මූලික අයිතිවාසිකම් උල්ලංගණය කරමින් අත්අඩංගුවට ගැනීම් ගැන මානව හිමිකම් කොමිෂමට පැමිණිලි රැසක්..
මූලික අයිතිවාසිකම් උල්ලංගණය කරමින් පුද්ගලයන් අත්අංඩගුවට ගැනීම සම්බන්ධයෙන් කොමිශමට පැමිණිලි රාශීයක් ලැබී ඇති බව මානව ශ්‍රීලංකා මානව හිමිකම් කොමසාරිස් නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හැටන් ප්‍රාදේශීය කාර්යාලය මගින් (06) දින හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිළධාරින් දැනුවත් කිරිම සදහා හැටන් ලා ඇඩම්ස් හෝටලයේ සංවිධානය කර තිබූ වැඩසටහනකට සහභාගිවීමෙන් අනතුරුව කොමසාරිස්වරයා මාධ්‍යට අදහස් දක්වමින් ඒ බැව් පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රීලංකා මානව හිමිකම් කොමසාරිස් නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා මෙසේ පැවසීය.
“කෙනෙකුගේ නිදහස කියන දෙය ඉතාම වැදගත් දෙයක් හැටියට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සලකන්නේ.
එතකොට ඒ නිදහස අහිමි කරන්න බෑ නීතියේ නියම කරපු කාර්ය පටිපාටියට අනුව හැර.
කෙනෙක් අත්අඩංගුවට ගන්න ඕන නම් නීතියෙන් ආණ්ඩුකුම ව්‍යවස්ථාව යටතේ ඒවගේම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ කොහොමද අත්අඩංගුවට ගන්න ඕන, අත්අඩංගුවට ගන්න ඕන නිශ්චිත හේතුවක් තියෙන්න ඕන.
වරෙන්තුවක් නැතුව ගන්නවා නම්, සැකයක් තියනවා නම් සැකය සාධාරණ එකක් වෙන්න ඕන, හේතු තියෙන්න ඕන, ලංකාවේ සැකය කියලා වරදක් නැහැ. යම් සැකයකට යම් හේතු තියනවා නම් හේතු මත තමයි සැක ඇති කරගන්න ඕන.
ඒ අනුව තමයි අපරාධයකට සම්බන්ධයි, අපරාධයක් කරන්න යනවා, අපරාධයකට සුදානම් වෙනවා, කියන යම් තොරතුරු තියනවා නම් තමයි ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න පුලුවන්.
එහෙම නැතුව පුද්ගලයෙක් දිහා බලලා ඔහුගේ නහය ලොකුයි, උස වැඩියි, එයා මහතයි එහෙම අත්අඩංගුවට ගන්න නීතියක් අපේ රටේ නැහැ.
එහෙම අත්අඩංගුවට ගන්නේ නැත්නම් ඒක ඒ අයගේ මුලික අයිතිවාසිකම් කඩ වීමක්. එතකොට ඒ අයට පුලුවන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න.
එතකොට කොමිසම ඒ පිලිදව අනිවාර්යයෙන්ම මැදිහත් වීම් සිදු කරනවා.
දැනටද ඒ වගේ පැමිණිලි රාශියක් කොමිසම වෙත ලැබිලා තිබෙනවා. ඒවා විභාග කරමින් විමර්ෂණය කරමින් පවතිනවා.
චෙම්මිණි මිනි වලේ ප්‍රශ්ණය එන්නේ නිශාන්ත කුමාරස්වාමි අත්අඩංගුවට ගත්ත බව ලුතිනන්වරයෙක් විසින් ප්‍රකාශයට කල නිසා. මේ වගේ විශාල ප්‍රමාණයක් මෙතන වලළලා දාල තියනවා කියලා. ඒ අනුව තමයි මේක ආරම්භ කළේ.
නමුත් හෙමින් තමයි ඒ කටයුතු සිදු කෙරුනේ. ඒත් දැන් මේ වෙද්දි පුද්ගලයන්ගේ 112කුගේ පමණ අස්ථි හමුවුණා කියලා වාර්ථා වුණා. තවත් මේ වගේ දේවල් තියෙන්න පුළුවන් නේ.
ඒ වගේ තොරතුරු තියනවා නම් මහේස්ත්‍රාත්තුමන්ලා හරහා ඒවා නැවත සොයා බලන්න පුලුවන්. උනන්දුවක් තියනවා කොමිසම හරහා මේක නිරික්ෂණය කරන්න. විශාල සංඛ්‍යාවක් අතුරුදහන් වීම ප්‍රශ්ණයක්?ඒ පිලිබදව සාධක තියනවා කියන එක ප්‍රශ්ණයක්? ඒකට අදාළ වගකියයුතු පුද්ගලයන් ඉන්නවා කියන එක ප්‍රශ්නයක්? රාජ්‍ය අංශයෙන් කෙරුණයි කියන එක ප්‍රශ්ණයක්?
ඒක නිරික්ෂණය කරන්න කොමිසම පහුගිය කාලේ ඒකට ගිහින් ඒ සම්බන්ධ කාරණා පිලිබදව කොමිසම පැත්තෙන් කරන්න පුලුවන් දේ පිලිබදව සොයන්න තමයි එතනට ගියේ අපි”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..