News Category
From Date
To Date
Maximum Number of Result

ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේ ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවන්න, ගත හැකි නිවැරදිම පියවර ගන්නවා - උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

Nov 12, 2023 at 03:25 PM
|

ඉදිරියේදී පැවැත්වීමට නියමිත තීරණාත්මක ජනාධිපතිවරණයේ දී තම ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවීමට ගත හැකි නිවැරදිම පියවර ගැනීමට උත්තර ලංකා සභාගය සූදානම් බවත් කිසිවෙකුත් ඒ පිළිබඳව කිසිදු චකිතයක් තබා නොගත යුතු බවත් එහි සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

රටට බිහිසුණු ඉරණමක් අත් කර දුන් සාම්ප්‍රදායික මොඩලය පසෙක දමා, මේ පොළොව ඉල්ලා සිටින සැබෑ ප්‍රතිපත්තියක්, සැබෑ වැඩපිළිවෙළක් හා සැබෑ නායකත්වයක් සහිතව මේ තීරණාත්මක කඩඉම පසු කිරීමට උත්තර ලංකා සභාගය සූදානම් බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඊයේ(11) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවති උත්තර ලංකා සභාගයේ විරෝධතා සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න අමතමින් එහි සභාපතිවරයා ඉහත අදහස් පළ කළේය.

වත්මන් ජන පීඩක ආණ්ඩුව විසින් සිදු කරනු ලබන විදුලි බිල වැඩි කිරීමට, බදු බර ඉහළ දැමීමට, ජීවන වියදම උග්‍ර කිරීමට හා ජාතික සම්පත් විකිණීමට එරෙහිව උත්තර ලංකා සභාගය විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න අමතා උත්තර ලංකා සභාගයේ ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ,  උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම් යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවි‍දු කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් සංජීව ධම්මික යන මහත්වරු ද උත්තර ලංකා සභාගයේ අනුශාසක විජය ධරණී ජාතික සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ද  අදහස් දැක්වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

"අප මෙම සම්මන්ත්‍රණ මාලාව ආරම්භ කළේ රට තුළ  ප්‍රවර්ධනය වෙමින් පවතින අවදානම පිළිබඳව පොදු මහජනතාව දැනුම්වත් කිරීම ජනතාවාදී දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපගේ යුතුකමක් සහ වගකීමක් වන නිසයි. අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අර්බුදකාරි මොහොත පාවිච්චි කරමින් ඉන්නේ, දිගු කාලයක සිට ඔහු අතේ පවතින 'රටට අහිතකර න්‍යාය පත්‍රය : රිගේනින් ශ්‍රී ලංකා සැලැස්ම' දිගේලි කිරීමටයි.

'රිගේනින් ශ්‍රී ලංකා' යළිත්...

ඔබ දන්නවා, 'රිගේනින් ශ්‍රී ලංකා සැලැස්ම' මීට ඉහත දී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරූ ආණ්ඩුව තුළ තිබුණා. එම සැලැස්ම ඇතුළේ 'රාජ්‍ය ආයතන විකුණාගෙන කන්නේ කොහොමද? රටේ ස්වෛරිත්වය බිඳවට්ටන්නේ කොහොමද?' යන කාරණා ඇතුළත් වුණා. දැන් මේ මුළුමහත් සමාජය වෙළාගත් දරුණු ආර්ථික අවපාතය, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාවිච්චි කරමින් ඉන්නවා, මීට කලින් අතේ තිබුණත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ මේ රටේ අනාගත පැවැත්මට ඉතාමත් හානිකර ඒ පරගැති සැලැස්ම දිගේලි කරන්න.

