News Category
From Date
To Date
Maximum Number of Result

ලබන වසරේදී රුපියල් ට්‍රිලියන 3ක ණය ගන්නවා... ජනාධිපති ජපානයේදී කියයි

Sep 29, 2025 at 07:16 AM
|

ලබන වසරේදී රුපියල් ට්‍රිලියන 3ක ණය ගැනීමට අපේක්ෂා කරන බවත්  මේ වන විටත් බිලියන 3000ක් ණය ගැනීමට විසර්ජන පනත ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.


නව ආණ්ඩුවේ ආදායම් උපාය මාර්ගය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ, ආණ්ඩුවේ ආදායම් පියවා ගන්නේ ව්‍යාපාර වලින් නොවන බවයි. ඒ වෙනුවට, ආණ්ඩුව කළ යුත්තේ එළියේ ලොකු ආර්ථිකයක් සකස් කිරීම බවත්, එම බාහිර ආර්ථිකය ගොඩනැගීමෙන් සාධාරණ බද්දක් ආණ්ඩුවට ලැබෙන බවත්ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවකට ටෝකියෝ හි Reiyukai ශාලාවේදී එක් වෙමිනි.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ස්වේච්ඡා සංවිධානවල එකමුතුවෙන් සංවිධානය කර තිබු මෙම හමුවට ජපානයේ වෙසෙන මහා සංඝරත්නය, ආගමික පූජකවරු මෙන්ම වෘත්තීයවේදීහු, විශ්වවිද්‍යාල සිසුහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


ශ්‍රී ලංකාවේ ජීවත්වන සහ රටින් පිට සිටින කිසිඳු ශ්‍රී ලාංකිකයෙක් පෞද්ගලික වරප්‍රසාද හෝ වරදාන අපේක්ෂාවෙන් වත්මන් රජය බලයට පත් කර ගැනීමට කටයුතු නොකළ බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම සියලු දෙනා අපේක්ෂා කළ පරිවර්තනය වෙනුවෙන් අද රජය කැපවී කටයුතු කරන බවත්, රජයේ වසරක ගමන් මගෙහි සාර්ථකත්වය මැනිය යුත්තේ ඒ මත පදනම්ව බවත් ප්‍රකාශ කළේය.


රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩනඟමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම, දූෂණ වංචාවලින් තොර පාලනයක් ඇති කිරීම, රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම වැනි ජනතාව අපේක්ෂා කළ නව පරිවර්තනයන් වෙනුවෙන් ඉකුත් වසර තුළ රජය සැලකිය වැඩ කොටසක් ඉටු කර තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


එමෙන්ම එළියේ ගොඩනැඟෙන ආර්ථිකය තුළ, ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම රජයේ අපේක්ෂාව බව පැවසූ ජනාධිපතිවරයා එළැඹෙන අයවැය ලේඛනයෙන් අලුතින් කිසිදු බද්දක් හඳුන්වා දීමට අපේක්ෂා නොකරන බවත්, පනවා ඇති ඇතැම් බදු ප්‍රතිශත අඩු කිරීමටද ඉදිරියේදී අවධානය යොමු කරන බවත් සඳහන් කළේය.

ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකාවට නොබියව පැමිණ ආයෝජනය කර, රට දිනවීමේ ගමනේ කොටස්කරුවන් බවට පත්වන ලෙසද මෙහිදී ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් සපයා දීමට රජය සූදානම් බවද වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී ඔවුන් විසින් මතු කළ අදහස් සහ ගැටලුද සාකච්ඡාවට ලක් කෙරිණි.


ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.


ශ්‍රී ලංකාවේ නව දේශපාලන පරිවර්තනය සඳහා ඔබ විවිධ අයුරින් සහාය ලබා දුන්නා. ඔබ සැප්තැම්බර් 21 වනදා සිදු වූ එම දේශපාලන හැරවුමේ පංගුකරුවන් සහ කොටස්කරුවන් බවට පත් වුණා. දැන් අපි බලයට පැමිණ වසරක් ගත වී තිබෙනවා. පසුගිය වසර පිළිබඳ මැනිය යුත්තේ කුමන නිර්නායකය මතද? පසුගිය වසර හොඳද, නරකද කියා මැනිය යුත්තේ අපි එදා ආණ්ඩුව පිහිටුවීමේදී ජනතාව තුළ තිබු බලාපොරොත්තු සහ අපේක්ෂාවන් මතයි. එසේ නොමැතිව බලය පිහිටුවන විට වෙනත් අපේක්ෂාවන් තිබු අයගේ අදහස් මත නොවෙයි. එදා ඔබ ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ඇති කිරීමට සහාය ලබා දුන්නේ කුමන අරමුණකින්ද?


