News Category
From Date
To Date
Maximum Number of Result

අමෙරිකාව 'තායිවානයේ ස්වාධීනත්වයට' ආධාර කිරීම 'ගින්දර සමඟ සෙල්ලම් කිරීමක්" එයින් එක්සත් ජනපදය පුළුස්සා දමනු ඇත!- චීන විදේශ අමාත්‍යාංශ පවසයි

Dec 24, 2024 at 03:44 PM
|

පසුගිය 20 වන සිකුරාදා තායිවානයට ඩොලර් මිලියන 571.3 ක් වටිනා යුදමය වශයෙන් වැදගත් වන ආධාර සහ ඩොලර් මිලියන 295 ක් වටිනා යුද ආයුධ අලෙවි කිරීම අනුමත කිරීමට එක්සත් ජනපදය තීරණය කළේයැයි කියවෙන නිවේදනයට ප්‍රතිචාර වශයෙන්, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පසුගිය 22 වන ඉරිදා පවසා සිටියේ එම තීන්දුව චීනය දැඩි ලෙස හෙළා දකින බවයි. එලෙසම එක්සත් ජනපදයේ මෙම තීන්දුවට චීනය දැඩි ලෙස අප්‍රසාදය මෙන්ම දැඩි විරෝධය සෘජුවම පළ කරන බවද අවධාරණය කර සිටියේය.

චීන ප්‍රකාශකයාට අනුව එක්සත් ජනපදයේ මෙම පියවර එක්-චීන මූලධර්මය සහ චීන-එක්සත් ජනපද ඒකාබද්ධ ප්‍රකාශ ත්‍රිත්වය, විශේෂයෙන් 1982 අගෝස්තු 17 ප්‍රකාශය සහ චීනයේ ස්වෛරීභාවය සහ ආරක්ෂක අවශ්‍යතා උල්ලංඝනය කරන බවයි. මෙම තීරණය "තායිවානයේ ස්වාධීනත්වයට" සහය නොදැක්වීමේ එක්සත් ජනපද නායකයින්ගේ කැපවීම දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර, "තායිවානයේ නිදහස" පිළිගැනීම බෙදුම්වාදී බලවේග වෙත බරපතල වැරදි සංඥාවක් ලබා දෙන බවද පෙන්වා දුන්නේය.

තායිවාන ප්‍රශ්නය චීනයේ මූලික අවශ්‍යතාවල හරය වන අතර, චීන-එක්සත් ජනපද සබඳතා වල පසු කර යා නොහැකි පළමු රතු රේඛාවයි. තායිවානය සන්නද්ධ කිරීමෙන් "තායිවානයේ ස්වාධීනත්වයට" ආධාර කිරීම හුදෙක් ගින්දර සමඟ සෙල්ලම් කිරීමට සමාන වන අතර එය එක්සත් ජනපදය ගින්නෙන් පිලිස්සීමට භාජනය වී  චීනය පාලනය කිරීමට තායිවාන ප්‍රශ්නය භාවිතා කිරීම අසාර්ථක වනු ඇත. ඒ අනුව තායිවානයට ආයුධ සැපයීම වහාම නතර කරන ලෙසත්, තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය අඩාල කරන භයානක පියවර නතර කරන ලෙසත් චීනය එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටින බව එම ප්‍රකාශකයා පැවසුවේය. ජාතික ස්වෛරීභාවය, ආරක්‍ෂාව සහ භෞමික අඛණ්ඩතාව දැඩි ලෙස ආරක්‍ෂා කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග  චීනය  ගන්නා බව එම ප්‍රකාශකයා අවධාරණය කළේය.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් තායිවාන් දූපත සඳහා ඩොලර් මිලියන 571.3 ක ආරක්ෂක ආධාර අනුමත කළ බව ධවල මන්දිරය පසුගිය 20 වනදා තහවුරු කළේය. එදිනම, එක්සත් ජනපදය ඩොලර් මිලියන 295 ක් පමණ වටිනා නාවික හමුදා යාත්‍රා සඳහා නවීකරණය කරන ලද උපායික දත්ත සම්බන්ධක පද්ධති සහ  නාවික යාත්‍රා වල තුවක්කු සවිකිරීමට අවශ්‍ය රඳවන විකිනීමට හැකියාව ඇති  බවද නිවේදනය කළේය.

