
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කටයුතු සාර්ථක වෙන්න නම් එහි ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුවිය යුතු යැයි පංච පුද්ගල කමිටුව යෝජනා කර තිබෙනවා- රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2015 වසරේ ජුනි මස පළමු වැනිදා සිට 2021 වසරේ මාර්තු මස 17 වන දින දක්වා වූ කාලසීමාව තුළ ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයාබැලීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සහභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත් කරණු ලැබීය.
එම කමිටුවේ අතුරු වාර්තාව පසුගියදා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත භාරදුන් අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යයවරයා පවසා සිටියේ ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ ක්‍රියාකාරීත්වය සාර්ථක කිරීමට නම් එහි ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවයි.
කමිටුවේ අතුරු වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා,
"2015 ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇති කරපු දිනයේ සිට මේ අවුරුද්ද ආරම්භය දක්වා එහි ක්‍රියාකාරකම් පිළිබඳව කරුණු විමර්ශනය කරලා වාර්තාවක් සපයන්න කියලා අපි විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී විජේවර්ධන මැතිනියගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත්කළා. එහි අතුරු වාර්තාව තමයි අපට ලබාදුන්නේ. ඒ වාර්තාව අපි අධ්‍යයනය කරමින් සිටිනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ ක්‍රියාකාරීත්වය සාර්ථක කරන්න නම් එහි ව්‍යුහාත්මක වෙනස්කම් ගණනාවක් වෙන්න ඕනේ කියලා යෝජනා කරලා තියෙනවා. ඒ වගේම දිගින් දිගටම එම ආයතනයේ විවිධ වංචා දුෂණ සිදුවෙලා තියෙන බව තමයි වාර්තාවලින් අනාවරණය වෙන්නේ. ඒ පිළිබඳව අපි හදාරලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන් ම ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ පනත කඩිනමින් සංශෝධනය කරන්න ඕනේ කියලා අතුරු වාර්තාව නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