"ෂොක් ට්‍රීට්මන්ට් එක"

තවත් පැත්තකින් කියන්න පුළුවන් 'මේක අපේ මුළුමහත් සමාජයටම ෂොක් ට්‍රීට්මන්ට් එකක්(Shock Treatment) දෙමින් ඉන්න වෙලාවක්' කියා. කවුරුත් 'තමන්ගේ එදිනෙදා ජීවිතය පවත්වා ගෙන යාම'

යන දුෂ්කර 'කඹයෙන්' ගැට ගහලා තියෙන, කාටත් රටක්, ජාතියක්, අනාගතයක් ගැන කල්පනා කිරීමට ඉඩකඩ අහිමි වෙලා තිබෙන වෙලාවක තමයි 'ෂොක් ට්‍රීට්මන්ට් එක' දෙන්නේ. මුළුමහත් සමාජයක් ෂොක් ට්‍රීට්මන්ට් එකකට ගොදුරු වුණාම 'වෙන්නේ මොකක්ද?' කියලා හිතන්න ඕනෑකමක්, රුදාවක් නැති වෙලා යනවා. බලන්න, දුම්රිය දෙපාර්තමේන්තුවේ  සිගරට් එකක් මුල්කරගත් ප්‍රශ්නයක් නිසා හදිසි වර්ජනයක් පටන් ගන්නවා. ෂොක් ට්‍රීට්මන්ට් එකට ගොදුරු වී සිටින, දුම්රිය වර්ජනය නිසා දුම්රිය නැතුව ස්ටේෂමේ සිටින දුම්රිය මගියා කියන්නේ 'මේක විකුණලා දාන්න ඕනේ' කියලයි. ඒ වර්ජන ක්‍රියාමාර්ගයයි, ඒකට මගියා දක්වන ප්‍රතික්‍රියාවයි දෙකම එකතු වෙලා අන්තිමට එළියට එන්නේ ආණ්ඩුවට ඕනෙ කතාව.

අද බලශක්තිය, දේශපාලන "ටූල්" එකක්!

ඒ වගේම අපි දන්නවා ලිට්රෝ සමාගම කියන්නේ පාඩු ලබන රාජ්‍ය සමාගමක් නොවන බව. එමගින් බිලියන 6ක පමණ ලාභාංශයක් මහා භාණ්ඩාගාරයට දෙනවා. අද මේ ආණ්ඩුව ඒක 'ගෙඩිය පිටින් දෙන්න' ගැනුම්කරුවකු එනතුරු බලා ඉන්නවා. මේක ඉතාමත් බරපතලයි. බලශක්තිය හා බැඳුණු ආයතන ඉවක් බවක් නැතිව විදේශීයකරණය කළාම මේ රටේ දේශපාලන ස්වාධිපත්‍යයට බරපතළ අවදානමක් අනාගතයේ දී ඇති වෙනවා. නිදසුනක් ලෙස සිකීමය දෙස බලන්න. සිකීමය එක වෙලාවක ඔවුන්ගේ පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් සම්මත කරගන්න හදනවා, චීනය සමග එකතු වීමට. මේක දැනගත් වහාම ඉන්දියාව එම යෝජනාව සිකීමයේ පාර්ලිමේන්තුවට එන්න කලින් තමන්ගෙන් විදුලිය හා ගෑස් ලබාගන්නා  සිකීමයට එම සැපයුම් නතර කරනවා. එතැනදී බලශක්ති සැපයුම ඉදිරියට දමලා ඉන්දියාව තමන්ට වුවමනා දේ කරගන්නවා. ගෝඨාභය රාජපක්ෂ පාලනයට මෙවැනි ඉරණමක් අත්වීමට ගොඩක් හේතු තිබුණත් ඒ අතරේ 'ගෑස් ටැංකි පුපුරන එක' ආසන්නතම හේතුවක් වුණේ නැද්ද? රනිල් වික්‍රමසිංහ ආවාට පස්සෙ එක ගෑස් ටැංකියක්වත් පුරන්නේ නැහැනේ. ඒ නිසා තේරුම් ගන්න, අද බලශක්තිය කියන්නේ දේශපාලන ටූල් එකක්. යම් රටක තමන් අකමැති පාලනයක් නම් තිබෙන්නේ එක පෙරළා දමන්න මේ ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්.