විදෙස්ගත ශ්‍රි ලාංකිකයන් වන ඔබ වගේම ලංකාවේ ජීවත්වන අපේ ආණ්ඩුව හැදීමට දායකත්වය සැපයු කිසිවෙක් තමන්ට පෞද්ගලික යමක් උපයා ගැනීමට, වරප්‍රසාදයක් ලබා ගැනීමට හෝ පෞද්ගලිකව දෙයක් ලබා ගැනීමේ අරමුණකින් කටයුතු කළේ නැහැ. ඒ නිසා ඔබ හැමදෙනාම දායකත්වය ලබා දුන්නේ පෞද්ගලික උවමනාවන් ඉක්මවා ගොස් රටක් ලෙස, ජාතියක් ලෙස අපි කුමක්ද කළ යුත්තේ කියන අභිලාෂය මත පමණයි. පැවති ගමන් මග වෙනුවට නව ගමන් මගක් ඇති කර ගැනීමේ අරමුණින් ඔබ කටයුතු කළා.

පළමු කරුණ ලෙස බිඳ වැටී තිබු ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව ඔබට තිබුණා. අද අපි සැලකිය යුතු ප්‍රමාණයකින් රටේ ආර්ථිකය ස්ථාවර කරගෙන තිබෙනවා. නමුත් අපිට තව දිගු ගමනක් යාමට තිබෙනවා.


ඒ වගේම ඔබ නීතියේ විධානයේ ආධිපත්‍ය අපේක්ෂා කළා. අපි දකිනවා දියුණු වූ සෑම රටකම තිබෙන සාධකය වන්නේ නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වීමයි. නීතිමය සංකල්පය ගත්තද නීතිය ඉදිරියේ සෑම දෙනාම සමානයි. නමුත් අපේ සංකල්පය වුණේ නීතියට ළඟා විය හැකි අය ඉන්නවා, ළඟා විය නොහැකි අය ඉන්නවා කියන එකයි. බලය, ධනය විසින් මෙය නිර්මාණය කර ගෙන තිබෙනවා. හැබැයි අද නීතියට ළඟා විය නොහැකි කිසිවෙක් අපේ ලංකාවේ ජිවත් වෙන්නේ නැහැ. ඒ හැම දෙනා වෙතම නීතියට ළඟා විය හැකියි.

රට ගොඩනැගීමේදී ආර්ථිකයේ ස්ථාවරභාවය, නීතියේ විධානයේ ආධිපත්‍ය ඇති කිරීම සහ වංචා දුෂණ අවම කිරිම සහ කාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් අවශ්‍යයි. අද ලංකාවේ වසර 76කට පසු දේශපාලන අධිකාරිය මහජනතාවගේ මුදල් සොරකම් නොකරන සහ නාස්ති නොකරන ආණ්ඩුවක් ගොඩනැගී තිබෙනවා. හැබැයි තවදුර යන්න තිබෙනවා. මොකද රාජ්‍ය යාන්ත්‍රණයත් මේ පරණ පුරුදුවලින් ගලවාගත යුතුයි. එය වෙනස් කිරීමේ පළමු පියවර අපි තබා තිබෙනවා. ඒ වගේම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැගීමට අවශ්‍ය මූලික පියවර අපි තබා තිබෙනවා.