එක්සත් ජනපද ආණ්ඩුව වෙනස් වීමට පෙර බයිඩන් පරිපාලනයේ නිරන්තර මිලිටරි විකුණුම් සහ ආධාර පියවර සැලසුම් කර ඇත්තේ තායිවානයේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිපත්ති රාමුවට වඩාත් සමීපව අනුගත වන ලෙස මීළඟ පරිපාලනයට බලපෑම් කිරීමට බව චීන යුද විශේෂඥයෝ විශ්වාස කරති. කෙසේ වෙතත්, ඔවුන් තර්ක කරන්නේ මෙම පියවරයන් තායිවාන දිවයිනේ ආරක්ෂක හැකියාවන් කෙරෙහි සීමිත බලපෑමක් ඇති කරන නමුත්  මූලික වශයෙන් එක්සත් ජනපද ආයුධ නිෂ්පාදකයින් පොහොසත් කිරීමට සේවය කරන බවයි.

AFP පුවත් සේවයට අනුව කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් ධවල මන්දිරය නිවේදනය කළේ තායිවානයට සහය වීම සඳහා “ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ආරක්ෂක උපකරණ මෙන්ම සේවාවන් සහ හමුදා අධ්‍යාපනය සහ පුහුණුව ඩොලර් සඳහා මිලියන 571.3ක් දක්වා” වැය කිරීමට බයිඩන් අවසර දී ඇති බව පවසයි.

ඩොලර් මිලියන 571.3 ක මිලිටරි ආධාර පැකේජය පිළිබඳ විස්තර එම කෙටි ප්‍රකාශයෙන් හෙළිදරව් කර නැත. එය මේ වසරේ සැප්තැම්බර් 30 සහ 2023 ජූලි 28 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද ඩොලර් මිලියන 567 සහ ඩොලර් මිලියන 345 ආධාරයට පසුව  ජෝ බයිඩන් තායිවනයට එවැනි යුද ආධාර පිරිනැමූ  තුන්වන අවස්ථාව වන්නේය.

ඩොලර් මිලියන 571.3 ක ආරක්ෂක ආධාර වල සමන්විත වන්නේ කුමක් ද යන්න පිළිබඳ තොරතුරු එක්සත් ජනපදය හෙළි නොකළේ මන්දැයි චීන හමුදා විශේෂඥයෙකු වන සොන්ග් ෂොංපිං ප්‍රශ්න කළේය. තායිවාන අධිකාරියට මිලදී ගැනීම සඳහා ඇමක් ලෙස ආධාර ලබා දී ඇති බව ඔහු පැවසීය. "එය හරියට මම ඔබට පැණිරස ටිකක් දී එයට සමගාමීව ඔබ මුදල් වියදම් කරනවා වගේ." ඔහු පෙන්වා දුන්නේය.

මිට පෙර මේ වසරේ සැප්තැම්බර් මාසයේ පළ වු සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පතේ පලවූ වාර්තාවකට අනුව, තායිවාන් දූපතට ලබා දුන් “ප්‍රයෝජනයට ගත නොහැකි” එක්සත් ජනපද හමුදා උපකරණ අතර පුස් බැඳුනු සන්නාහ සහ කල් ඉකුත් වූ පතොරම් පිළිබඳ ප්‍රශ්නය පිළිබඳව සොයා බලන බව තායිවාන බලධාරීන් පවසා තිබුණි.

අමෙරිකාව තායිවානයට නැව්ගත කර තීබූ ශරීර සන්නාහ තහඩු 3,000 කට වැඩි ප්‍රමාණයක්  ජලයෙන් හානි වී තිබුණු අතර පැලට් 120 ක් සහ “තෙත බරිත වී පුස්වලින් වැසී තිබූ” උපායශීලී කබා 500 ක් ඇතුළත් වූ බව තායිවානය විසින් පැමිණිළි කිරීමෙන් පසු පරීක්ෂණයක් දියත් කළ බව එක්සත් ජනපද පොලිස්පති කාර්යාලය නිලධාරීහු පැවසුහ.

එක්සත් ජනපද රජය පසුගිය 20 වනදා නිවේදනය කළේ මිලිමීටර් 76 ඔටෝකැනන් සහ ලින්ක්-16 පද්ධතිය සඳහා අමතර කොටස් තායිවානය වෙනුවෙන් වැඩිදියුණු කළ බවත් එහි වටිනාකම ඩොලර් මිලියන 295 ක් පමණ වන බවත්ය.

මිලිමීටර් 76 ඔටෝකැනන් සහ වැඩි දියුණු කරන ලද ලින්ක්-16 පද්ධතිය යන දෙකම තායිවාන් දූපතේ පවතින සටන් හැකියාවන් පවත්වා ගැනීමට පමණක් යොදාගත හැකි බවත් තායිවාන හමුදාවේ ප්‍රහාරක හැකියාවන්ට සැලකිය යුතු දියුණුවක් ලබා නොදෙන බව සොන්ග් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

ලින්ක්- 16 යනු NATO සාමාජිකයින් විසින් භාවිතා කරන මිලිටරි උපායික දත්ත ජාලයක කොටසකි. එය ගුවන් යානා, නැව් සහ ගොඩබිම් පාදක වාහනවලට තත්‍ය කාලීන උපායශීලී තොරතුරු පෙළ, රූපය හෝ කටහඬ මගින් බෙදා ගැනීමට ඉඩ සලසන බව මාධ්‍ය වාර්තා කළේය. මිලිමීටර් 76 ඔටෝකැනන් යනු තායිවානයේ නාවික හමුදාව විසින් භාවිතා කරන ලද නාවුක තුවක්කු වර්ගයක් ලෙස හැඳින්වේ.