ඉන්දියාව අතට යන මිල්කෝ

අද මේ රාජ්‍යය සතු ඉතාමත් වටිනා සම්පතක් වන මිල්කෝ සමාගම ඉන්දියාවේ රාජ්‍ය සමුපකාර සමාගමක් වූ අමූල් සමාගමට දෙන්න හදනවා. අපි දන්නවා මිල්කෝ කියන්නෙත් පාඩු ලබන, හොම්බෙන් යන රාජ්‍ය සමාගමක් නොවෙයි කියා. දැන් බලන්න, ඉන්දියානු රාජ්‍ය සමුපකාර සමාගමකට ලංකාවට ඇවිත් මිල්කෝ සමාගම පවත්වාගෙන යන්න පුළුවන්; නමුත් අපට බැහැ. මේ ආණ්ඩුව අද මේ අර්බුදය පාවිච්චි කරනවා රාජ්‍යය සතු සංවේදී ආයතන සියල්ල විදේශිකයන්ට දීලා, ඒකෙන් 'අතයට කුට්ටියක්' අරන් සෑහීමට පත්වෙන්න. ඒ කරලා ඔවුන් ජනතාවට කියනවා, 'මේවා අපට පවත්වාගෙන යන්න බැහැ. ඒ නිසා පෞද්ගලීකරණයට යන්න වෙනවා. රාජ්‍ය වියදම වැඩියි නේ' කියා. රාජ්‍ය වියදම අඩු කරගන්නේ ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණන් කාලා ද?

හරි ප්‍රතිපත්තියක හිටගත්තොත්...

දැන් බලන්න, 'එක් තීරයක් - එක් මාවතක්' ජාත්‍යන්තර ව්‍යාපෘතිය හා බැඳුණු ඉතියෝපියාව වසර පහක පමණ කාලයක් තුළ ඉතාමත් විශාල සංවර්ධනයක් ලබාගන්නවා. ඒ රටේ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට අද විදුලි දුම්රිය පවා යොදා ගැනෙනවා. ඒ වගේම ගෝත්‍රික මරාගැනීම් පවා තිබුණු රටක් වූ රුවන්ඩාව ද අද වනවිට විශාල සංවර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. එම රටවල් කෙලින් හරි ප්‍රතිපත්තියක හිටගත්තු නිසා, ඒ ප්‍රතිපත්තිය මත ඉඳගෙන නිවැරැදි තීන්දු ගත්තු නිසා අද එවැනි ප්‍රගතියක් අත් කරගෙන තිබෙනවා.

ඉන්දියාව 05 වැනි ආර්ථික බලවතා වූ හැටි!

අද ඉන්දියාව ලෝකයේ පස්වැනි ආර්ථික බලවතා බවට පත්ව සිටිනවා. නමුත් 1991 වන විට ඉන්දියාවේ තිබුණේ සතියකට අවශ්‍ය සංචිත ටික විතරයි. ඒ කියන්නේ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සඳහා සතියකට සෑහෙන්න මුදල පමණයි ඉන්දියාවේ සංචිතවල තිබුණේ. අද අපි මුහුණ පා සිටින අර්බුදයට සමාන හෝ ඊටත් වඩා වැඩි ආර්ථික අර්බුදයකටයි ඉන්දියාව 1991දී මුහුණ දුන්නේ. එවකට ඉන්දියානු අගමැති වජ්පායි මහතා, ඉන්දියානු ආර්ථික විශේෂඥයෙකු වූ මන්මෝහන් සිංට මුදල් අමාත්‍ය ධුරය දුන්නා. ඉන්දියාව එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියත් ඒ සඳහා අවශ්‍ය සැලසුම හැදුවේ මන්මෝහන් සිං ප්‍රමුඛ ඉන්දියානු ආර්ථික විශේෂඥ කණ්ඩායම විසිනුයි. ඔවුන් හදපු සැලැස්මට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ කරවා ගැනීමයි එදා ඉන්දියාව කළේ. ඉන්දියාව එදා ගත්තු දිගුකාලීන ආර්ථික මූලෝපායික තීරණ නිසා තමයි අද ලෝකයේ පස්වැනි ආර්ථික බලවතා බවට පත්ව සිටින්නේ. නමුත් මේ රටේ පාලකයන් ගනිමින් සිටින්නේ, අපි අද සිටින්නේ 'හතරගාතෙන් වැටිලා' නම්, හෙට 'හොම්බෙන් යෑමට' සිදු වන තීන්දුයි. එහෙම තැනකට රට ඇදලා දමන සැලැස්මක් තමයි මේ අයට ඇත්තේ.