ඒ වගේම ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගැනීම ඉතා වැදගත් වෙනවා. ලෝකයේ කිසිදු රටකට තවදුරටත් හුදකලා වී ජීවත් වෙන්න බැහැ. අපි ආර්ථිකයෙන්, තාක්ෂණයෙන්, වෙළෙඳපොළෙන් එකට ගැට ගැසී තිබෙනවා. ඒ නිසා ජාතික සීමාවන් තිබුණට තවදුරටත් ආර්ථිකයේ ජාතික සීමාවන් නැහැ. වෙළෙඳපොළේ ජාතික සීමාවන් නැහැ. ඒවා සියල්ල අභිබවා ගොස් තිබෙනවා. ඒ නිසා රාජ්‍යයක් ඉදිරියට යාම සඳහා ශක්තිමත්, ස්ථාවර, පැහැදිළි විදෙස් සබඳතා අවශ්‍යයි. මම හිතනවා පසුගිය වසර තුළ අපි සැලකිය යුතු ප්‍රමාණයකින් අපේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල තබා ගත යුතු සමබරතාවය ආරක්ෂා කර ගැනීමට සමත්වී තිබෙනවා. මෙම මූලික කරුණු ස්ථාපිත කර නොගෙන රට ගොඩනගන්න බැහැ.


ඒ වගේම අපේ රටේ විවිධ ජන කණ්ඩායම් සහ ආගමිකයන් ජීවත් වෙනවා. ඔවුන්ටම අනන්‍ය වූ සංස්කෘතින් තිබෙනවා. ඒ නිසා අපේ රට ජනතාවගේ විවිධත්වයකින් පිරිණු රටක්. අපේ රට ඉදිරියට ගෙන යාමට මෙම ජනතාව අතර සමගිය නිර්මාණය කළ යුතුයි. හැබැයි දිගු කාලයක් පුරා දේශපාලන පොරය නිසාම මෙම ජනතාව අතර විවිධ ජාතිවාදී ගැටුම්, ආගම්වාදී ගැටුම් ඇති කරමින් එකිනෙකා දුරස් කරනු ලැබුවා.


භූ දේශපාලන ව්‍යාපාරය ගොඩනැඟී තිබුණේ එවැනි ජාතිවාදී මූලාශ්‍රයන් සහ මතවාද සමගයි. ඒ නිසා ගැටුම් සහිත රටකට එකිනෙකා අතර බේදය, වෛර වැපිරූ රටකට ඉදිරියට යන්න බැහැ. එසේනම් අපේ රටේ සංස්කෘතික විවිධත්වයන්, භාෂාමය වෙනස්කම්, ආගමික වෙනස්කම් අවබෝධ කරගත් එකඟතා සහිත රාජ්‍යයක් ගොඩනැඟිය යුතුයි. මම හිතන්නේ ලංකා ඉතිහාසයේ කිසිදු ජාතිවාදී ගැටුමක් උත්සන්න නොවූ වසර තමයි මේ ගතවූ වසර. හැබැයි තව දුර යා යුතුයි.


අපිට ශක්තිමත් ගොඩනැගිල්ලක් හදන්න නම් ඉතාමත් ශක්තිමත් අත්තිවාරමක් අවශ්‍යයි. නමුත් අපේ රට අත්තිවාරම බිඳුණු රටක්. අද අපි එම අත්තිවාරම දමා තිබෙනවා. ගත වූ වසර කියන්නේ අපේ රට ඉදිරියට ගොඩනැඟීම සඳහා අවශ්‍ය ශක්තිමත් අත්තිවාරම දැමු වසරයි. දැන් අපි මේ අත්තිවාරම මත ගොඩනැගිලි ඉදිකිරීමට පටන් ගන්න ඕනෑ. මේ අත්තිවාරම මත රට ගොඩනගන විට ආණ්ඩුවට අභියෝගයන් තිබෙනවා. රටට අභියෝගයක් තිබෙනවා. ඒ වගේම ජනතාවට අභියෝගයක් තිබෙනවා. එය අපි අවබෝධ කරගත යුතුයි. ආණ්ඩුව මුහුණ දෙන අභියෝගය වන්නේ ආදායම් උපයා ගැනීමයි. රට හමුවේ තිබෙන අභියෝගය වන්නේ භාණ්ඩ හා සේවා ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් උපයා ගැනීමයි. ඒ වගේම ජනතාවට තමන්ගේ මුලික අවශ්‍යතා ඉටු කර ගනිමින් නිදහසේ ජීවත්විය හැකි පසුබිමක් අවශ්‍යයි.


