
පළාත් සභා මැතිවරණය ලබන අප්‍රියෙල් මාසයේදී
මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඊයේ (08) සවස පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය
මෙහි සංයුතිය සකස් කර තිබුණේ ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරු 10ක් සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 5ක් ලෙසය.
එහෙත් පසුගියදා ආණ්ඩු පාර්ශව විසින්ම මෙම තේරීම් කාරක සභාව සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද නම් කර තිබිණ.
ඒ හේතුවෙන් ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු 11ක් වූ අතර විපක්ෂයට ද තවත් වැඩිපුර නියෝජනයක් ලබා දීමට ආණ්ඩුවට සිදුවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඇතුළත් වූයේ ඒ අනුවය.
බැසිල් රාජපක්ෂ මහතා අද මෙම කාරක සභාවට පළමු වතාවට පැමිණි අතර එහිදී ඔහු පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබේ.
මීට පෙර පැවති කාරක සභා රැස්වීම්වලදී ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, සාගර කාරියවසම් මහතා ආදීන් අදහස් ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණය මේ අවස්ථාවේ පැවැත්විය නොහැකි බවයි.
ඒ අය ප්‍රකාශ කර තිබුණේ පළාත් සභා මැතිවරණය වෙනුවට පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි බවය.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් යළි සීමා නිර්ණය කිරීමක් සහ පනත සංශෝධනය කළ යුතු බව බැසිල් රාජපක්ෂ මහතා මෙම කාරක සභාව නියෝජනය කිරීමට පෙර ආණ්ඩු පක්ෂය කියා තිබිණ.
ඒ සඳහා කාලය ගතවන බැවින් වසර හතර සම්පූර්ණ වන පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ පැවැත්වීම මීට පෙර ආණ්ඩු පක්ෂයේ අදහසවී තිබිණ.
එහෙත් අද බැසිල් රාජපක්ෂ මහතා මෙම කාරක සභාවට පැමිණීමත් සමඟම එම අදහස වෙනස් වී පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කර තිබූ බව වාර්තා වේ.
ඒ කලින් තිබූ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේය.
මේ වන විට පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති පළාත් සභා නව ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීමේ යෝජනාවක් එළැඹෙන ජනවාරි මාසයේදී
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති අතර එම යෝජනාව වන්නේ
පැවති මනාප ක්‍රමය සහිත සමානුපාතික ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක කිරීමයි.
එය ජනවාරි මාසයේ දී සම්මත වුවහොත් එළඹෙන අප්‍රේල් මාසයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව වාර්තා වේ.
කෙසේ වෙතත් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් මහතා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා
හමුවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය දැඩිව අවධාරණය කර තිබිණ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
