News Category
From Date
To Date
Maximum Number of Result

සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලන ගමන්මග වෙනස් කළ හැකි සුවිශේෂී මෙන්ම අතිශය රහසිගත හමුවක් පසුගිය සෙනසුරාදා (13) කොළඹදී සිදුව ඇති බව වාර්තා වේ.

2025 අපොස සාමාන්‍ය පෙළ විහාගයෙන් උසස් පෙළට සිසුන් 225,748 සුසුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි සඳහන් කළේය.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා ඉකුත් දා කටුනායක ගුවන් තොටුපොළෙන් අලුයම පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානයකට අකුණු පහරක් වැදී තිබූ සිදුවීම මේ වන විට සසමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්වූ මාතෘකාවක් වී තිබේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වීමට සතියකටත් පෙර ඒ පිළිබඳව ඉතා පැහැදිලිව ලිඛිතව දැනුම් දී තිබියදීත්, එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ පුද්ගලයන් පසෙකලා වෙනත් පාර්ශවයන් වැරදිකරුවන් කිරීමට උත්සාහ දරන්නේ කුමන තර්කයකට අනුවදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රශ්න කර සිටියි.

වත්මන් පොලිපතිවරයා, රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර සහ දිලීප පීරිස් සිය රාජකාරිය නිවැරදිවම සිදුකරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.

"මම ඊශ්‍රායල රජයේ කැබිනට් මණ්ඩලයේ සිටියා නම්, මට මුළු ලෝකයෙන් ම ඉතිරි වෙලා ඉන්න බලවත් ම සගයාට පහර ගහන්න යන්නේ නෑ... පසුගිය මාස තුන තුළ ඔබේ රට බේරාගත්ත අවිවලින් තුනෙන් දෙකක් ම ඇමෙරිකාවේ නිෂ්පාදනය කරපු ඒවා වගේ ම, ඒවාට මුදල් වියදම් කරලා තියෙන්නේ ඇමෙරිකාවේ බදු ගෙවන ජනතාව."

පාසල් දරුවන් අතර බෝනොවන රෝග ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීම සහ ඔවුන්ගේ දිගුකාලීන සෞඛ්‍ය සම්පන්නභාවය තහවුරු කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පාසල් ආපනශාලාවල විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද සංශෝධිත ආහාර ලැයිස්තුවක් නිකුත් කර තිබේ.

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතය සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ, කුඩා දරුවන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන නවතම සයිබර් ජාවාරම් සහ සැලසුම්සහගත උගුල් පිළිබඳව දෙමාපියන් දැඩි ලෙස අවදියෙන් හා අවධානයෙන් පසුවිය යුතු බවට විශේෂ අනතුරු ඇඟවීමක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් තොරතුරු වාර්තා කරන නාලිකාවක් විසින් මේ පිළිබඳව විශේෂ අනාවරණයන් සිදුකර ඇත.

මෙරට බෞද්ධ සහ කතෝලික ජනතාව අතර අනවශ්‍ය ගැටුමක් හෝ නොසන්සුන්තාවයක් ඇති කිරීමට කිසිදු පාර්ශවයක් කටයුතු නොකළ යුතු බව සර්වජන බලය සන්ධානය අවධාරණය කරයි.


ප්‍රධාන පුවත්

ඉන්දියානු උපාය මාර්ගික සැලසුම ඉදිරියට!

ඉන්දු-ලංකා ගිවිසුමට සමාන්තරව දෙරටේ භූමිය එකිනෙකට එරෙහිව යොදා නොගැනීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතර 1987 ජුලි මාසයේ 29 දින එකඟතාවයක් ඇතිවිය. මූලික වශයෙන් ආරක්ෂාව පිළිබඳව ඇතිකර ගත් එම එකඟතාවයට අනුව ත්‍රිකුණාමලයේ වරාය ඇතුළු අනෙකුත් වරායන් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කිසිදු විදේශීය රටකට යොදා ගැනීමට ඉඩ නොදීමට ශ්‍රී ලංකාව පොරොන්දු විය. එම ලිඛිත ගිවිසුමේ සඳහන් ප්‍රධානතම කරුණක් වූයේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දීය-ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමයි.

225,748ක් උසස් පෙළට සුදුසුකම් ලබයි.. විෂයන් 9ටම A සාමාර්ථ 11,790කට.. 7,419ක් සියලුම විෂයන් අසමත්..

2025 අපොස සාමාන්‍ය පෙළ විහාගයෙන් උසස් පෙළට සිසුන් 225,748 සුසුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි සඳහන් කළේය.

