
ඔන්ලයින් ඛේදවාචකය – වැඳලා ඉල්ලන්නේ, ළමයින්ට ෆෝන් නම් දෙන්න එපා
“ඔන්ලයින් කරන්න කියලා ෆෝන් එකක් අරන් දුන්නා. අන්තිමට ඔන්ලයිනුත් නැති වුණා. ළමයා ඊට පස්සේ ගේම් ගහන්න පුරුදු වෙලා. අනේ දෙයියනේ, අම්මලා තාත්තලාගෙන් වැඳලා ඉල්ලන්නේ, ළමයින්ට ෆෝන් නම් දෙන්න එපා…” යැයි සිය එකම දරුවාගේ වියෝව දරාගත නොහැකිව වු පියෙක් හඬා වැලපෙමින් කීය.
බණ්ඩාරගම, රයිගම, ගුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසුරු අශේන් සිසුවාගේ මළ සිරුර ඔහු පදිංචි නිවසේ මුළුතැන්ගෙයි කොන්ක්‍රීට් කණුවක එල්ලෙමින් තිබියදී ඊයේ (11) සොයාගැනීමෙන් අනතුරුව අශේන් ගේ පියා හඬා වැලපෙමින් එසේ ආයාචනා කළේය.
ඔහු මහන්සි වී බුලත්විට විකිණීමෙන් උපයාගත් මුදලින් කොටස් වශයෙන් ගෙවීමට තම පුතුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලදී ගත්තේ අශේන් ගේ අනාගතය සාර්ථක කිරීමේ බලාපොරොත්තුවෙනි.
නමුත් ඔහුට අද හිමිව ඇත්තේ දුක සහ ශෝකයයි.
46 හැවිරිදි මෝලි වික්‍රමාරච්චි 43 හැවිරිදි අශෝකා රංජනී යන දෙපළගේ එකම පුතු වූ ඉසුරු අශේන් බණ්ඩාරගම රයිගම පතහවත්ත ශ්‍රී ස්වර්ණජෝති මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දීප්තිමත් සිසුවෙකි.
අධ්‍යාපනයට මෙන්ම නර්ථනයටද එකසේ හපන්කම් දැක්වූ අශේන් මියයන විට 11 වසරේ ඉගෙනුම ලබමින් සිටියේය.
මව්පිය දෙපළට ඇස් දෙක ලෙස සිටි අශේන් ඔවුන්ගේ ආදරය මෙන්න අසල්වාසීන්ගේ හා ඥාතීන්ගේ ද ආදරය නොමඳව දිනාගනිමින් කෙළිදෙලෙන් කල්ගෙවූ දරුවෙක් බව අසල්වාසීන් අප සමග පැවසීය.
අශේන්ගේ පියා හැඬ කඳුළින් අප සමඟ පවසා සිටියේ මෙවන් දෙයකි.
“දවල් 2.45 ට විතර පහළ කඩෙන් මට කෝල් එකක් ආවා විට එකක්වත් නෑ ගේන්න කියලා. මම ඒ එක්කම පුතේ කිව්වා. පුතා ටක් ගාලා ආවා. ඒ එක්කම මම පුතාට කිව්වා පුතේ විට ටික ඉක්මනට ඔතන්න ඕනෙයි කියලා. අනේ ඒ වෙලා අපේ පුතා මට කිව්වා තාත්තා පුවක් ටික පළල දෙන්න මම ඉක්මනට ඔතන්නම් කියලා. මම බුලත් විට ටික බෑග් එකට දාගෙන ඉස්සරහට එතකොට පුතත් මගේ පස්සෙන්ම ආවා. පස්සෙ මම ත්‍රීවිල් එකක් අරං කඩේට යන්න ගියා. පැයකට විතර පස්සේ මම ගෙදර ඇවිල්ලා පුතේ කියලා කතා කරත් එයා කතා කරේ නැහැ.පුතාගේ පුරුද්දක් තිබ්බා මම කොහේ ඉඳලා එක පාරක් කතා කලත් ඇයි තාත්තා කියලා අහනවා. මම කාමරයේ බැලුවා ඒත් පුතා පේන්න හිටියේ නැහැ. මම හිතුවා එයා බත් කන්න කුස්සියට යන්න ඇති කියලා. මම කුස්සියට ගිහින් බලනකොට පුතා කොන්ක්‍රීට් එකේ එල්ලිලා ඉන්නවා දැක්කා. මම පැනපු ගමන් පුතාව අල්ලගෙන උඩට ඉස්සුවා. පුතාගේ බෙල්ලෙ තිබෙන ගැටය ලියන්න උත්සහ කරත් මට ඒක කරන්න බැරි වුණා. විනාඩි 5ක පමණ කාලයකදී හොරණ ඉස්පිරිතාලෙට ගියත් මගේ පුතාගේ ජීවිතේ නැතිවෙලා අනේ අයියෝ.”
දරුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වීමේදී දරුවාගේ කාමරය තුළ තැන තැන සඟවා තිබූ පාවිච්චි කරන ලද විවිධ මිල ගණන් සඳහන් ඩේටා කාඩ් 50කට ආසන්න ප්‍රමාණයක් මෙන්ම ජංගම දුරකථනයෙන් ගේම් ගැසීම සඳහාම උපයෝගී කරගන්නා මාපට ඇඟිලි ආවරණ තුනක් සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.
තවද ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී එහි තිබූ ඡායාරූප පන්සියයකට ආසන්න ප්‍රමාණයෙන් 99% ක් පමණ (විවිධ ක්‍රීඩා) ගේම් ඡායාරූප මෙන්ම ඊට අදාළ වැකි සටහන්ව තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව එම දරුවා දැඩිව ගේම් ගැසීම සඳහා ඇබ්බැහි වී සිටි අයෙකු බවට අනාවරණය වී ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.
දරුවාගේ මළ සිරුර හොරණ මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පීසීආර් පරීක්ෂණයකින් අනතුරුව මරණ පරීක්ෂණය හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ පැවැත්වීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
