
ශම්මිගේ ප්‍රකාශ ගැන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියෙන් අනාවරණයක්
ජාත්‍යන්තර ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඊයේ සිදුකළ ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් කරුණු අනාවරණයක් කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැනවූ ක්‍රිකට් තහනම ඉවත් නොකළහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ලංකාවට අහිමි විය හැකි බවට ශම්මි සිල්වා මහතා පැවසුවද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කරන්නේ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තවමත් තීරණයක් ගෙන නොමැති බවය.
තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳව සාකච්ඡා කරන්නේ නොවැම්බර් 21 වැනිදා පැවැත්වෙන මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී බව එහි සඳහන්ය.
එමෙන්ම ක්‍රික්ඉන්ෆෝ සතුව ඇති තොරතුරුවලට අනුව, 2022 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත පැමිණිලි කිරීමෙන් පසුව එහි නියෝජිත ඉම්රාන් කවාජා මහතා කරුණු සෙවීමේ මෙහෙයුමක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බවත්, එම අවස්ථාවේ දී සෘජු මැදිහත්වීම් පිළිබඳ මූලික සාක්ෂියක් සොයා නොගත් බවත් එම වෙබ් අඩවිය පවසයි.
එසේම ඉකුත් ජුලි මාසයේදීත් මෙරටට ක්‍රිකට් තහනමක් පැනවීමේ අවදානමක් තිබී පසුව එය වළක්වාගත් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ඊයේ පැවසුවත් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ එය සාවද්‍ය ප්‍රකාශයක් බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
