News Category
From Date
To Date
Maximum Number of Result

අමෙරිකාව 'තායිවානයේ ස්වාධීනත්වයට' ආධාර කිරීම 'ගින්දර සමඟ සෙල්ලම් කිරීමක්" එයින් එක්සත් ජනපදය පුළුස්සා දමනු ඇත!- චීන විදේශ අමාත්‍යාංශ පවසයි

Dec 24, 2024 at 03:44 PM
|

පසුගිය 20 වන සිකුරාදා තායිවානයට ඩොලර් මිලියන 571.3 ක් වටිනා යුදමය වශයෙන් වැදගත් වන ආධාර සහ ඩොලර් මිලියන 295 ක් වටිනා යුද ආයුධ අලෙවි කිරීම අනුමත කිරීමට එක්සත් ජනපදය තීරණය කළේයැයි කියවෙන නිවේදනයට ප්‍රතිචාර වශයෙන්, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පසුගිය 22 වන ඉරිදා පවසා සිටියේ එම තීන්දුව චීනය දැඩි ලෙස හෙළා දකින බවයි. එලෙසම එක්සත් ජනපදයේ මෙම තීන්දුවට චීනය දැඩි ලෙස අප්‍රසාදය මෙන්ම දැඩි විරෝධය සෘජුවම පළ කරන බවද අවධාරණය කර සිටියේය.

චීන ප්‍රකාශකයාට අනුව එක්සත් ජනපදයේ මෙම පියවර එක්-චීන මූලධර්මය සහ චීන-එක්සත් ජනපද ඒකාබද්ධ ප්‍රකාශ ත්‍රිත්වය, විශේෂයෙන් 1982 අගෝස්තු 17 ප්‍රකාශය සහ චීනයේ ස්වෛරීභාවය සහ ආරක්ෂක අවශ්‍යතා උල්ලංඝනය කරන බවයි. මෙම තීරණය "තායිවානයේ ස්වාධීනත්වයට" සහය නොදැක්වීමේ එක්සත් ජනපද නායකයින්ගේ කැපවීම දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර, "තායිවානයේ නිදහස" පිළිගැනීම බෙදුම්වාදී බලවේග වෙත බරපතල වැරදි සංඥාවක් ලබා දෙන බවද පෙන්වා දුන්නේය.

තායිවාන ප්‍රශ්නය චීනයේ මූලික අවශ්‍යතාවල හරය වන අතර, චීන-එක්සත් ජනපද සබඳතා වල පසු කර යා නොහැකි පළමු රතු රේඛාවයි. තායිවානය සන්නද්ධ කිරීමෙන් "තායිවානයේ ස්වාධීනත්වයට" ආධාර කිරීම හුදෙක් ගින්දර සමඟ සෙල්ලම් කිරීමට සමාන වන අතර එය එක්සත් ජනපදය ගින්නෙන් පිලිස්සීමට භාජනය වී  චීනය පාලනය කිරීමට තායිවාන ප්‍රශ්නය භාවිතා කිරීම අසාර්ථක වනු ඇත. ඒ අනුව තායිවානයට ආයුධ සැපයීම වහාම නතර කරන ලෙසත්, තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය අඩාල කරන භයානක පියවර නතර කරන ලෙසත් චීනය එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටින බව එම ප්‍රකාශකයා පැවසුවේය. ජාතික ස්වෛරීභාවය, ආරක්‍ෂාව සහ භෞමික අඛණ්ඩතාව දැඩි ලෙස ආරක්‍ෂා කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග  චීනය  ගන්නා බව එම ප්‍රකාශකයා අවධාරණය කළේය.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් තායිවාන් දූපත සඳහා ඩොලර් මිලියන 571.3 ක ආරක්ෂක ආධාර අනුමත කළ බව ධවල මන්දිරය පසුගිය 20 වනදා තහවුරු කළේය. එදිනම, එක්සත් ජනපදය ඩොලර් මිලියන 295 ක් පමණ වටිනා නාවික හමුදා යාත්‍රා සඳහා නවීකරණය කරන ලද උපායික දත්ත සම්බන්ධක පද්ධති සහ  නාවික යාත්‍රා වල තුවක්කු සවිකිරීමට අවශ්‍ය රඳවන විකිනීමට හැකියාව ඇති  බවද නිවේදනය කළේය.

එක්සත් ජනපද ආණ්ඩුව වෙනස් වීමට පෙර බයිඩන් පරිපාලනයේ නිරන්තර මිලිටරි විකුණුම් සහ ආධාර පියවර සැලසුම් කර ඇත්තේ තායිවානයේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිපත්ති රාමුවට වඩාත් සමීපව අනුගත වන ලෙස මීළඟ පරිපාලනයට බලපෑම් කිරීමට බව චීන යුද විශේෂඥයෝ විශ්වාස කරති. කෙසේ වෙතත්, ඔවුන් තර්ක කරන්නේ මෙම පියවරයන් තායිවාන දිවයිනේ ආරක්ෂක හැකියාවන් කෙරෙහි සීමිත බලපෑමක් ඇති කරන නමුත්  මූලික වශයෙන් එක්සත් ජනපද ආයුධ නිෂ්පාදකයින් පොහොසත් කිරීමට සේවය කරන බවයි.