ඒ නිසා ආණ්ඩුව ආදායම් උපයා ගත යුතුයි. ලංකාවේ පළමු වතාවට අයවැය ලේඛනයෙන් අපේක්ෂා කරන ලද අදායමට වඩා වැඩි ආදායමක් මේ වසරේ උපයා ගැනීමට අප සමත් වී තිබෙනවා. ආණ්ඩුව ආදායම් උපයාගත යුත්තේ ව්‍යාපාරවලින් නොවෙයි. ආණ්ඩුව කළ යුත්තේ එළියේ ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. ආණ්ඩුවේ කාර්යභාරය වන්නේ එම එළියේ ආර්ථිකය සකස් කර ගැනීම සඳහා අවශ්‍ය වන නීතිමය සහාය සහ යටිතල පහසකම් සංවර්ධනය කිරීමයි.


එළියේ ආර්ථිකය විශාල වීමත් සමඟ බදු ප්‍රතිශත අඩු වී ජනතාවට සහන හිමි වෙනවා. ඒ අනුව මෙවර අයවැය ලේඛනයෙන් අලුතින් කිසිදු බද්දක් හඳුන්වා නොදී සිටීමට අපි අපේක්ෂා කරනවා. ඒ වගේම ඉදිරියේදී ඇතැම් බදුවල ප්‍රතිශතය අඩු කිරීමට අපි අවධානය යොමු කර තිබෙනවා. මේ අයුරින් අපිට ආර්ථික සැලසුම් තිබෙනවා. ඒ සඳහා එළියේ විශාල ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි


එහිදී අපි සංචාරක කර්මාන්තය පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබෙනවා. වසර 2030 වන විට මිලියන 04ක සංචාරකයින් කැඳවා ගනිමින් ඩොලර් බිලියන 08කට ආර්ථිකයකට යාමට අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් සංචාරක කර්මාන්තයට අවශ්‍ය පරිසරය සකස් කර දීම ආණ්ඩුව සිදු කරනවා. ඒ වගේම ලංකාව පිළිබඳ ප්‍රතිරූපය ඉහළ නැංවීම එහිදි වැදගත් වෙනවා. දැනටමත් ලංකාව ඉතා හොඳ සංචාරක ගමනාන්තයක් බවට වන වාර්තා පළ වෙනවා.

ඒ වගේම රටට අවශ්‍ය ආයෝජන මේ වන විට ලැබෙමින් තිබෙනවා. රජය වැඩිපුර ආයෝජන සිදු කළයුත්තේ මහාමාර්ග, විදුලිය, ජලය ආදි යටිතල පහසුකම් සංවර්ධනය සඳහායි. හැබැයි ආර්ථික ක්‍රියාකාරකම් ගොඩනැගිය යුත්තේ පෞද්ගලික අංශයයි. රජය සතුව විශාල තේ වතු ප්‍රමාණයක් තිබෙනවා. නම තිබුණට එම භූමියට සරිලන ලෙස ආදායම් උපයන්නේ නැහැ. ඒ නිසා අපේ වටිනාම සම්පත වූ භූමිය ඉතා හොදින් කළමනාකරණය කරගත යුතුයි. ඒ නිසා අපි වතු හිමි රාජ්‍ය සමාගම් වෙත දැනුම් දී තිබෙනවා ඵලදායීතාවක් නැති සියලු ඉඩම් ලබා දෙන්න කියලා. අපි ඔබට ආරාධනා කරනවා ඒවායේ ආයෝජනය කරන්න එන්න කියලා. අපේ කාර්යය වන්නේ ඔබට ආර්ථික අවස්ථාවන් සකස් කර දීමයි.

ඒ වගේම රැකියා උත්පාදනය වන ආර්ථිකයක් ගොඩනඟා දීම ආණ්ඩුවක වගකීමක්. අද අපි එම වගකීම ඉටු කරමින් සිටිනවා. ඒ නිසා අපි වසර කිහිපයක් වෙහෙසුනහොත් අපේ රටේ ආර්ථික වශයෙන් ඇති වී තිබෙන දුප්පත්භාවයෙන් අපිට ගොඩ ඒමට හැකියාව තිබෙනවා.


ඒ වගේම රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. එහි ප්‍රධාන කොටසක් ලෙස ඩිජිටල්කරණය අපි හඳුනාගෙන තිබෙනවා. ලබන වසර වන විට රජයත් සමඟ සිදු කරන සියලු ගනුදෙනු Online මගින් ගෙවීමේ ක්‍රමවේදය ආරම්භ කරනවා. ඒ වගේම ටෙන්ඩර්, රේගු කටයුතු මේ සියල්ල ඩිජිටල්කරණයට ලක් කරනවා. අපිට එය සාර්ථක කරගත හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා.


