
නැන්දම්මා, මස්සිනා ඇතුළු පිරිසක් ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන තරගාවලිය බලන්න රැගෙන ගිය බව ශම්මි පිළිගනී... ශලනි තාරකා, අනුරාධා එදිරිසිංහ රැගෙන ගියේ ජයන්ත ධර්මදාසයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ව කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ දී සිය නැන්දම්මා සහ මස්සිනා ඇතුළුව තවත් හිතවතුන් පිරිසක් ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට රැගෙන ගිය බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි සිල්වා පිළිගෙන තිබේ.
කෝප් කමිටුව ක්‍රිකට් ආයතනය කැඳවා තිබුණේ පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති 20යි 20 ලෝක කුසලාන තරගාවලියට එම ආයතනයේ නිර්දේශ සහිතව සහ එම ආයතනයෙන් සහභාගීවූවන්ට අදාළ විගණකාධිපතිවරයා නිකුත් කර තිබූ වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.
විගණන වාර්තාවේ සඳහන් ආකාරයට සිය බිරිඳට වීසා ලැබුණේ ලෝක කුසලාන තරගාවලිය නිසා නොවන බවත් ඊට පෙර ඇය ඔස්ට්‍රේලියාවේ සිටි බවත් සභාපතිවරයා එහිදී සඳහන් කර ඇත.
තරගාවලියට ගෙන ගිය සෙසු පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ප්‍රශ්න කර ඇති අතර, එහිදි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සභාපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, තමන් ගෙන ගිය පිරිස ප්‍රකාශ කරන ලෙසය.
එහිදී අදහස් දක්වා ඇති ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා,
"රොබට් සිල්වා කියන්නේ මගේ මස්සිනා ඩේසි ජෙනට් කියන්නේ මගේ බිරිඳගේ මව. ශ්‍රීමාල් ගුණරත්න මගේ හිතවතෙක්. නිෂාදි පද්මසිරි කියන්නේ එයාගේ බිරිඳ, සංජය සමරසිංහ කියන්නේ මගේ යාළුවෙක්. ආර්. ඒ ෂෙනුලා දිනූසිකා සහ සාරා දිනාලි කියන්නේ මිනිස්ටර්ගේ දුවලා. ඒ දෙන්නටම ලිපිය දුන්නේ මම. මිනිස්ටර්ටත් මම ලිපියක් දුන්නා. නමුත් ඒ වෙලාවේ දේශපාලකයන්ට ඔස්ට්‍රේලියාවේ වීසා දුන්නේ නෑ. සුදත් රෝහණ චන්ද්‍රෙස්කරගේ නමට එනකල් ඉන්නවා..."
ලෝක කුසලානය නැරඹීමට ගිය අනුරාධා එදිරිසිංහ සහ ශලනි තාරකා යන නිළියන් දෙදෙනා නම් කළේ, උපසභාපති ජයන්ත ධර්මදාස බව එහිදී පැමිණි නිලධාරින් පවසා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