AFP පුවත් සේවයට අනුව කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් ධවල මන්දිරය නිවේදනය කළේ තායිවානයට සහය වීම සඳහා “ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ආරක්ෂක උපකරණ මෙන්ම සේවාවන් සහ හමුදා අධ්‍යාපනය සහ පුහුණුව ඩොලර් සඳහා මිලියන 571.3ක් දක්වා” වැය කිරීමට බයිඩන් අවසර දී ඇති බව පවසයි.

ඩොලර් මිලියන 571.3 ක මිලිටරි ආධාර පැකේජය පිළිබඳ විස්තර එම කෙටි ප්‍රකාශයෙන් හෙළිදරව් කර නැත. එය මේ වසරේ සැප්තැම්බර් 30 සහ 2023 ජූලි 28 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද ඩොලර් මිලියන 567 සහ ඩොලර් මිලියන 345 ආධාරයට පසුව  ජෝ බයිඩන් තායිවනයට එවැනි යුද ආධාර පිරිනැමූ  තුන්වන අවස්ථාව වන්නේය.

ඩොලර් මිලියන 571.3 ක ආරක්ෂක ආධාර වල සමන්විත වන්නේ කුමක් ද යන්න පිළිබඳ තොරතුරු එක්සත් ජනපදය හෙළි නොකළේ මන්දැයි චීන හමුදා විශේෂඥයෙකු වන සොන්ග් ෂොංපිං ප්‍රශ්න කළේය. තායිවාන අධිකාරියට මිලදී ගැනීම සඳහා ඇමක් ලෙස ආධාර ලබා දී ඇති බව ඔහු පැවසීය. "එය හරියට මම ඔබට පැණිරස ටිකක් දී එයට සමගාමීව ඔබ මුදල් වියදම් කරනවා වගේ." ඔහු පෙන්වා දුන්නේය.

මිට පෙර මේ වසරේ සැප්තැම්බර් මාසයේ පළ වු සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පතේ පලවූ වාර්තාවකට අනුව, තායිවාන් දූපතට ලබා දුන් “ප්‍රයෝජනයට ගත නොහැකි” එක්සත් ජනපද හමුදා උපකරණ අතර පුස් බැඳුනු සන්නාහ සහ කල් ඉකුත් වූ පතොරම් පිළිබඳ ප්‍රශ්නය පිළිබඳව සොයා බලන බව තායිවාන බලධාරීන් පවසා තිබුණි.

අමෙරිකාව තායිවානයට නැව්ගත කර තීබූ ශරීර සන්නාහ තහඩු 3,000 කට වැඩි ප්‍රමාණයක්  ජලයෙන් හානි වී තිබුණු අතර පැලට් 120 ක් සහ “තෙත බරිත වී පුස්වලින් වැසී තිබූ” උපායශීලී කබා 500 ක් ඇතුළත් වූ බව තායිවානය විසින් පැමිණිළි කිරීමෙන් පසු පරීක්ෂණයක් දියත් කළ බව එක්සත් ජනපද පොලිස්පති කාර්යාලය නිලධාරීහු පැවසුහ.

එක්සත් ජනපද රජය පසුගිය 20 වනදා නිවේදනය කළේ මිලිමීටර් 76 ඔටෝකැනන් සහ ලින්ක්-16 පද්ධතිය සඳහා අමතර කොටස් තායිවානය වෙනුවෙන් වැඩිදියුණු කළ බවත් එහි වටිනාකම ඩොලර් මිලියන 295 ක් පමණ වන බවත්ය.

මිලිමීටර් 76 ඔටෝකැනන් සහ වැඩි දියුණු කරන ලද ලින්ක්-16 පද්ධතිය යන දෙකම තායිවාන් දූපතේ පවතින සටන් හැකියාවන් පවත්වා ගැනීමට පමණක් යොදාගත හැකි බවත් තායිවාන හමුදාවේ ප්‍රහාරක හැකියාවන්ට සැලකිය යුතු දියුණුවක් ලබා නොදෙන බව සොන්ග් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

ලින්ක්- 16 යනු NATO සාමාජිකයින් විසින් භාවිතා කරන මිලිටරි උපායික දත්ත ජාලයක කොටසකි. එය ගුවන් යානා, නැව් සහ ගොඩබිම් පාදක වාහනවලට තත්‍ය කාලීන උපායශීලී තොරතුරු පෙළ, රූපය හෝ කටහඬ මගින් බෙදා ගැනීමට ඉඩ සලසන බව මාධ්‍ය වාර්තා කළේය. මිලිමීටර් 76 ඔටෝකැනන් යනු තායිවානයේ නාවික හමුදාව විසින් භාවිතා කරන ලද නාවුක තුවක්කු වර්ගයක් ලෙස හැඳින්වේ.

