
මේ අයවැය ගැනත් විශ්වාසය තියන්න බැහැ... ගිය අයවැයේත් යෝජනා ඉටුවෙලා නැහැ - සජිත් කියයි
2023 වසරේදී ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා ඉටුකිරීම අන්ත දුර්වල තත්ත්වයක පවතින බවත් අයවැය යෝජනා අධීක්ෂණය සඳහා කාර්යසාධන බළකායක් ස්ථාපිත කරන බව පැවසුවත් එයද මෙතෙක් පිහිටුවා නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
2023 අයවැය ප්‍රගතිය සම්බන්ධයෙන් කිසිදු විශ්ලේෂණයකින් තොරව ලබන වසර සඳහා අයවැය සකස් කර ඇති බව ද, රජයක් ඉදිරිපත් කළ අයවැයේ සඳහන් යෝජනා ක්‍රියාත්මක වන්නේද නොවන්නේ ද සහ ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තා කළ යුතු වුවත් වත්මන් රජය 2023 අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා මේ වන තෙක්ම ඉටු කර නැතැයි දක්නට ලැබෙන බව ද විපක්ෂ නායකවරයා පවසයි.
වෙරිටේ රිසර්ච් ආයතනයේ සමීක්ෂණයකට අනුව 2023 අයවැයේ විශේෂිත යෝජනා 50 ක් සඳහා වෙන් කළ ප්‍රතිපාදනවලින් සියයට 97 ක් වැය කළේ කුමක් සඳහා ද යන්න සම්බන්ධව නිශ්චිත තොරතුරු නොමැති බවත් එසේම පසුගිය වසරේ වැඩිම මුදලක් වෙන් කළ යෝජනා 25න් 17ක තොරතුරු නොමැති හෝ සොයා ගත නොහැකි බවත් හෙතෙම පවසයි.
එබැවින් 2024 නව අයවැයේ විශ්වසනීයත්වය පිළිබඳව ගැටලු තිබෙන අතර අයවැයක විශ්වසනීයත්වය ගැටලුවක් නම් වගකීම සහ වගවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් ඊළඟ වසරේ අයවැය සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකි බවත් ඒ මහතා සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
