
අයවැය පුස්සක්... දේශීය නිෂ්පාදන පද්ධතිය තවදුරටත් කඩාවැටෙනවා... මිල උද්ධමනය තවදුරටත් වැඩි වෙනවා... පරාධීන ආර්ථික මොඩලය එසේම පවතිනවා - ජාතික සංවිධාන කියයි
ආනයන සඳහා පනවන තීරුබදු නොවන සෙසු බදු සියල්ල ඉවත් කිරීම මගින් ආනයන ජාවාරම්කරුවන්ගේ ලාභය වැඩිවන බව සහ දේශීය නිෂ්පාදකයා තවදුරටත් කඩා වැටෙන බව ජාතික සංවිධාන කියයි.
ලංකා ලීඩර් විසින් අයවැය පිළිබඳව මතය විමසීමේදී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඒ බව සඳහන් කළේය.
ඉන්දියාව ප්‍රමුඛ බටහිර රටවල ප්‍රබල ඉල්ලීමක් වන සෙස් බදු, විශේෂ පාරිභෝගික බදු, වරාය සහ ගුවන්තොටුපොළ බදු, ඉවත් කිරීම මගින් දේශීය නිෂ්පාදන ආර්ථිකය තවදුරටත් කඩාවැටෙන බව හා අවසානයේ ආර්ථික අර්බුදයට මුල්වූ හේතු තවදුරටත් වර්ධනය වන බව ඔහුගේ මතයයි.
වැට් බදු වැඩිකිරීමෙන් ලැබෙන ආදායම යොදාගෙන ලබන අප්‍රේල් සිට පඩි වැඩිවීමක් ලබාදීම ඇස්බැන්දුමක් බවද ඒ මහතා සඳහන් කරයි.
වැට් බදු සමග මිල උද්ධමනය වැඩිවීම අනුව වැටුප් වැඩිවීම ඡන්ද ගුණ්ඩුවක් පමණක් බව ඔහුගේ මතයයි.
ආර්ථික මොඩලයේ තීරණාත්මක වෙනසක් නොකර දේශීය නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා නොකර, ව්‍යාජ අපනයන ආර්ථික කතාව මගින් පමණක් අර්බුදය ජයගත නොහැකි බවද ඔහු සඳහන් කරයි.
දැන් පවතින ජාවාරම්කාර ආර්ථිකය සහ අමන බදු ප්‍රතිපත්තිය පවත්වාගෙන යන අතර, ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරමින් ඇස්බැන්දුම් කතා පැවැත්වීමෙන් මහජනයා රැවටිය නොහැකි බව සහ අර්බුදය නිර්මාණය කළ හෙවත් ලෙඩේ උත්සන්න කර ලෙඩා බේරාගත නොහැකි බව ඔහුගේ මතයයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
