍රමුඛතම කරුණක් සේ සලකා, ඌන පහසුකම් සහිත, රෝගී සත්කාර සේවාවන් සඳහා සුදුසු පරිසරයක් නොමැති ඇතැම් රෝහල් ඉදිරියට පවත්වා ගැනීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් ලෙස, සුදුසු තීරණද ගැනීමට සිදුවනු ඇත.
නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම තම ප්‍රමුඛතම ප්‍රතිපත්තියක් කරගත් වත්මන් රජයට, සෞඛ්‍ය සේවාවේ මෙම ගැටලු විසඳීමට වඩා වැඩි වගකීමක් ඇත.
පැවති ආර්ථික අර්බුදය හමුවේ දියත් කරන ලද බදු ප්‍රතිපත්තිය මත, මෙරට බදු ආදායම ඉතා දැවැන්ත වර්ධනයක් ලැබුවද, වඩා වැදගත්වනුයේ වෛද්‍යවරුන් වෘත්තියවේදින් සහ ජනතාව වෙතින්ම ලබාගත් එම බදු මුදල් මහජන අභිවෘද්ධිය වෙනුවෙන් පාරදෘශ්‍ය ලෙස ආයෝජනය කිරීමයි. එමෙන්ම එම යොදවන මුදල් ඵලදායි ලෙස නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් භාවිතා වන බවටත් මුදල් අවභාවිතාවට හෝ නාස්තියට ඉඩක් නොමැති බවටත් තහවුරු වීම අත්‍යවශ්‍යය.
එහිදි මහජන බදු මුදල්, ජනතාවගේ ජිවත් වීමේ අයිතිය ආරක්ෂා කරන නිදහස් සෞඛ්‍ය සේවාව ගොඩනැගීම සඳහා ආයෝජනය කරමින් රෝහල් පද්ධතිය තුල පවතින ගැටලු කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙලක් ඔස්සේ විසඳිම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජය වහාම මැදිහත් විය යුතු බව අවධාරණය කරමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්