"එක් දෙයක් පැහැදිලියි. ඇමරිකානු ආයුධ වෙළෙන්දන්ට විශාල මුදලක් ගෙවිය යුතු වනවා මෙන්ම, මෙම මිලිටරි මිලදී ගැනීම් සඳහා මිල බොහෝ විට වෙළඳපල මිලට වඩා බෙහෙවින් වැඩි නිසා තායිවානයට සැලකිය යුතු වියදම් දැරීමට සිදු වෙනවා. මේ ගනුදෙනුවෙන් මූලික වශයෙන් ඇමරිකානු ආයුධ නිෂ්පාදකයින්ට ප්‍රතිලාභ ලැබෙනවා." සොන්ග් පැවසීය.

20 වනදා ප්‍රකාශයට පත් කරන ලද මිලිටරි අලෙවිය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් තායිවානයට ඩොලර් මිලියන 385 ක් පමණ වටිනා F-16 ජෙට් සහ රේඩාර් සඳහා අමතර කොටස් විකිණීම අනුමත කර මාසයකටත් අඩු කාලයක් තුල සිදුවන බව පෙන්ටගනය නොවැම්බර් 29 දා ප්‍රකාශ කළේය.

දෙසැම්බර් 5දා, චීනයේ තායිවාන කලාපයට ආයුධ අලෙවි කරන බවට එ.ජ. නිවේදනයට ප්‍රතිචාර වශයෙන් චීනය එක්සත් ජනපද මිලිටරි සමාගම් 13කට සහ ජ්‍යෙෂ්ඨ විධායකයින් හය දෙනෙකුට එරෙහිව ප්‍රතික්‍රියා කරනු ලැබීය.

තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර එය චීනයේ මූලික අවශ්‍යතාවල හරය වන්නේය. එය තරණය කළ නොහැකි චීන-ඇමරිකා සබඳතාවල පළමු රතු රේඛාවයි. ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීන ජනතාව අධිෂ්ඨාන කරගෙන සිටින බව චීන රජයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක Zhang Xiaogang පසුගිය 21 වනදා චීනයේ හමුදා සහ ආරක්ෂක වර්ධනයන් පිළිබඳ පෙන්ටගන වාර්තාවට ප්‍රතිචාර දක්වමින් පැවසීය.

එක්සත් ජනපදය තායිවානය සමඟ මිලිටරි සබඳතා තීව්‍ර කරමින්, එක්-චීන මූලධර්මය බරපතල ලෙස උල්ලංඝනය කරන ආයුධ අලෙවිය සහ මිලිටරි ආධාර හරහා තායිවාන දූපත සන්නද්ධ කිරීම වේගවත් කරමින් සිටියි. මෙය "තායිවාන් බෙදුම්වාදයේ" උඩඟුකමට ඉන්ධන සපයනු ලබන ක්‍රියාවක් වන අතර තායිවාන සමුද්‍ර සන්ධියේ ආතතීන් උත්සන්න කරන ගැටුම් හා යුද්ධයට තුඩු දිය හැකි ක්‍රියාවක් බව ෂැං පැවසීය.

"තායිවාන නිදහස" නම් සංකල්පය තුළ ඇති බෙදුම්වාදයේ අන්ත අන්තරාය හඳුනා ගැනීමට, ගින්න සමඟ සෙල්ලම් කිරීමේ බරපතල ප්‍රතිවිපාක තේරුම් ගැනීමට, තායිවානය සමඟ ඇති නිල හුවමාරුව නැවැත්වීමට එක්-චීන මූලධර්මය සහ චීන-එක්සත් ජනපද ඒකාබද්ධ ප්‍රකාශ තුනේ විධිවිධානවලට අනුකූල වන ලෙස චීනය එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටී. එලෙසම තායිවාන දූපත සමඟ හමුදා සම්බන්ධතා, සහ "තායිවාන ස්වාධීනත්වය" සටන්පාඨ ඔසවා ගෙන යන බෙදුම්වාදී බලවේගවලට අනුබල දීම සහ සහාය දීම නතර කිරීම සැලකිල්ලට ගෙන එක්සත් ජනපදය වැරදි මාවතක ගමන් නොකළ යුතු බව ෂැං සඳහන් කළේය.

