මූලික අයිතිවාසිකම් උල්ලංගණය කරමින් අත්අඩංගුවට ගැනීම් ගැන මානව හිමිකම් කොමිෂමට පැමිණිලි රැසක්..
මූලික අයිතිවාසිකම් උල්ලංගණය කරමින් පුද්ගලයන් අත්අංඩගුවට ගැනීම සම්බන්ධයෙන් කොමිශමට පැමිණිලි රාශීයක් ලැබී ඇති බව මානව ශ්‍රීලංකා මානව හිමිකම් කොමසාරිස් නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හැටන් ප්‍රාදේශීය කාර්යාලය මගින් (06) දින හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිළධාරින් දැනුවත් කිරිම සදහා හැටන් ලා ඇඩම්ස් හෝටලයේ සංවිධානය කර තිබූ වැඩසටහනකට සහභාගිවීමෙන් අනතුරුව කොමසාරිස්වරයා මාධ්‍යට අදහස් දක්වමින් ඒ බැව් පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රීලංකා මානව හිමිකම් කොමසාරිස් නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා මෙසේ පැවසීය.
“කෙනෙකුගේ නිදහස කියන දෙය ඉතාම වැදගත් දෙයක් හැටියට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සලකන්නේ.
එතකොට ඒ නිදහස අහිමි කරන්න බෑ නීතියේ නියම කරපු කාර්ය පටිපාටියට අනුව හැර.
කෙනෙක් අත්අඩංගුවට ගන්න ඕන නම් නීතියෙන් ආණ්ඩුකුම ව්‍යවස්ථාව යටතේ ඒවගේම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ කොහොමද අත්අඩංගුවට ගන්න ඕන, අත්අඩංගුවට ගන්න ඕන නිශ්චිත හේතුවක් තියෙන්න ඕන.
වරෙන්තුවක් නැතුව ගන්නවා නම්, සැකයක් තියනවා නම් සැකය සාධාරණ එකක් වෙන්න ඕන, හේතු තියෙන්න ඕන, ලංකාවේ සැකය කියලා වරදක් නැහැ. යම් සැකයකට යම් හේතු තියනවා නම් හේතු මත තමයි සැක ඇති කරගන්න ඕන.
ඒ අනුව තමයි අපරාධයකට සම්බන්ධයි, අපරාධයක් කරන්න යනවා, අපරාධයකට සුදානම් වෙනවා, කියන යම් තොරතුරු තියනවා නම් තමයි ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න පුලුවන්.
එහෙම නැතුව පුද්ගලයෙක් දිහා බලලා ඔහුගේ නහය ලොකුයි, උස වැඩියි, එයා මහතයි එහෙම අත්අඩංගුවට ගන්න නීතියක් අපේ රටේ නැහැ.
එහෙම අත්අඩංගුවට ගන්නේ නැත්නම් ඒක ඒ අයගේ මුලික අයිතිවාසිකම් කඩ වීමක්. එතකොට ඒ අයට පුලුවන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න.
එතකොට කොමිසම ඒ පිලිදව අනිවාර්යයෙන්ම මැදිහත් වීම් සිදු කරනවා.
දැනටද ඒ වගේ පැමිණිලි රාශියක් කොමිසම වෙත ලැබිලා තිබෙනවා. ඒවා විභාග කරමින් විමර්ෂණය කරමින් පවතිනවා.
චෙම්මිණි මිනි වලේ ප්‍රශ්ණය එන්නේ නිශාන්ත කුමාරස්වාමි අත්අඩංගුවට ගත්ත බව ලුතිනන්වරයෙක් විසින් ප්‍රකාශයට කල නිසා. මේ වගේ විශාල ප්‍රමාණයක් මෙතන වලළලා දාල තියනවා කියලා. ඒ අනුව තමයි මේක ආරම්භ කළේ.
නමුත් හෙමින් තමයි ඒ කටයුතු සිදු කෙරුනේ. ඒත් දැන් මේ වෙද්දි පුද්ගලයන්ගේ 112කුගේ පමණ අස්ථි හමුවුණා කියලා වාර්ථා වුණා. තවත් මේ වගේ දේවල් තියෙන්න පුළුවන් නේ.
ඒ වගේ තොරතුරු තියනවා නම් මහේස්ත්‍රාත්තුමන්ලා හරහා ඒවා නැවත සොයා බලන්න පුලුවන්. උනන්දුවක් තියනවා කොමිසම හරහා මේක නිරික්ෂණය කරන්න. විශාල සංඛ්‍යාවක් අතුරුදහන් වීම ප්‍රශ්ණයක්?ඒ පිලිබදව සාධක තියනවා කියන එක ප්‍රශ්ණයක්? ඒකට අදාළ වගකියයුතු පුද්ගලයන් ඉන්නවා කියන එක ප්‍රශ්නයක්? රාජ්‍ය අංශයෙන් කෙරුණයි කියන එක ප්‍රශ්ණයක්?
ඒක නිරික්ෂණය කරන්න කොමිසම පහුගිය කාලේ ඒකට ගිහින් ඒ සම්බන්ධ කාරණා පිලිබදව කොමිසම පැත්තෙන් කරන්න පුලුවන් දේ පිලිබදව සොයන්න තමයි එතනට ගියේ අපි”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්