"එක් දෙයක් පැහැදිලියි. ඇමරිකානු ආයුධ වෙළෙන්දන්ට විශාල මුදලක් ගෙවිය යුතු වනවා මෙන්ම, මෙම මිලිටරි මිලදී ගැනීම් සඳහා මිල බොහෝ විට වෙළඳපල මිලට වඩා බෙහෙවින් වැඩි නිසා තායිවානයට සැලකිය යුතු වියදම් දැරීමට සිදු වෙනවා. මේ ගනුදෙනුවෙන් මූලික වශයෙන් ඇමරිකානු ආයුධ නිෂ්පාදකයින්ට ප්‍රතිලාභ ලැබෙනවා." සොන්ග් පැවසීය.

20 වනදා ප්‍රකාශයට පත් කරන ලද මිලිටරි අලෙවිය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් තායිවානයට ඩොලර් මිලියන 385 ක් පමණ වටිනා F-16 ජෙට් සහ රේඩාර් සඳහා අමතර කොටස් විකිණීම අනුමත කර මාසයකටත් අඩු කාලයක් තුල සිදුවන බව පෙන්ටගනය නොවැම්බර් 29 දා ප්‍රකාශ කළේය.

දෙසැම්බර් 5දා, චීනයේ තායිවාන කලාපයට ආයුධ අලෙවි කරන බවට එ.ජ. නිවේදනයට ප්‍රතිචාර වශයෙන් චීනය එක්සත් ජනපද මිලිටරි සමාගම් 13කට සහ ජ්‍යෙෂ්ඨ විධායකයින් හය දෙනෙකුට එරෙහිව ප්‍රතික්‍රියා කරනු ලැබීය.

තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර එය චීනයේ මූලික අවශ්‍යතාවල හරය වන්නේය. එය තරණය කළ නොහැකි චීන-ඇමරිකා සබඳතාවල පළමු රතු රේඛාවයි. ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීන ජනතාව අධිෂ්ඨාන කරගෙන සිටින බව චීන රජයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක Zhang Xiaogang පසුගිය 21 වනදා චීනයේ හමුදා සහ ආරක්ෂක වර්ධනයන් පිළිබඳ පෙන්ටගන වාර්තාවට ප්‍රතිචාර දක්වමින් පැවසීය.

එක්සත් ජනපදය තායිවානය සමඟ මිලිටරි සබඳතා තීව්‍ර කරමින්, එක්-චීන මූලධර්මය බරපතල ලෙස උල්ලංඝනය කරන ආයුධ අලෙවිය සහ මිලිටරි ආධාර හරහා තායිවාන දූපත සන්නද්ධ කිරීම වේගවත් කරමින් සිටියි. මෙය "තායිවාන් බෙදුම්වාදයේ" උඩඟුකමට ඉන්ධන සපයනු ලබන ක්‍රියාවක් වන අතර තායිවාන සමුද්‍ර සන්ධියේ ආතතීන් උත්සන්න කරන ගැටුම් හා යුද්ධයට තුඩු දිය හැකි ක්‍රියාවක් බව ෂැං පැවසීය.

"තායිවාන නිදහස" නම් සංකල්පය තුළ ඇති බෙදුම්වාදයේ අන්ත අන්තරාය හඳුනා ගැනීමට, ගින්න සමඟ සෙල්ලම් කිරීමේ බරපතල ප්‍රතිවිපාක තේරුම් ගැනීමට, තායිවානය සමඟ ඇති නිල හුවමාරුව නැවැත්වීමට එක්-චීන මූලධර්මය සහ චීන-එක්සත් ජනපද ඒකාබද්ධ ප්‍රකාශ තුනේ විධිවිධානවලට අනුකූල වන ලෙස චීනය එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටී. එලෙසම තායිවාන දූපත සමඟ හමුදා සම්බන්ධතා, සහ "තායිවාන ස්වාධීනත්වය" සටන්පාඨ ඔසවා ගෙන යන බෙදුම්වාදී බලවේගවලට අනුබල දීම සහ සහාය දීම නතර කිරීම සැලකිල්ලට ගෙන එක්සත් ජනපදය වැරදි මාවතක ගමන් නොකළ යුතු බව ෂැං සඳහන් කළේය.

