News Category
From Date
To Date
Maximum Number of Result

රම්ප්ගේ "යුක්රේන සාම සැලැස්ම" අසාර්ථක වනු ඇත- රුසියානු හමුදාවේ විශ්‍රාමික කර්නල් Mikhail Khodarenok

Nov 12, 2024 at 03:36 PM
|

(Ukrainian President Volodymyr Zelensky and US President-elect Donald Trump. ©  Alex Kent/Getty Images)එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ උපදේශකයින් රුසියාව සහ යුක්රේනය අතර ගැටුම අවසන් කිරීම සඳහා නව සැලැස්මක් සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව පෙනේ. පසුගිය සතියේ එළි දැක්වූ Wall Street Journal පුවත් පත 

මේ සම්බන්ධයෙන් වන මූලික හෙළිදරව්ව වාර්තා කරන ලදී.

ඉදිරි ආරක්ෂක වලල්ල දිගේ කෙරෙණ හමුදා මෙහෙයුම් නතර කිරීම, හමුදා මුක්ත කලාපයක් නිර්මාණය කිරීම සහ කියෙව් පාලනය අවම වශයෙන් වසර 20ක්වත් නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නේ නැති බවට සහතිකයක් ලබාදීම මෙම යෝජනාවලට ඇතුළත් වේ. ඒ අතරම, බටහිර රටවල් යුක්රේනයට ආයුධ සැපයීම දිගටම කරගෙන යනු ඇත.

Wall Street Journal පුවත්පතට අනුව, ජනවාරි මාසයේ යෙදෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනපති පදවි ප්‍රාප්තියේ සමාරම්භක දිනය වන විට යුද්ධය අවසන් කරන බවට ට්‍රම්ප්ගේ පොරොන්දුව මේ වන විට ඔහු වටා පොදු අදහසකින් එක්සත් වූ උපදේශකයින් ඉදිරිපත් කරන තරඟකාරී යෝජනා සහ  වර්තමාන ජනාධිපති ජෝ බයිඩන් ධූරයේ  සිටිනතාක් කියෙව් වෙත ආයුධ සහ මිලිටරි උපකරණ සැපයීමේ සැලසුම් වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීම යන යෝජනා අතරින් තෝරා ගැනීමේ තත්වයට ඩොනල්ඩ් ට්‍රම්ප්ව පත් කර තිබේ.

ට්‍රම්ප් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය පුරාවටම , බයිඩන්ගේ යුක්රේනය සම්බන්ධ කටයුතු හැසිරවීම  පිළිබඳව තියුනු ලෙස විවේචනය කළ අතර, එය තුන්වන ලෝක යුද්ධයට අවතීර්ණ වීමේ සම්භාවිතාවය ඉහළ නංවන බවට අනතුරු ඇඟවීම කරනු ලැබුවේය. එලෙසම, කියෙව් පරිපාලනය විසින් එක්සත් ජනපදය සපයන ආයුධවලින් ඩොලර් බිලියන ගනනක් වංචා කර ඇති බවටද අනතුරු ඇඟවීය.

මෙම වසර මුලදී, ට්‍රම්ප්ගේ උපදේශකයින් වන කීත් කෙලොග් සහ ෆ්‍රෙඩ් ෆ්ලීට්ස් (ඔහුගේ පළමු ධූර කාලය තුළ ට්‍රම්ප්ගේ පරිපාලනයේ සේවය කළ) රුසියාව සමඟ සාම සාකච්ඡා සඳහා කියෙව් පාලනය එකඟ වන තෙක් යුක්රේනයට ආයුධ සහ හමුදා උපකරණ සැපයීම අඩු කිරීමේ සැලැස්මක්ද ඉදිරිපත් කළහ.

Wall Street Journal පුවත් පත දක්වන මූලාශ්‍රවලට අනුව සන්නද්ධ ගැටුම විසඳීමේ නව යෝජනාවට ප්‍රධාන කරුණු කිහිපයක් ඇතුළත් වේ. වඩාත් සරල වචන වලින් පවසන්නේ නම්, යෝජනා මගින් ට්‍රම්ප් මුලින් දක්වා තිබුණු අදහස් යම් පමණකට පහත දක්වා ඇති පරිදි වාෂ්ප කර තිබේ.

ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වය විසින් මේවන විට අත්පත් කරගෙන සිටින ස්ථාන අරමුණු කරගනිමින් සතුරුකම් නතර වනු ඇතැයි ඔවුහු උපකල්පනය කරති. මෙයින් අදහස් කරන්නේ ඉදිරි ආරක්ෂක වලල්ල ආශ්‍රිත කර ගනිමින් එය දිගේ යුද මුක්ත කලාපයක් නිර්මාණය කිරීමයි.

යුක්රේනය හිමිකම් කියන භූමි ප්‍රදේශයෙන් කොටසක් රුසියාව විසින් පාලනය කරනු ඇත. එයට අමතරව, ඉදිරි දශක දෙක තුළ නේටෝවට බැඳීමට උත්සාහ නොකරන බවට කියෙව් පාලනය පොරොන්දු විය යුතුය. යුක්‍රේනයේ පොරොන්දුවට ප්‍රතිඋපකාර වශයෙන් එක්සත් ජනපදය යුක්රේනයට අවි සහ යුධ උපකරණ සැපයීම දිගටම සිදු කරනු ඇත. ඒ අතරම, Wall Street Journal පුවත්පතේ මූලාශ්‍රවලට අනුව, ට්‍රම්ප් තවමත් ගැටුම විසඳීමේ අවසාන සැලැස්ම අනුමත කර නොමැති අතර ඔහුගේ සමීපතම උපදේශකයින් සමඟ එය දිගටම සාකච්ඡා කිරීමට අදහස් කරයි.

යුද මුක්ත කලාපය කෙබඳු වනු ඇත්ද?

Wall Street Journal පුවත් පත විසින් වාර්තා කර ඇති නව බෙරුම්කරණ සැලැස්ම, බොහෝ ප්‍රශ්න මතු කරනු ලබන්නේය. ආරම්භක පියවරේදී යුද මුක්ත කලාපය කෙබඳු වනු ඇත්ද? (අවම වශයෙන් එහි ජ්‍යාමිතික මානයන් සඳහන් කළ යුතුය). එසේම එය ක්‍රිමියානු අර්ධද්වීපය ඇතුළුව රුසියාවේ සියලුම නව ප්‍රදේශවලට ව්‍යාප්ත වේද යන්න පවා පැහැදිලි නැත.

යුද මුක්ත කලාපයේ සම්භාව්‍ය නිර්වචනයට අනුව, මෙම භූමියේ ස්ථානගත හමුදා කඳවුරු ඇතුලු සියළු යුදමය යටිතල පහසුකම් ඉවත් කළ යුතු අතර යුද හමුදා ඒකක පිහිටවීම සහ සන්නද්ධ හමුදා යෙදවීම, භූමිය යුදමය වශයෙන් ශක්තිමත් කිරීම සහ ඒ මත සටන් හා මෙහෙයුම් පුහුණු ක්‍රියාකාරකම් පැවැත්වීම සපුරා තහනම්ය. බොහෝ දුරට, මොස්කව් පලනය  සහ කියෙව් පාලනය ට්‍රම්ප් සැලැස්ම ඉදිරිපත් කරන පළමු වටයේදීම මෙම යෝජනාවට එකඟ නොවී ඔවුන්ගේ මිලිටරි යටිතල පහසුකම් ඉවත් කිරීම නිශ්චිතවම ප්‍රතික්ෂේප කරනු ඇත.

මෙම විශේෂිත කාරණයේදී දෙපක්ෂයේ හමුදා වෙන් කිරීම පමණක් අරමුණු කරන්නේ නම් ඉදිරි ආරක්ෂක වලල්ල  පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෙනත් දේ අතර, සාම සාධක භට කණ්ඩායමක් සිටීම අවශ්‍ය වේ. මේ සඳහා එක්සත් ජනපද හමුදා ඒකක යුක්රේනයට යැවීමට ධවල මන්දිරය අදහස් නොකරන බව වොෂින්ටනය දැනටමත් පැහැදිලි කර ඇත.ඒ අනුව විකල්ප වශයෙන් බටහිර යුරෝපීය රටවල් වලට සම්බන්ධ විය හැකිය. Wall Street Journal පුවත් පත ඉදිරිපත් කරන වාර්තාව සැලකීමේදී, ඕනෑම සාම සාධක හමුදාවක සංයුතිය සහ ප්‍රමාණය, අණ දෙන අය කවුරුන්ද සහ මෙම හමුදාවන්ගේ නීතිමය තත්ත්වය කුමක් විය හැකිද යන බොහෝ ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු දීමට තවමත් නොහැකි වී තිබේ.

