
මෙවර අයවැය බුදු දහමට නිග්‍රහයක් - සජිත් කියයි
ජනාධිපතිවරයා බුදුදහම පදනම් කරගනිමින් අයවැය කතාව ආරම්භ කිරිම තුළින් බුදුදහමටද සිදු කළේ නිග්‍රහයක් බවත්, IMF සමඟ එළඹි ගිවිසුමෙහි ආදායම් ඉලක්ක සම්පූර්ණ කර ගත නොහැකි වීම හේතුවෙන් එහි දෙවැනි වාරිකය ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති මොහොතක ජනාධිපතිවරයා සිල්ලර අයවැයක් ඉදිරිපත් කර ඇති බවත්, අපායක් පිළිබඳ නිරන්තරයෙන් කියමින්, පාලකයින් දිව්‍ය ලෝකයට ගෙන යන්නට කටයුතු යොදා ඇති මේ අයවැය සැබවින්ම ජනතාව රැවටීමට ගත් තවත් උත්සාහයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා.
විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අයවැයෙහි දැක්වෙන වැඩ කරන ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කිරීමට ඇති වැඩපිළිවෙළ පිළිබඳ කතා කිරීමට පෙර, 2022 වර්ෂයේ ඉදිරිපත් කළ අයවැය යෝජනාවල අඩංගු වූ කරුණු කොපමණ ප්‍රමාණයක් ඉටු කිරීමට හැකිවූවාද යන්න යළිත් සිතා බැලිය යුතු බවත්, ජීවන වියදම් දීමනාව රුපියල් 7,800 සිට 17,800 දක්වා වැඩි කරන බවට අයවැය යෝජනාවේ සඳහන් වුවත්, එම කරුණ ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ 7,500 – 10,000 දක්වා ප්‍රමාණයක් ලෙස බවත් මෙය ජනතාව නොමග යැවීමක් බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.
වැඩිදුරටත් අදහස් දැක් වූ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ, අයවැය කතාවේ ඇතැම් අංශ පිළිබඳ දත්ත මන්ත්‍රීවරුන්ට ලබා දීමටත් පෙර මාධ්‍ය වෙත ලබාදීම තුළින් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය පවා අභියෝගයට ලක් කිරීමට කටයුතු කර ඇති අතර එය රටේ ජනතාව රැවටීමට යොදාගත් මාධ්‍ය සංදර්ශනයක් බවයි.
Lirneasia සංගණනයට අනුව ලක්ෂ 30 සිට 70 දක්වා ලක්ෂ 40කින් දුප්පත්කම වැඩි වී ඇති බවත්, අස්වැසුම පවා විද්‍යාත්මක නොවන වැඩසටහනක් වීම හේතුවෙන් නිසි ප්‍රථිඵල ලගාකර ගැනීමට නොහැකි වූ බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