තායිවාන දූපතට අලෙවි කරන ලද එක්සත් ජනපදයේ නිෂ්පාදිත M1A2T යුද ටැංකිවල පළමු කණ්ඩායම දෙසැම්බර් 15 වන දින Kaohsiung හි තිබෙන යුද ටැංකි වලට අවශ්‍ය උපාංග සහ උපකරණ පැමිණීමෙන් පසුව තායිපේ වෙත පැමිණි බව වාර්තා වේ. නමුත් චීන ප්‍රධාන භූමියේ හමුදා විශේෂඥයෙකු පැවසුවේ, මාධ්‍ය හොරණෑවක් ලෙස කටයුතු කරමින්  තායිවාන දිවයිනෙහි "භූමියේ ඇති බලවත්ම සටන් වාහනය" ලෙස හඳුන්වා දී ඇති බවයි. නමුත් දූපත් සටන් සඳහා මෙම යුද උපකරණ ඉතා විශාල හා බර ඒවා වන අතර එය ඩ්‍රෝන යානා සහ හෙලිකොප්ටර් ප්‍රහාර සඳහා පහසු ඉලක්ක ලෙස පමණක් සේවය කරනු ඇත .

තායිවාන දූපතේ "ආරක්ෂක අමාත්‍යාංශය" විසින් එක්සත් ජනපදයෙන් "භූමියේ ඇති බලවත්ම සටන් වාහනය" තමන්ට ලැබුණු බවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කරන ලද විමසීමකට ප්‍රතිචාර වශයෙන්, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian දෙසැම්බර් 16 දා පැවසුවේ, චීනය එක්සත් ජනපදය සහ තායිවාන දිවයිනට එක්සත් ජනපද ආයුධ විකිණීමට විරුද්ධ වනවා මෙන්ම ඔවුන් අතර පවතින මිලිටරි සබඳතාවලට දැඩි ලෙස විරුද්ධ බවයි. මේ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය පැහැදිලි ලෙස පවතින බවද ලින්  අවධාරණය කරයි.

සාම්ප්‍රදායිකව,අමෙරිකානු ජනාධිපතිවරුන්ගේ ධූර කාලය අවසන් වීමට නියමිත එක්සත් ජනපද ජනාධිපතිවරු සැලකිය යුතු රාජ්‍ය තාන්ත්‍රික පියවර ගැනීමෙන් වැළකී සිටිති. එහෙත් බයිඩන් පරිපාලනය විසින් තායිවානයට ආයුධ විකිණීම හෝ ආධාර කිරීම නිතර නිතර අනුමත කර ඇති අතර, තායිවානයේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිපත්තිවලට අනුකූල වන ලෙස මීළඟ පරිපාලනයට බලපෑම් කිරීමේ උත්සාහයක් පෙන්නුම් කරන බව චීන විදේශ කටයුතු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලී හයිඩොං පසුගිය 21 වනදා මාධ්‍ය වෙත පැවසීය.

මීළඟ අමෙරිකානු පරිපාලනය බයිඩන් විසින් සකස් කරන ලද රාමුවෙන් බැහැර වීමට නම්, බයිඩන් ගේ ප්‍රතිපත්ති යටතේ නිර්මාණය කරන ලද අභියෝගවලට විසඳුම් සෙවීමට සැලකිය යුතු උත්සාහයක් ගත යුතු වනු ඇති බව ලින් පැවසීය.

තවද, තායිවාන ප්‍රශ්නය භාවිතා කරමින් චීනයට මුහුණ දීමට වොෂින්ටනයේ උත්සාහයන් තීව්‍ර කිරීම බයිඩන් පරිපාලනයේ නිරන්තර පියවරයන් අරමුනු කර ඇති බව ලී ප්‍රකාශ කළේය. තායිවාන් දූපතට වඩා ප්‍රධාන භූමියට ඇති මිලිටරි වාසිය ඉතා පැහැදිලිය, එක්සත් ජනපදය දැන් තායිවාන කලාපයට ආයුධ ඉතා උනන්දුවෙන් අලෙවි කරන්නේ එබැවිනි. මෙය බිඩෙන් පරිපාලනයේ දැඩි අවුල්සහගත බව පිළිබිඹු කරන බව ලින් පැවසීය.

Arming Taiwan to aid 'Taiwan independence' is like 'playing with fire and will get the US burned,' says Chinese FM

සම්බන්ධිත පුවත් | Related News

හෙළයේ මහැදුරු මහාචාර්ය නලින් ද සිල්වා මැතිඳුන්ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය ඉකුත් දා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
තමන්ව රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් ඉවත් කරන ලද්දේ වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ ආචාර්ය සංගම්වල නියෝජිතයන් සහ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය සංගම් විසින් බව රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.
ජුනි මාසයේ විදුලි ගාස්තු ඉහළ යනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක අනාවරණ කර තිබේ.
අද වන විට මෙරට බියර් සමාගම් සඳහා බදු රහිතව සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබා දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්‍ය සංචාරය අරඹමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇතැයි වාර්තා වෙයි.
පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.