එබැවින්, “යුද මුක්ත කලාපය” යන යෙදුම භාවිතා කිරීම අපහසු නැති නමුත් මෙය ප්‍රායෝගිකව සහ සවිස්තරාත්මකව ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න විස්තර කිරීම ඇමරිකානු පාර්ශවයට ගැටළු සහගත බව පෙනේ.

නෛතික තත්ත්වය සහ සම්බන්ධයෙන් කුමක් කිව හැකිද?

ට්‍රම්ප්ගේ සැලැස්මේ ඇති මීළඟ මතභේදයට තුඩු දෙන කරුණ නම්, "රුසියාව යුක්රේන භූමියෙන් කොටසක්  පාලනය කරනු ඇත." යන කරුණයි. එයට අනුව යුක්‍රේන භූමියට අයත් හරියටම කුමන කොටසද?,  එහි නීත්‍යානුකූල තත්ත්වය විස්තර කළ හැක්කේ කෙසේද? සහ මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් කියෙව්ගේ ස්ථාවරය කුමක්ද? යන්න පැහැදිලි කිරීමට ඉතිරිව ඇත. (වෙනත් වචන වලින් කිවහොත්, ට්‍රම්ප්ගේ සැලැස්මේ මෙම උපකල්පනය සමඟ යුක්රේනය එකඟද?). මේවා කිසිවක් පැහැදිලි නැත.

ඊළඟ කාරණය යෝජනා අනුව, යුක්රේනය ඉදිරි වසර 20 සඳහා නේටෝවට බැඳීමට උත්සාහ නොකරනු ඇත. මෙවැනි යෝජනා අධ්‍යනයේදි, මෙම නිබන්ධනය ඉතා විහිළුවක් ලෙස හැඟී යාම වැලැක්විය නොහැක.

වෙනත් වචන වලින් කිවහොත්, මෙම කාරණයේ සියලු වගකීම් බ්‍රසල්ස් පාලනයට සහ වොෂින්ටන් පාලනය මතට නොව කියෙව් වෙතට මාරු කරනු ලැබේ. උදාහරණයක් ලෙස - NATO වෙත අයදුම් නොකරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. මෙහි අදහස කෙටියෙන් කිවහොත්, "අපි ඔවුන්ගෙන් බොරු නොකියන ලෙස ඉල්ලා සිටිමු, නමුත් ඔවුන් බොරු කියනු ඇත."

නැවතත්, අවුරුදු 20 ක කාල පරාසය පමණක් යෝජනා වන්නේ ඇයි?. මෙම නිශ්චිත කාල රාමුව සඳහා සාධාරණීකරණය කුමක්ද?. එවැනි කාල පරාසයක් හොතනින් පැමිනෙන්නේද?. එයට පිළිතුර වන්නේ මෙම යෝජනාව පදනම්ව ඇත්තේ ඇලෙක්සැන්ඩර් ඩූමාස්ගේ 1845 එළි දැක්වුණු සුප්‍රසිද්ධ නවකතාව වන "Twenty Years After" නවකතාවද?.

අවසාන වශයෙන්, ඊට ප්‍රතිචාර වශයෙන්, එක්සත් ජනපදය යුක්රේනයට ආයුධ සහ මිලිටරි උපකරණ සැපයීම දිගටම කරගෙන යනු ඇත. වැදගත්ම කරුණ මෙයයි. මක්නිසාද යත්, වොෂින්ටනය යුක්රේනයට හමුදා උපකරණ සැපයීම නැවැත්වියහොත්, යුද මුක්ත කලාපයක් නොමැතිව යුද්ධය හෙට අවසන් වනු ඇත.

කියෙව් සමඟ ගිවිසුමකට එළඹිය හැකිද?

ට්‍රම්ප්ගේ සැලැස්ම අධ්‍යනය කිරීමේදී පෙනෙන්නට තිබෙන වැදගත්ම දෙය නම්, සැලැස්මේ කතුවරුන් මොස්කව් හෝ කියෙව් පාලන තන්ත්‍රයන් සමඟ කිසිදු ආකාරයකින් සම්බන්ධීකරණය කර නැති බවයි. යුක්‍රේන- රුසියා ගැටුමට විසඳුම් සෙවීමේදී යුක්රේනියානුවන්ගේ හැසිරීම ප්‍රධානතම ගැටලුව වනු ඇත. මන්ද ඕනෑම සාම මුලපිරීමක් ක්‍රියාත්මක කිරීමට තිබෙන ප්‍රධාන බාධාව වන්නේ කියෙව්හි පරම උමතු සහ ප්‍රමාණවත් නොවන මිලිටරි-දේශපාලන නායකත්වයයි (Tomahawk මිසයිල ලබා ගැනීම සඳහා වන ඉල්ලීම් ඇතුළුව ඔවුන්ගේ මෑත කාලීන ක්‍රියාවන් සියල්ල මත පදනම්ව නිරපේක්ෂව නිශ්චිතව ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් විනිශ්චය කළ හැකිය.)