තායිවාන දූපතට අලෙවි කරන ලද එක්සත් ජනපදයේ නිෂ්පාදිත M1A2T යුද ටැංකිවල පළමු කණ්ඩායම දෙසැම්බර් 15 වන දින Kaohsiung හි තිබෙන යුද ටැංකි වලට අවශ්‍ය උපාංග සහ උපකරණ පැමිණීමෙන් පසුව තායිපේ වෙත පැමිණි බව වාර්තා වේ. නමුත් චීන ප්‍රධාන භූමියේ හමුදා විශේෂඥයෙකු පැවසුවේ, මාධ්‍ය හොරණෑවක් ලෙස කටයුතු කරමින්  තායිවාන දිවයිනෙහි "භූමියේ ඇති බලවත්ම සටන් වාහනය" ලෙස හඳුන්වා දී ඇති බවයි. නමුත් දූපත් සටන් සඳහා මෙම යුද උපකරණ ඉතා විශාල හා බර ඒවා වන අතර එය ඩ්‍රෝන යානා සහ හෙලිකොප්ටර් ප්‍රහාර සඳහා පහසු ඉලක්ක ලෙස පමණක් සේවය කරනු ඇත .

තායිවාන දූපතේ "ආරක්ෂක අමාත්‍යාංශය" විසින් එක්සත් ජනපදයෙන් "භූමියේ ඇති බලවත්ම සටන් වාහනය" තමන්ට ලැබුණු බවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කරන ලද විමසීමකට ප්‍රතිචාර වශයෙන්, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian දෙසැම්බර් 16 දා පැවසුවේ, චීනය එක්සත් ජනපදය සහ තායිවාන දිවයිනට එක්සත් ජනපද ආයුධ විකිණීමට විරුද්ධ වනවා මෙන්ම ඔවුන් අතර පවතින මිලිටරි සබඳතාවලට දැඩි ලෙස විරුද්ධ බවයි. මේ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය පැහැදිලි ලෙස පවතින බවද ලින්  අවධාරණය කරයි.

සාම්ප්‍රදායිකව,අමෙරිකානු ජනාධිපතිවරුන්ගේ ධූර කාලය අවසන් වීමට නියමිත එක්සත් ජනපද ජනාධිපතිවරු සැලකිය යුතු රාජ්‍ය තාන්ත්‍රික පියවර ගැනීමෙන් වැළකී සිටිති. එහෙත් බයිඩන් පරිපාලනය විසින් තායිවානයට ආයුධ විකිණීම හෝ ආධාර කිරීම නිතර නිතර අනුමත කර ඇති අතර, තායිවානයේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිපත්තිවලට අනුකූල වන ලෙස මීළඟ පරිපාලනයට බලපෑම් කිරීමේ උත්සාහයක් පෙන්නුම් කරන බව චීන විදේශ කටයුතු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලී හයිඩොං පසුගිය 21 වනදා මාධ්‍ය වෙත පැවසීය.

මීළඟ අමෙරිකානු පරිපාලනය බයිඩන් විසින් සකස් කරන ලද රාමුවෙන් බැහැර වීමට නම්, බයිඩන් ගේ ප්‍රතිපත්ති යටතේ නිර්මාණය කරන ලද අභියෝගවලට විසඳුම් සෙවීමට සැලකිය යුතු උත්සාහයක් ගත යුතු වනු ඇති බව ලින් පැවසීය.

තවද, තායිවාන ප්‍රශ්නය භාවිතා කරමින් චීනයට මුහුණ දීමට වොෂින්ටනයේ උත්සාහයන් තීව්‍ර කිරීම බයිඩන් පරිපාලනයේ නිරන්තර පියවරයන් අරමුනු කර ඇති බව ලී ප්‍රකාශ කළේය. තායිවාන් දූපතට වඩා ප්‍රධාන භූමියට ඇති මිලිටරි වාසිය ඉතා පැහැදිලිය, එක්සත් ජනපදය දැන් තායිවාන කලාපයට ආයුධ ඉතා උනන්දුවෙන් අලෙවි කරන්නේ එබැවිනි. මෙය බිඩෙන් පරිපාලනයේ දැඩි අවුල්සහගත බව පිළිබිඹු කරන බව ලින් පැවසීය.

Arming Taiwan to aid 'Taiwan independence' is like 'playing with fire and will get the US burned,' says Chinese FM

සම්බන්ධිත පුවත් | Related News

රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.
විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉතා නින්දිත ආකාරයෙන් ගලවා ඉවත් කළ බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා සිදුකරන ලද්දේ හුදෙක් රංගනයක් පමණක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසති.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.