
මුස්ලිම්වරුන් මතවාදී අරගලයකට සූදානම් විය යුතු යැයි මුහුණුපොතේ මත පළ කළ පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා... වන්දි ගෙවන්නැයි රජයට නියෝග
මුස්ලිම්වරුන් මතවාදී අරගලයකට වහාම සූදානම් විය යුතු බවට සිය මුහුණු පොත ඔස්සේ මතයක් පළකළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන මොහොමඩ් රාසික් මොහොමඩ් රම්සි නමැත්තා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එයට වන්දියක් ලෙස එම පෙත්සම්කරුට රුපියල් ලක්ෂ 10 ක මුදලක් ගෙවන ලෙසට රජයට නියම කළේය.
එයට අමතරව පෙත්සම්කරුට සිය පෞද්ගලික මුදලින් මාසයක් ඇතුළත රපියල් තිස්දහස බැගින් වන්දි ගෙවන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න මහතාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කේ. සේනාරත්න මහතාට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
පසුගිය කොරෝනා සමයේදී එනම් 2020.04.02 වැනිදා එම පෙත්සම්කරු සිය මුහුණු පොතේ සටහනක් තබමින් ජාතිවාදී කල්ලි ඉතාමත් සූක්ෂ්ම ආකාරයට දියත් කරනු ලබන මුස්ලිවරුන්ට එරෙහි බුද්ධි මෙහෙයුමට මුහුණදීම සඳහා මුස්ලිම්වරුන් මතවාදී අරගලයකට සූදානම් විය යුතුය යන මතය සිංහල භාෂාවෙන් පළකිරීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා සිවිල් හා දේශපාලනඥ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර පනත යටතේ ගැනෙන වැරදි සිදු කළේ යැයි චෝදනා කරමින් එම පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
එලෙස අත්අඩංගුවට ගෙන පුරා මාස පහකට අධික කාලයක් රැඳවුම් නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට නිගමනය කරන ලෙස ඉල්ලා, නීතිඥ මුස්තාපා කමල් බැඩා රම්සීන් මහතා මගින් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ බුවනෙක අලුවිහාරේ, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරු එම නියෝග කළහ.
පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් හා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමෙන් පෙත්සම්කරුට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතීන් වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කළ විනිසුරු මඬුල්ල මෙවැනි අසාධාරණ ක්‍රියා මින්මතු නොවීමට අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කර පොලිස්පතිවරයා වෙත යොමු කරන ලෙසට ද නීතිපතිවරයාට නියෝග කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
