ජිනීවා හි සිදුවීම පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ කනස්සල්ල..
ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවලියක් ඉදිරිපත් කෙරුනු අතර, ඒ පිළිබඳව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා වෙත කරුණු දක්වමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා කනස්සල්ල පළකර තිබේ.
මේ පිළිබඳව ඒ මහතා නිකුත්කර ඇති ප්‍රකාශය පහළින්..
පසුගිය සැප්තැම්බර් මස 8 දින ඔබතුමා විසින් ජිනීවාහි මානව හිමිකම් සමුළුවේදී සිදුකරන ලද ප්‍රකාශය පිළිබඳව අප සතුට ප්‍රකාශ කලෙමු. අපගේ එම ප්‍රකාශයේ ඔබතුමාගේ ප්‍රකාශය සාක්ෂාත් කරගැනීම සඳහා අප විසින් යෝජනා තුනක් ඉදිරිපත් කරන ලදී. එනම්:
1) රටට එරෙහිව ප්‍රඥ්ඥප්තියක් එන්නේනම් එයද පරාජය කිරීම;
2) කිසිදු ජාතිකවාදී රජයකින් ඉටු නොකළ රණවිරුවන් හට යුක්තිය ඉටුකිරීම සඳහා "ස්වභාවික යුක්තිය" දිනාදීම ; හා
3) යෝජිත සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධාන කොමිසම නීතිය සහ අභිචෝදක කාර්යාල නීතිය බලාත්මක කරන පනත් සම්මත කිරීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටියෙමු.
කෙසේ උවද ඉහත අංක 3 හි සඳහන් අනපනත් දෙකම කඩිනමින් සම්මත කර ගැනීමට කටයුතු සිදුවෙමින් පවතින බව අපට කණගාටුවෙන් නිරීක්ෂණය වෙමින් පවතී.
කිසිදු ජාතිකවාදී රජයකින් ඉටු නොකල ඉහත අංක 2 හි සඳහන් "ස්වභාවික යුක්තිය ඉල්ලීම" ඔබතුමාලාගේ රජයෙන් ඉටුවේවි යැයි බලාපොරොත්තු නොවිය හැක්කේ රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා සම අනුග්‍රහය ලබාදී පිළිගත් මෛතීපාල රනිල් යහපාලන රජයේ ඔබලාද ප්‍රබල පාර්ශ්ව කරුවෙකු බැවිනි.
ඉහත අංක 1 ඉල්ලීමවූ රටට එරෙහිව ප්‍රඥ්ඥප්තියක් එන්නේනම් එයද පරාද කිරීමට කිසිදු උත්සාහයක් නොගැනීමද ඔබලා විසින් සම අනුග්‍රහයදී යුද අපරාධ චෝදනා පිළිගත්තා හා සමාන ක්‍රියාවකි.
එදා 2015 දී 30/1 ප්‍රඥප්තිය යහපාලන රජයේ දැඩි බලපෑම මත පිළිගැනීමේදී එවකට හිටපු නේවාසික නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ මහතා එය බාරගනු ලැබුවේ එම චෝදනා විමර්ශණය කිරීමකට භාජනයකිරීම සහ ඊට අනුකූලව ඉදිරිපත්කර තිබූ දඬුවම් ක්‍රියාත්මක කිරීමයි. එහෙත් පසුව යහපාලන රජය විසින් චෝදනා පිළිබඳව විමර්ශණය නොකළ අතර සඳහන් කර තිබුන දඬුවම් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව පාස්කු ප්‍රහාරයට මූලික උන බුද්ධි අංශ දඩයමේ සිට දඬුවම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරන ලදී.
මෙවර සැසියේදීද පෙර හිටපු නේවාසික නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ මහතාගේ මග යමින් වත්මන් නේවාසික නිත්‍ය නියෝජිත තනතුර හොබවන හිමාලි අරුණාතිලක මහත්මිය විසින් 60/1 යෝජනා ප්‍රතික්ෂේප කරන ලදී. ඒ පිළිබඳව එතුමියට සහ එතුමියට අනුමැතිය ලබාදුන් රජයටද ස්තුතිවන්ත වෙමි.
අවසාන වශයෙන් රජයෙන් ඉල්ලා සිටින්නේ
1) කිසිදු ජාතිකවාදී රජයකින් ඉටු නොකළ රණවිරුවන් හට යුක්තිය ඉටුකිරීම සඳහා "ස්වභාවික යුක්තිය" දිනාදීම;
2) යෝජිත සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධාන කොමිසම නීතිය සහ අභිචෝදක කාර්යාල නීතිය බලාත්මක කරන පනත් සම්මත කිරීමෙන් වැළකීම; හා
3) පසුගිය රජයන් විසින් සම්මත කර ක්‍රියාත්මක කරමින් පවතින බෙදුම්වාදයට මාර්ගය හෙලිකරන, රණවිරුවන් දඩයම් කරන ඊනියා ප්‍රතිසංධාන හා වැලැක්වීමේ ක්‍රියාකාරම් නවතන ලෙසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්