
ප්‍රමෝද්‍යගේ හෙළිදරව්වට ක්‍රිකට් රසිකයන්ගේ ප්‍රතිචාර... දැන්වත් ඉල්ලා අස්වෙන්න යැයි කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සිදුකළ හෙළිදරව්ව්වෙන් පසු මෙරට ක්‍රිකට් රසිකයන් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමන් පවසන්නේ රටේ ක්‍රිකට් තේරීම් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ඔහු මෙවැනි දේ පැවසීම ලැජ්ජා සහගත බවයි.
ක්‍රිකට් ක්ෂේත්‍රයේ වත්මන් අර්බුදය පසුපස සැඟව ඇති සත්‍ය අනාවරණය කිරීම සඳහා මෙම ලිපිය නිකුත් කරන බවත්, මෙම කුමන්ත්‍රණ නොයෙකුත් අරමුණින් ක්‍රියාත්මක වූ ඒවා බවත් ඔහු ලිපියක් මගින් පවසා ඇති අතර, එම කුමන්ත්‍රණ පසුපස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය සඳහා වන බල පොරයන්ට සබැඳි පුද්ගලයන්ද, තරග පාවාදීමේ සූදුවේ නිරත තැරැව්කරුවන්ද, හුදු ආත්මාර්ථය මත පදනම්ව ජාතික කණ්ඩායම තුළ තම ස්ථානය තහවුරු කරගැනීමට වෙර දරණ පුද්ගලයින්ද සිටින බවත් ප්‍රකාශ කරයි.
වසර දෙකහමාරක් පමණ ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියාව සිටි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ නිරීක්ෂණයට අනුව මෙරට ක්‍රිකට් බිඳ වැටීමට වගකිව යුත්තේ කණ්ඩායම තේරූ ඔහු හෝ ක්‍රිකට් පාලනය කරන ඔහුගේ හාම්පුතුන් හෝ පුහුණුකරුවන් හෝ නොව ක්‍රිකට් පරිපාලනයේ නැති කුමන්ත්‍රණකරුවන් පිරිසක් හා සමාජ මාධ්‍යකරුවන් කිහිපදෙනෙක් බව ඔහු පවසන කතාව එක්තරා අයුරකින් කුණුහරුපයක් බවයි එම රසිකයන් පවසන්නේ.
මෙම ලිපියෙන් ද තමා වරැදි නැති බව පෙන්වීමට ඔහු උත්සාහ දරන බවද, වගකිව යුතු තනතුරක රැදී සිටින ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා මෙවැනි ගොබ්බ කතා පැවසීම එක්තරා විහිළුවක් බවද ඔවුහු පෙන්වා දෙති.
ලංකාවේ ක්‍රිකට් වලට ඔහු කළ සේවය රන් අකුරින් ලියැවී ඇති හෙයින් දැන්වත් ඉවත් වන්න යැයි ඔවුහු ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාට කියා සිටිති.
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ හෙළිදරව්ව පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