රටම බද්දේ ගොදුරක් බවට...

ලබන අවුරුද්දෙ වැට් බද්ද  සියයට 18ක් කිරීමට සූදානම් වන ආණ්ඩුව, බදු නොගෙවා පැහැර හරින අයගේ ෆයිල් හොයාගෙන ඒවා අය කරගන්න බලන්නේ නැහැ. ලේසිම වැඩේ තමයි රටේ සියලුදෙනාම බද්දේ ගොදුරක් බවට පත්කිරීම. ලබන අවුරුද්ද කියන්නේ බදු බර තව වැඩි වන අවුරුද්දක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා තව දවස් කීපයකින් මුදල් ඇමැතිවරයා හැටියට උජාරුවට අයවැය අරගෙන පාර්ලිමේන්තුවට එනවා. ඒකෙ වෙන කිසිවක් නැහැ. තිබෙන්නේ බදු කොහොමද තව වැඩි කරන්නේ? ජනතාව කොහොමද තව තවත් පීඩාවට පත් කරන්නේ? කියන එක විතරයි. 'ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් තුන්වැනි ණය වාරිකයත් ගත්තාම අපිට පුළුවන් ආයෙත් ණය ගන්න. එහෙම අරන් ජනාධිපතිවරණය කිට්ටු කරලා කෙටිකාලීන සහන ටිකක් දීලා, අපි තමයි වැඩ්ඩෝ කියලා පෙන්නුවාම හරි' වැනි ඉතාමත් පටු අරමුණකින් යන ගමනක් තමයි මේ පාලකයන්ට තිබෙන්නේ. අද මේ ඉතාමත් පටු අරමුණකින් ගැන ගමනට කිසිදු විචාර බුද්ධියකින් තොරව අත් ඔසවන තැනකට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් වැටිලා තිබෙනවා.

"දකුණු ආසියාවේ එකම රට : මහා භාරතය?"

අප ඉහත කී බොහෝ ලාභ ලබන රාජ්‍ය ආයතන මිලදී ගැනීමට සූදානම්ව සිටින්නේ ඉන්දියානු සමාගම් විසිනුයි. දැන් බලන්න, ඉන්දියානු මුදල් ඇමැතිවරිය පසුගියදා ලංකාවට ආවා. ඇය ජයසිරි මහා බෝ සමිදුන්, දළදා හාමුදුරුවන් වැඳ පුදා ගත්තා, මහනායක හිමිවරුන් බැහැ දුටුවා. එහි වරදක් නැහැ. නමුත් මීට කලින් එහෙම කරනවා අපි දැකලා නැහැ. ඒ අතරේ දැන් ඉන්දියාව අපට කියනවා, 'යාත්‍රා සේවයක් තිබෙනවා ඉන්දියාවට ගිහින් දවසින් එන්න පුළුවන්. චිත්‍රපටියක් බලලා, සාරියකුත් ගන්න පුළුවන්, කියලා. ඉන්දියාව විශ්වාස කරනවා, 'දකුණු ආසියාවේ තිබිය යුත්තේ එකම රටයි. ඒ තමයි මහා භාරතය. ලංකාව ඇතුළු අනෙක් රටවල් මහා භාරතයේ කොටස්' කියා. ඉන්දියාව මේ මානසිකත්වය ඇතුළේ ඉඳගෙන, අපේ මේ ආර්ථික අර්බුදය මැද්දේ, ඔවුන්ගේ අරමුණ ඉටුකර ගන්න බලනවා.