තවත් එක උදාහරණයක් සලකා බලමු. හිටපු යුක්රේන ජනාධිපති Pyotr Poroshenko, එක්සත් ජනපද මැතිවරණයෙන් පසුව, 'රතු ඉරි' පහක් සම්බන්ධයෙන් අදහස්  දැක්වීය. ඔහුට අනුව, යුක්රේනයේ ස්වාධීනත්වය පිලිබඳ සම්මුතියක් නැත, "රුසියාවේ බලපෑම් කලාපයට" නැවත යුක්‍රේනයේ පැමිණීමක් නැත; කියෙව් කිසි විටෙකත් රුසියානු පාලනයට යටත් වූ භූමි ප්‍රදේශ අත් නොහරිනු ඇත; යුක්රේනය ‘එහි සන්නද්ධ හමුදාවන්ගේ ධාරිතාව සීමා කිරීමට’ එකඟ නොවනු ඇත, මන්ද යුක්‍රේන හමුදාව යනු ‘යුක්රේන රාජ්‍යයේ පැවැත්ම පිළිබඳ වඩාත්ම විශ්වාසදායක සහ ඵලදායී සහතික කරන්නා’ ය; යුක්රේනයට තම භූමියේ ‘සම්පූර්ණ විමුක්තිය’ ලැබෙන තුරු, ‘සම්මුතියක් ඇති කර ගැනීමට හෝ සම්බාධක ඉවත් කිරීමට එකඟ වීමට’ නොහැකිය.

ඇත්ත වශයෙන්ම, Pyotr Poroshenko ගේ ප්‍රකාශයන් යුක්‍රේන දේශපාලන පන්තියේ මනෝභාවය ඉතා නිවැරදිව පිළිබිඹු කරන අතර කියෙව්ගේ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම රාජ්‍යයේ සැබෑ හැකියාවන්, එහි බලවේග සහ මාධ්‍යයන් මත පදනම් නොවන ප්‍රකාශ සමූහයක් ලෙස නිරූපනය කරනු ලබයි.

ට්‍රම්ප්ගේ ඕනෑම සාම සැලැස්මක පළමු කරුණ ලෙස මෙවැන්නක් මෙවැන්නක් අඩංගු කළේ එබැවිනි: “පළමුවෙන්ම, අපි කොන්ත්‍රාත්තු ඉටු කිරීමට සමත් නායකත්වයක් කියෙව් පාලන බලයට ගෙන ආ යුතුය. වැදගත්ම දෙය නම්, සාධාරණ සහ සුදුසු පුද්ගලයින් තනතුරු වලට පත් විය යුතුය. ඕනෑම තත්වයක් පිළිබඳව සාකච්ඡා සහ සම්මුතින්ට එළඹීම කළ හැක්කේ එවිට පමණි.

Mikhail Khodarenok යනු RT.com හි හමුදා විචාර රචනා කරන ලේඛකයෙකි. ඔහු විශ්‍රාමික කර්නල්වරයෙකි. ඔහු රුසියානු සන්නද්ධ හමුදාවන්හි ප්‍රධාන කාර්ය මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරියෙකු ලෙස සේවය කළේය.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස 

Trump’s reported Ukraine peace plan is doomed to fail

සම්බන්ධිත පුවත් | Related News

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 130ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 07 වනදා සිදුකිරීමට ලංසු කැදවයි.
හෙළයේ මහැදුරු මහාචාර්ය නලින් ද සිල්වා මැතිඳුන්ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය ඉකුත් දා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
තමන්ව රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් ඉවත් කරන ලද්දේ වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ ආචාර්ය සංගම්වල නියෝජිතයන් සහ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය සංගම් විසින් බව රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.
ජුනි මාසයේ විදුලි ගාස්තු ඉහළ යනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක අනාවරණ කර තිබේ.
අද වන විට මෙරට බියර් සමාගම් සඳහා බදු රහිතව සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබා දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්‍ය සංචාරය අරඹමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇතැයි වාර්තා වෙයි.
පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.

ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.