ගුවන් යානාවලට හෙණ ගහනවාද?.. - පහළ උසාවියෙන්ම නඩුව විසිවෙන හැටි ගැන කියන කැප්ටන් එල්මෝ ජයවර්ධන..

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා ඉකුත් දා කටුනායක ගුවන් තොටුපොළෙන් අලුයම පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානයකට අකුණු පහරක් වැදී තිබූ සිදුවීම මේ වන විට සසමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්වූ මාතෘකාවක් වී තිබේ.

ඊශ්‍රායලය බේරුණේ ඇමෙරිකානු ආයුධ නිසා.. - එක්සත් ජනපද උප ජනපතිගෙන් ඊශ්‍රායල් අමාත්‍යවරුන්ට විවේචනයක්

"මම ඊශ්‍රායල රජයේ කැබිනට් මණ්ඩලයේ සිටියා නම්, මට මුළු ලෝකයෙන් ම ඉතිරි වෙලා ඉන්න බලවත් ම සගයාට පහර ගහන්න යන්නේ නෑ... පසුගිය මාස තුන තුළ ඔබේ රට බේරාගත්ත අවිවලින් තුනෙන් දෙකක් ම ඇමෙරිකාවේ නිෂ්පාදනය කරපු ඒවා වගේ ම, ඒවාට මුදල් වියදම් කරලා තියෙන්නේ ඇමෙරිකාවේ බදු ගෙවන ජනතාව."

කටු පොල් සහ ඉඩම් මංකොල්ලය නිසා ලයිබීරියාවේ එළවා දැමූ ‘කැපිටල් මෙටල්ස්’ ලංකාවේ ඛනිජ සම්පත් මංකොල්ලයට බැහැලා..

ලන්ඩන් කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි ‘කැපිටල් මෙටල්ස්’ (Capital Metals PLC) සමාගම විසින් දේශීය සමාගම් කිහිපයක් හා එක්ව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මහා පරිමාණ බර ඛනිජ වැලි (Heavy Mineral Sands) කැණීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පරිසරවේදීන් සහ ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ල වෙමින් පවතී.

ලංකාව තුළ සිදුවන සයිබර් වංචා චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගීතාව බිඳ දැමීමට ක්‍රියාත්මක වන මෙහෙයුමක් ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්

මියන්මාර සහ තායිලන්ත දේශසීමා ආශ්‍රිතව ක්‍රියාත්මක වූ චීන ජාතිකයන් මෙහෙයවූ "ඔන්ලයින්" මූල්‍ය වංචා සහ විදුලි සංදේශ ජාලයන් මැඩලීමට චීන රජය දැඩි පියවර ගැනීමත් සමඟ, එම වංචාකරුවන් ශ්‍රී ලංකාව දෙසට සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් මතුව ඇතැයි කරුණු වාර්තා වන අතර, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ මෙම වංචාවන් සඳහා චීන ජාතිකයන් පමණක් වගකිව යුතු බවට සමාජය තුළ පවතින මතය සාධාරණ නොවන බවයි.

සුරේෂ් සලේ, රට වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ විශාල සේවාවක් කළා.. - මුලතිව් හිටපු ආඥාපති මේජර් ජෙනරාල් උදිත රාජපක්ෂ

ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඉටුකළ කාර්යභාරය අතිමහත් බව මුලතිව් හිටපු ආඥාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදිත රාජපක්ෂ මහතා පවසයි.

මෝදිගේ ‘ඉන්ෆොසිස්’ උගුලේ ලංකාවේ දත්ත හිරවෙයිද? - හැඳුනුම්පත් ටෙන්ඩරය පිටුපස ඇති ඉන්දීය න්‍යාය පත්‍රය කුමක්ද?

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) විසින් 2026 ජුනි 17 වන දින කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් මගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ජාතික හැඳුනුම්පත් (SL-UDI) ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බරපතළ අනාවරණයක් සිදු කරන ලදී. එහිදී එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අවධාරණය කළේ, ලාංකික පුරවැසියන්ගේ අතිශය සංවේදී ජෛවමිතික දත්ත ඇතුළත් ටෙන්ඩරය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සමීප සබඳතා ඇති ඉන්ෆොසිස් (Infosys) සමාගමට ලබාදීමට වත්මන් රජය සූදානම් වන බවයි.

ගෝඨාභයගේ නඩුව මැද CID ශානිට සහ රවී සෙනෙවිරත්නට දැඩි දෝස්මුරයක්..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ඊයේ (18) යළි සලකාබැලුණි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.