රනිල්ගේ 'වහ බෝතලය' එපා!

අපට ජාතියක් ලෙස දශක තුන හතරක් තිස්සේ දිගේලි වුණු යුද්ධයකින් එළියට එන්න පුළුවන් වුණා. ඒ මහා බිහිසුණු අවධිය පසු කරලා මේ රට යළි සුරක්ෂිත රටක් බවට පත් කිරීමට පුළුවන් වුණා. ඒ නිසා අපේම වූ සැලැස්මකින් - න්‍යාය පත්‍රයකින් මේ ආර්ථික වළෙන් ගොඩඑන්න පුළුවන්. එහෙම නැතුව වික්‍රමසිංහ ආණ්ඩුව 'තිත්ත කසාය කියා අපට පොවන වහ බෝතලයට' අපි තවදුරටත් ඉඩ තැබිය යුතු නැහැ.

නිවැරදිම පියවර...

ඒ වගේම අපි අවධාරණය කරනවා, 'උත්තර ලංකා සභාගය ඉදිරි ජනාධිපතිවරණයේදී අප අදහන ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවන්න ගතහැකි නිවැරදිම පියවර ගන්නවා. ඒ ගැන තමුන්නාන්සේලා කිසිදු සැකයක් තියාගන්න එපා!' කියලා. මේ රට ගැන හැඟීමක්, දැනීමක් නැති පරාධීන නායකයන්ගෙන් මේ රටට බලාපොරොත්තු විය හැක්කේ මෙවැනි බිහිසුණු ඉරණමක් පමණයි.

ඒ නිසා ඒ සාම්ප්‍රදායික මොඩලය පැත්තකට දමලා මේ පොළොව ඉල්ලන විදිහේ සැබෑ ප්‍රතිපත්තියක්, සැබෑ වැඩපිළිවෙළක්, සැබෑ නායකත්වයක් ඇතුව මේ තීරණාත්මක කඩඉම පසු කරන්න උත්තර ලංකා සභාගය සූදානම්"

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ







සම්බන්ධිත පුවත් | Related News

ඉදිරි සති දෙක තුළ ආනයනය කළ ලුණු තොගයක් දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලු‍ණු සමාගම පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් කොළඹින් නිවසක් සොයමින් සිටින බව සමගි ජන බලවේග ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.
කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.
(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)
හිටපු රුසියානු ජනාධිපතිවරයා මෙන්ම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපතිවරයා වන දිමිත්‍රි මෙදෙව්දෙව් දීර්ඝ තීසීයක් ඉදිරිපත් කරමින් නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.
නව නාසිවාදී බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට උපහාර පුදන 'යුගන්ධර' විජයග්‍රහණයේ රණවිරු ප්‍රණාමය මැයි 18 වැනි දා සවස 3 ට කොළඹ 07 පදනම් ආයතනයේ දී පැවැත් වේ.
ලංකා විදුලිබල මණ්ඩලය පාඩු බව ඔප්පු කිරීම සඳහා චේතාන්විතවම ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවත්, ජනවාරි මාසය තෙක්ම ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබා ඇති බව දත්ත අනුව පැහැදිලි වන බවත්, ජනවාරියේ සිට අප්‍රේල් මාසය දක්වා එහි පාඩුව රුපියල් කෝටි 2000ක් වී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
පේරාදෙණිය විශව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව විශ්ව විද්‍යාල පාලන අධිකාරය තහනම් කර ඇති බවට පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.