ජිනීවා හි සිදුවීම පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ කනස්සල්ල..
ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවලියක් ඉදිරිපත් කෙරුනු අතර, ඒ පිළිබඳව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා වෙත කරුණු දක්වමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා කනස්සල්ල පළකර තිබේ.
මේ පිළිබඳව ඒ මහතා නිකුත්කර ඇති ප්‍රකාශය පහළින්..
පසුගිය සැප්තැම්බර් මස 8 දින ඔබතුමා විසින් ජිනීවාහි මානව හිමිකම් සමුළුවේදී සිදුකරන ලද ප්‍රකාශය පිළිබඳව අප සතුට ප්‍රකාශ කලෙමු. අපගේ එම ප්‍රකාශයේ ඔබතුමාගේ ප්‍රකාශය සාක්ෂාත් කරගැනීම සඳහා අප විසින් යෝජනා තුනක් ඉදිරිපත් කරන ලදී. එනම්:
1) රටට එරෙහිව ප්‍රඥ්ඥප්තියක් එන්නේනම් එයද පරාජය කිරීම;
2) කිසිදු ජාතිකවාදී රජයකින් ඉටු නොකළ රණවිරුවන් හට යුක්තිය ඉටුකිරීම සඳහා "ස්වභාවික යුක්තිය" දිනාදීම ; හා
3) යෝජිත සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධාන කොමිසම නීතිය සහ අභිචෝදක කාර්යාල නීතිය බලාත්මක කරන පනත් සම්මත කිරීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටියෙමු.
කෙසේ උවද ඉහත අංක 3 හි සඳහන් අනපනත් දෙකම කඩිනමින් සම්මත කර ගැනීමට කටයුතු සිදුවෙමින් පවතින බව අපට කණගාටුවෙන් නිරීක්ෂණය වෙමින් පවතී.
කිසිදු ජාතිකවාදී රජයකින් ඉටු නොකල ඉහත අංක 2 හි සඳහන් "ස්වභාවික යුක්තිය ඉල්ලීම" ඔබතුමාලාගේ රජයෙන් ඉටුවේවි යැයි බලාපොරොත්තු නොවිය හැක්කේ රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා සම අනුග්‍රහය ලබාදී පිළිගත් මෛතීපාල රනිල් යහපාලන රජයේ ඔබලාද ප්‍රබල පාර්ශ්ව කරුවෙකු බැවිනි.
ඉහත අංක 1 ඉල්ලීමවූ රටට එරෙහිව ප්‍රඥ්ඥප්තියක් එන්නේනම් එයද පරාද කිරීමට කිසිදු උත්සාහයක් නොගැනීමද ඔබලා විසින් සම අනුග්‍රහයදී යුද අපරාධ චෝදනා පිළිගත්තා හා සමාන ක්‍රියාවකි.
එදා 2015 දී 30/1 ප්‍රඥප්තිය යහපාලන රජයේ දැඩි බලපෑම මත පිළිගැනීමේදී එවකට හිටපු නේවාසික නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ මහතා එය බාරගනු ලැබුවේ එම චෝදනා විමර්ශණය කිරීමකට භාජනයකිරීම සහ ඊට අනුකූලව ඉදිරිපත්කර තිබූ දඬුවම් ක්‍රියාත්මක කිරීමයි. එහෙත් පසුව යහපාලන රජය විසින් චෝදනා පිළිබඳව විමර්ශණය නොකළ අතර සඳහන් කර තිබුන දඬුවම් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව පාස්කු ප්‍රහාරයට මූලික උන බුද්ධි අංශ දඩයමේ සිට දඬුවම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරන ලදී.
මෙවර සැසියේදීද පෙර හිටපු නේවාසික නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ මහතාගේ මග යමින් වත්මන් නේවාසික නිත්‍ය නියෝජිත තනතුර හොබවන හිමාලි අරුණාතිලක මහත්මිය විසින් 60/1 යෝජනා ප්‍රතික්ෂේප කරන ලදී. ඒ පිළිබඳව එතුමියට සහ එතුමියට අනුමැතිය ලබාදුන් රජයටද ස්තුතිවන්ත වෙමි.
අවසාන වශයෙන් රජයෙන් ඉල්ලා සිටින්නේ
1) කිසිදු ජාතිකවාදී රජයකින් ඉටු නොකළ රණවිරුවන් හට යුක්තිය ඉටුකිරීම සඳහා "ස්වභාවික යුක්තිය" දිනාදීම;
2) යෝජිත සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධාන කොමිසම නීතිය සහ අභිචෝදක කාර්යාල නීතිය බලාත්මක කරන පනත් සම්මත කිරීමෙන් වැළකීම; හා
3) පසුගිය රජයන් විසින් සම්මත කර ක්‍රියාත්මක කරමින් පවතින බෙදුම්වාදයට මාර්ගය හෙලිකරන, රණවිරුවන් දඩයම් කරන ඊනියා ප්‍රතිසංධාන හා වැලැක්වීමේ ක්‍රියාකාරම් නවතන ලෙසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..