අපේ රටේ නීති හදපු අයම එම නීතිවලට පටහැණිව කටයුතු කර තිබෙනවා. නීතිය තිබුණත් එය ක්‍රියාත්මක නොවන බව ඔවුන් දන්නවා. මින් ඉදිරියට අපේ පියවර වන්නේ නීතිය පමණක් ප්‍රමාණවත් නැහැ, එය ක්‍රියාත්මක වන බව තහවුරු කළ යුතුයි. දැන් එය ඔප්පු වෙමින් තිබෙනවා. අද පක්ෂ 40ක් එක කාමරයට එකතු වෙන්න තරම් එය ඔප්පු වී තිබෙනවා. අපේ රටේ පුරවැසියා තුළ නීතියට බියක් ඇති විය යුතුයි. අපි එම සංස්කෘතිය ඇති කරනවා.


ඒ වගේම අපි ජාතික ප්‍රශ්නය අවසන් කළ යුතුයි. අපේ ප්‍රවේශය වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර යළි කිසිදු ආකාරයේ ගැටුමක් ඇති නොවන අන්දමින් රට පාලනය කිරීමයි. උතුරේ ජනතාව විශාල ලෙස යුද්ධයෙන් බැට කෑවා. යළි යුද්ධයක් ඇති නොවන අන්දමින් රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ජාතික සමගිය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පියවර අපි අරගෙන තිබෙනවා. ඒ වගේම උතුරේ ජනතාවට අවශ්‍ය සංවර්ධනය, නීතිමය රැකවරණය ලබා දී සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට සම අයිතින් තිබෙන රටක් ගොඩනගනවා.


ඒ වගේම මත්ද්‍රව්‍ය උවදුරින් අපේ දරුවන් බේරා ගැනීමට අපි කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ එකට බැඳී තිබෙන්නේ. අද අපි මේවා පාලනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. මත්ද්‍රව්‍ය සහ අපරාධවලින් යුත් මේ යටිබිම්ගත රාජ්‍යය වසා දැමීමට අපි තීරණය කර තිබෙනවා.


ඒ වගේම මේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට ගලා යා යුතුයි. අපි ඉහළින් කෙතරම් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළද ජනතාවගේ ජන ජීවිතය වෙනස් වන්නේ නැත්නම් ඵලක් වෙන්නේ නැහැ. ජන ජිවිතය හැමදාම අස්වැසුමට සීමා කරන්න බැහැ. ඔවුන්ට ආර්ථික අවස්ථා උදාකර දිය යුතුයි. ඒ නිසා කෘෂිකර්මාන්තය, පශු සම්පත් ක්ෂේත්‍රය අපි නවීන තාක්ෂණය සමඟ ඉදිරියට ගෙන යා යුතුයි. ඒ වගේම ආර්ථිකය ගමට ප්‍රසාරණය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් අපි සකස් කර තිබෙනවා.


පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී අපේ රටේ ජනතාව අලුත් වෙනසක්, අලුත් ගමනක් ප්‍රාර්ථනා කළා නම් ඒ අලුත් වෙනස සහ අලුත් ගමන වෙනුවෙන් අපි වෙහෙස වී වැඩ කරමින් සිටිනවා. ඒ ගමනට ඔබේ දායකත්වයත් අපි අපේක්ෂා කරනවා. අපිට ඔබෙන් ඇල් වතුර වීදුරුවක්වත් එපා. රටට ආයෝජන රැගෙන එන්න. ඒ වගේම ඔබ විදේශයන්හි සේවය කර ලබා ගත් ඒ අත්දැක්ම් අපේ රටට අරන් එන්න. ඒ සඳහා අවශ්‍ය පහසුකම් අපි සකස් කර දෙන්නම්. ඒ අනුව රට ගොඩනැගීමේ ගමනේ කොටස්කරුවන් බවට පත් වීමට ඔබට හැකියාව තිබෙනවා.


විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


සම්බන්ධිත පුවත් | Related News

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.
කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.
ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.
විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.
ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ප්‍රධාන පුවත්

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..

ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..

පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.